රාජපක්ෂ පාලනයේම ලක්ෂණ යහපාලනයේත්..- IMA
November 11, 2017 at 8:02 am | lanka C news
ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල අවහිර කිරීම නූතන ලෝකය තුළ වාරණය පසුගාමී තත්ත්වයක් යයි අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය සදහන් කරයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
‘නූතන ලෝකය තුළ වාරණය පසුගාමී තත්ත්වයක්‘
ලංකාව තුළ අන්තර්ජාල සේවා පහසුකම් සපයන එක් ප්‍රධාන සේවා ආයතනයක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් සේවාව(SLT) ඇතුලු අන්තර්ජාල සේවා සපයන ප්‍රධාන ආයතන සියල්ලන්ගේම සේවා තුළින් (ISPs) ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ලංකාව තුළදී පහසුවෙන් පිවිසීමට නොහැකි වන අයුරින් පසුගිය 8වනදා සිට අවහිර වී තිබීම අන්තර්ජාල මාධ්‍ය ක්රියාකාරීත්වයේ විශේෂ අවධානයට ලක්ව තිබේ.
එසේම ඕනෑම අන්තර්ජාල ප්රකාශණයක් අවහිර කිරීම, වාරණය කිරීම, පිවීසීමට නොහැකි වන ලෙස තාක්ෂණික ව්‍යාකූලතා ඇතිකීරීම ට තරයේ විරුද්ධ වන අප ක්‍රියාකාරීත්වය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මෙසේ අවහිර කිරීම තරයේ හෙළා දකිමු.
වාරණය වැනි පසුගාමී ක්‍රියාවන් වත්මන් ඩිජිටල් ලෝකය තුළ පිළිනොගැනෙන තත්ත්වයක් තුළ වත්මන් යහපාලන ආණ්ඩුව එවැනි උත්සහයන් ගන්නේ නම් ඉන් සිදුවන්නේ ප්‍රකාශණයේ නිදහසට බාධා කිරීම පමණක් නොව ඩිජිටල්, නිදහස් අන්තර්ජාල සමාජය ඉදිරියේ පසුගාමී පාලනයක් බවට පත්වීම පමණි.
කෙසේ නමුත් ලංකාව තුළ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පහසුවෙන් පිවිසීම අවහිර වී ඇති තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී වාතාවරණය සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව, ජනමාධ්‍ය අමාත්‍යංශය සහ විදුලි සංදේශණ නියාමන කොමිෂන් සභාව විදිමත් ප්රකාශණයක් සිදු කළ යුතුව තිබේ. එසේ නොවන්නේ නම් විවෘත ආණ්ඩුකරණයක් සදහා ලංකාව තුළ සිදුවන යම් සාකච්ඡාවන්ට යහපාලනය ද එල්ල කරනුයේ මරු පහරක් බවට අපගේ පිළිගැනීමයි.
අනෙක් කරුණ නම් කිසියම් අන්තර්ජාල ප්රකාශණයක් විසින් ආණ්ඩුවක් විවේචනය කිරීමේදී ඒ ගොනුකරන කරුණු පිළිබද සංවේදී වනවා වෙනුවට එය මර්දනය කිරීමෙන් පෙන්නුම් කරන්නේ ප්රජාතන්ත්රවිරෝධී රාජපක්ෂ පාලනයේම ලක්ෂණ ‘යහපාලනයද‘ පෙන්නුම් කරමින් සිටිනවා යන්නය. එය ‘යහපාලන‘ මූලධර්මයන්වලට නොවටිනා දෙයකි. එසේම කිසිදු නීතිමය හේතුවක්, අධිකරණ නියෝගයක් නොමැතිව රටක් තුළ මෙවැනි ක්‍රියාවන් සිදුවන්නේ නම් එයින් තර්ජනයට ලක්වන්නේ ඒ සමාජයේ ප්රජාතන්ත්රවාදයයි. මාධ්‍ය නිදහසයි.
2015 ජනවාරි 8වනදා බලයට පත් වූ යහපාලන ආණ්ඩුව විසින් එවකට ලංකාව තුළ වාරණය කර තිබූ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය, ලංකා නිව්ස් වෙබ් ඇතුලු වෙබ් අඩවි 5ක වාරණය ඉවත් කරමින් සිය ඉදිරිගාමී තත්ත්වය පෙන්නුම් කළ ද, දැන් නැවතත් ඊ නිව්ස් වෙබ් අඩවිය අවහිර කිරීම මගින් පෙන්වා ඇත්තේ බියකරු අනාගතයක පෙරනිමිතිය.
එබැවින් පසුගිය වසර කිහිපය පුරා අන්තර්ජාල ප්රකාශණයන්වලට වත්මන් ආණ්ඩුව විසින් එල්ල්කරන, කරමින් ඇති චෝදනා සැලකිල්ලට ගැනීමේදී මෙරට මාධ්‍ය නිදහසට, අන්තර්ජාල නිදහසට මෙන්ම ප්රජාතන්ත්රවාදයට, ලංකා ඊ නිව්ස් අවහිර කිරීම මගින් පෙන්නුම් කරන්නේ බරපතල අනතුරු ඇගවීමකි.
එම නිසා මේ සිදුකරමින් ඇති අත්තනෝමතික, යහපාලන විරෝධී, මර්දනකාරී තත්ත්වය වෙනස් කරගනිමින්, ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ට පිවිසීමට ඇති බාධා, අවහිර කිරීම් ඉවත් කිරීමටත්, අන්තර්ජාල නිදහසත්, මාධ්‍ය නිදහසත් ආරක්ෂා කිරීමට කැපවන ලෙසත්, එමෙන්ම ඩිජිටල් ලෝකය තුළ ‘හුදකලා පාලකයන්‘ නොවී, ‘යහපාලනය‘ සදහා වන සිය කැපවීමත්, නූතන ඩිජිටල් ලෝකයට ඇති තමන්ගේ උනන්දුවත් ක්‍රියාවෙන් පෙන්නුම් කරන ලෙස අප දැඩි සේ ඉල්ලා සිටිමු.
සම්පත් සමරකෝන්
කැදවුම්කරු
We know better than you. It’s a boomerang
ඕක රට හරකෙක් කියන්න ඕනෙද? හම්බන්තොට දෙකේ කොල්ලෙක් ගෙන් අහන්න. මං රට කනවා.
During MR era most of LTTE affiliated web site were effected. That also government did it openly. No other political (local) websites were effected
correct