රාජපක්‍ෂ පවුලේ බල අරගලයක්.. ද්වන්ධ සටනක්…

April 30, 2022 at 12:00 pm | lanka C news
රාජපක්‍ෂ පවුලේ බල අරගලයක්.. ද්වන්ධ සටනක්…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් විය යුතු බවට මහ සඟ සමුළුවක් කැඳවා සංඝ සම්මුතියක් නිකුත් කරන බවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට සියලුම පක්ෂ නායකයන් කැඳවා ඇති බව ද කී උන්වහන්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් ඒ සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇතැයි කියා සිටියහ.

මහ නාහිමියන් ඇතුළු ආගමික නායකයන්ගේ උපදෙස් ජනාධිපතිවරයා විසින් පිළිගෙන අග්‍රාමාත්‍යවරයා ඉවත් විය යුතු බවත් ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද පැවසූ සෝපිත හිමියෝ අග්‍රමාත්‍යවරයා මහ නාහිමිවරුන්ගේ මතය නොසලකා හරි තත්ත්වයකට පත්ව ඇතැයි ද දචහන් කලහ.

අද මේ වන විට දැන් රාජපක්ෂ පවුල තුළ ද්වන්ධ සටනක් බල අරගලයක් ඇති වී තිබෙන බව උන්වහන්සේ කියා සිටියහ.

මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ අදහස් පල කරන ලදී.

100,732 views

23 Comments to “රාජපක්‍ෂ පවුලේ බල අරගලයක්.. ද්වන්ධ සටනක්…”

  1. Nimal says:

    ඕමල්පේ සෝභිත හිමියෝ is Patali Champika Ranawaka’s henchman 🙂

  2. චන්ද දායක says:

    #GOTA GO HOME # එක # MAHINDA GET OUT# කියන එකට ලස්සනට මාරුකරා. මාර බඩු තමයි.

  3. Gihan says:

    Sobitha. Mahanayake.
    Thera.
    Very clear orientation. Go ahead.

  4. දේසේ හැටියට වාසේ,.! says:

    සමස්ත දේශපාළුවන් විසින් වංචාදූශණ වසාගැනීම සඳහා සිදුකරනා පාවාදීමි,. කුමන්ත්‍රණ හරහා බළයේ රුදීසිටිම විරුද්ධව වහාම කටයුතු කිරීම සඳහා සමස්ථයේ අරගළයට ව්‍රෘතිකයන්ද සමස්තයට සිංහදජය යටතේ එක්රොක්වී සමස්ථ දූෂිතයන් වහාම පළවා හැර සමස්ත පාළන ක්‍රමය වහාම නොපමාව යාවත්කාලීන කළයුතුයි,.!

  5. පවුලේ නම්බුව says:

    මහින්ද මහත්තයගෙ නෝන සහ පුත්තුන්ගෙ වගේම වටේ ඉන්න ඇමතියො ගැන ජනතා ප්‍රසාදය නැති නිසා තමයි උගත් මිනිස්සු ගේන පොරොන්දුව මත ගොටාට මිනිස්සු ඡන්දෙ දුන්නෙ. මහින්දගෙ සොහොයුරා නිසා ඡන්දෙ දුන්නයි කියල කියන අයට කියන්න තියෙන්නෙ ඇයි මිනිස්සු අනෙක් සොහොයුරන් අපේක්ෂකත්වයට නොගත්තෙ කියන ප්‍රශ්නයයි. අනික ගෝටා විතරයි වැදගත් පවුලක් ලෙස මේ අය අතරින් පෙනෙන්න තිබ්බෙ. ගෝටාගේ නෝනයි පුතයි බොහොම නිහතමානියි. ඒත් දැන් එතුමාත් නම්බු පිටින් ආ රටට ගියා නම් නම රැකෙනවා.

    • RITIGALA says:

      yes…..mahinda ge namin balawath wela ratama huran kapu thakkadi epa nisai gota genawe….eth gota wa ratwattapu mahinda ,basil saha parana horau tika gon kabral ekka ekathu wela ratama kala damma..

  6. සත්‍ය says:

    මහින්ද ඉවත්විය යුතු තමයි. හැබැයි අනුර,සජිත් දෙපලම අන්තර්වාර පාලනය ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ ඔවුන්ද මහනායක හිමි වරුන්ගේ උපදෙස් ප්‍රතික්ෂේප කරනවා. පාඨලී අන්තර් පාලනයට කැමතිද? ඕමල්පෙ හිමි ඒව ගැන කථා නෑ.. මුන් ඔක්කොම කපටි මුර්ගයෝ. එකෙක්වත් ජනතාව ගොඩ දාන්න එකතු වෙන්නෙ නෑ . එක එක ඇජෙන්ඩාවල ඉදන් කෙප්ප අතහරිනවා

  7. Hora Gudda says:

    Sri Lanka is in a very deep economic crisis. IMF appears playing for Time probably under instructions from the high-flying Western member countries, and if it takes further 3 months for IMF to give even a ‘Bridging Loan’ of say 2 billion USD, by that time there could be a huge ‘blood shed’ in SL. The economic crisis SL is facing ritght now due to huge Thefts, Embezzlement of funds, Fraud and Corruption by both Rajapasas and priviousMaithri/Rani./Karu Jayasuriya/Rajitha/chamipika Ranawaka Govt, has pushed SL over the edge to a huge Economic Hell Hole from which no one can ever say how SL is going to get out.

    • Check how Greece did says:

      Unlike thugs of all political parties, the current protesters in Galle Face are well disciplined . If there’s any bloodshed, it is being planned by political thugs from present government. Cause majority of them cannot talk sense as they are so uneducated. Sri Lankans, who have the highest literacy rate in South Asia have been controlled by hooligans who have been educated maximum to fifth grade.

  8. Haritha says:

    තමන්ට චන්දෙ දීපු මිනිස්සු දුක් විඳින හැටි දැක දැකත් පවුලේ බූදලයක් වගේ බලෙන් රට අල්ලාගෙන ඉන්න අයියයි මල්ලියි

  9. ජුනයිඩ් says:

    J.V.P. ශෝභිත, ඕමල්පෙ නෙවෙයි. කැම්පස් කාලෙ ජෙප්පංගෙ පදේට අහුවෙලා.

  10. ප්‍රේමකීර්ති ගේ සාක්කිය. says:

    Soobitha himi nodutu mokpura

Main News