රාජපක්ෂ පාලනය දිගටම තිබුනා නම් අනාගත පරම්පරාවට රටක් ඉතිරි වන්නේ නෑ..

January 18, 2018 at 8:40 am | lanka C news
රාජපක්ෂ පාලනය දිගටම තිබුනා නම් අනාගත පරම්පරාවට රටක් ඉතිරි වන්නේ නෑ..

ඩී.එස්. සේනානායක පටන් රනිල් වික‍්‍රමසිංහ දක්වා සියළුම එජාප නායකයින් පක්ෂ භේද නොසලකමින්, සෑම ජන කොටසකටම තනිව නැගී සිටීමට උපකාර කළ බව ඇමති දයා ගමගේ අවධාරණය කරයි.

එහෙත්, පසුගිය පාලන සමයේදී සිදු වූයේ, ජනතාවට අල්ලස් දෙමින්, ඔවුන් භේදබින්න කරමින්, ජාතිවාදය අවුස්සා ඡන්ද ලබා බලයට පැමිණි රාජපක්ෂවරුන් සහ සහචරයින් නීතිවිරෝධී මාර්ගවලින් ඔවුන්ගේ මඩිය තර කර ගැනීම පමණක් බව ඔහු පෙන්වා දී සිටී.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රදේශයේ පැවති එජාප ප‍්‍රචාරක රැලි අමතමින් ඇමතිවරයා එම අදහස් පළ කළේය.

රට බේරා ගැනීමට පොදු අපේක්ෂකයෙකු ජයග‍්‍රහණය කරා මෙහෙයවීමක් සිදු නොවූයේ නම්, රාජපක්ෂ පාලනය දිගටම පැවතීමෙන්, අනාගත පරම්පරාවට රටක් ඉතිරි නොවීමට ඉඩ තිබූ බව ඔහු පැවසීය.

රට වැටී තිබූ සෑම අවස්ථාවකදීම එජාපය බලය ලබාගෙන එම තත්ත්වයෙන් රට මුදවා, සංවර්ධනය කරා ගෙන ගිය බව හෙතෙම සිහිපත් කර සිටියේය.

වත්මන් පාලනය යටතේ පක්ෂය සංවර්ධනයට දායකත්වය ලබා දෙන්නේ පළාත් සභා හෝ පළාත් පාලන ආයතනවල හෝ බලය නොමැතිව බවද ඔහු පෙන්වා දුන්නේය.

තවදුරටත් අදහස් දක්වමින් ගමගේ මහතා කියා සිටියේ, මේ වන විට අම්පාර දිස්ති‍්‍රක්කයට සියයට 100ක විදුලි සැපයුමක් ලබා දෙන බවත්, මෙම වසර අවසන් වීමට පෙර ජල සැපයුම ද සියයට 100ක් දක්වා වැඩි කරන බවත්ය.

ශී‍්‍රලපොප කි‍්‍රයාකාරිකයෙකුව සිටි අජිත් චන්ද‍්‍රදාස මෙහිදී එජාපයට එක් වීම විශේෂ සිදු වීමක් විය.

– ජෝර්ජ් ද සිල්වා

34 views

14 Comments to “රාජපක්ෂ පාලනය දිගටම තිබුනා නම් අනාගත පරම්පරාවට රටක් ඉතිරි වන්නේ නෑ..”

  1. Nandasoma says:

    මෙයා කථා කරන්නෙ මැරිල ඉපදිලා වගේනෙ…!

    මහින්ද නොහිටින්න උඹල අද ජීවතුන් අතරත් නැහැ හලෝ….!!

    ඒක නෙමෙයි තියෙන කුහකකම….!!!

  2. Kings says:

    අනාගත පරම්පරාවට රටක් නැති කරන්නෙ මේ ඉන්න කාලකන්නි යගපාලන කියාගන්නා අයම තමයි. මාගම්පුර වරාය වික්ක. මත්තල විකුනන්න දඟලනව. ක්‍රීඩා පිටි ටිකයි, කැලෑටිකයි ,බැංකු ටිකයි, තෙල් ටැංකියි විකුනන්න දත් කනව. මේ ඡන්දෙ තොපි දිනුවොත් නං රටක් නැහැ තමයි අනාගත පරම්පරාවට.

Main News