රාජපක්ෂ පාලනය වෙනස් කිරිම ‘යහපාලන’ ව්‍යාජ ධජය යටතේ ඇමරිකාව වැඩපිලිවෙලක්.. – ලෝක සමාජවාදි වෙබ් අඩවිය

February 18, 2017 at 4:40 pm | lanka C news
රාජපක්ෂ පාලනය වෙනස් කිරිම ‘යහපාලන’ ව්‍යාජ ධජය යටතේ ඇමරිකාව වැඩපිලිවෙලක්.. – ලෝක සමාජවාදි වෙබ් අඩවිය

වමාංශික මෙන්ම ප්‍රධාන දේශපාලන ධාරවන් දිගින් දිගටම ප්‍රකාශ කලේ මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දැමිම ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒමට කරනු ලැබු විප්ලවයක ජයග්‍රහණයක් කියාය.

ඒත් සෑමවිටම ලෝක සමාජවාදී වෙබ් අඩවිය ප්‍රකාශ කලේ රාජපක්ෂ පාලනය චීනය සමග ඇති වැඩි නැඹුරුව ඔබාමා පාලනය නොරිස්සිමේ ප්‍රතිඵලයක් නිසා රාජපක්ෂ රජය පෙරලීමට ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි. මෙය “යහලානය” නැමති ව්‍යජ ධජය යටතේ කරනු ලැබු ඇමරිකානු සුපුරුදු වර්ණ විප්ලවය හරහා ඇමරිකානු නොරිස්සු පාලනය වෙනස් කිරීමේ වැඩපිළිවෙළ බවයි.

ඔබාමා රජය යටතේ හිලරි ක්ලින්ටන් විසින් රාජපක්ෂ වෙත එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිසම හරහා යුධ අපරාධ චෝදනා එල්ල කරමින් ශ්‍රීලංකාව ලෝකයේ හුදකලා කිරිමට අවශ්‍ය ජාත්‍යන්තර මෙහෙයුම් ආරම්භ කරන ලදි. ඒ හරහා චීනයේ යුද බලය දකුණු ආසියානු කලාපයේ සිමාකිරිමට නම් රාජපක්ෂ පාලනය චීනයන් ඈත් කල යුතු බවට තීරණය විය.

මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම රටතුල එවකට ශ්‍රීලංකාවේ සිටි ඇමරිකානු තානාපතිවරිය වන මිචේල් සීසෙන් මහත්මිය විසින් සම්බන්ධීකරණය සිදු කරන ලදි. ඇය විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ මෙන්ම මාධ්‍යම පාන්තික සාමාජය නියෝජන කිරිම සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යපාරය (එනම් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝගේ සභාපතිත්වය දැරු) සමඟ සම්බන්ධ වුනි.

ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවහොත් මහින්ද රාජපක්ෂ පරාජය කල නොහැකි බව චන්ද්‍රිකා කුමාරතුංග විසින් රනිල් වික්‍රමසිංහට දැනුම් දිමෙන් මෙන්ම එසේ ඉදිරිපත් වන්නේ නම් මුස්ලිම් කොන්ග්‍රසය සහ දෙමළ සංධාන සහයෝගය සම්බන්ධව ගැටලු ඇති බව ප්‍රකාශ කිරිමෙන් අනතුරුව ඇය විසින්ම මහින්ද පැරදවීමට ඔහුගේ කිට්ටුවන්තම කැබිනට් සගයා තෝරා ගැනිමට අවශ්‍ය කටයුතු යොදන ලදි.

දිගින් දිගටම රාජපක්ෂ පාලනයට විරුද්ධව දූෂණය මෙන්ම පවුල්වාදය සම්බන්ධ චෝදනා මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝගේ “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යපාරය” මෙන්ම විශ්ව විද්‍යාලය ආචාර්යවරුන්ගෙන් සමන්විත “පුරවැසි බලය” විසින් දියත් කොට රාජපක්ෂවරුන්ගේ ජනතා ප්‍රසාදය විනාශ කරමින් සිදු කල අතර සිංහල බලවේගයක් වන ජාතික හෙල උරුමය මෙන්ම වමාංශික බලවේගයක් වන ජනතා විමුක්ති පෙරමුණ මෙම සටනට සම්බන්ධ කරගැනීමට චන්ද්‍රිකා කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ සමත් විය.
ඇමරිකාවේ ඔබාමා පාලනයට අවශ්‍ය තිබුණේ රාජපක්ෂ පැරදවීම පමණක් නොව ඉන්පසුද පසුගිය වසර දෙක තුල වොෂින්ටන් පාලනය ක්‍රියාත්මක වූයේ රාජපක්ෂවරුන් සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඉවත් කිරිමයි. එ සඳහා ඔහුන් ඇමරිකාවේ සිට සිරිසේන ජනාධිපති සමඟ ඉතා සිරුවෙන් එම කටයුත්ත අධීක්ෂණය කලේය.

අවසාන වශයෙන් ලෝක සමාජයවාදි වෙබ් අඩවිය පවසන්නේ අවුරුදු දෙකක් ගතවී ඇති මේ රජය විසින් ඉතා ජනප්‍රිය “යහපාලන” බැනරය යටතේ බලය ලබාගෙන ජනතාවගේ සුභසිද්ධියට අවශ්‍ය කිසිවක් නොකළ ඇමරිකානුන්ගේ කලාපිය දේශපාලන හා යුද උපායමාර්ග ඉටුකිරීමට පත්කල ආණ්ඩුවක් බවයි.

මූලාශ‍්‍රය මෙතනින්

22 views

3 Comments to “රාජපක්ෂ පාලනය වෙනස් කිරිම ‘යහපාලන’ ව්‍යාජ ධජය යටතේ ඇමරිකාව වැඩපිලිවෙලක්.. – ලෝක සමාජවාදි වෙබ් අඩවිය”

  1. Desapremiya says:

    laksha 62 moda haththata meka therenna kanna kos kola denna one.

  2. Aruna says:

    Please translate & publish this News….all public should know this

  3. Nawoda says:

    Laksha hata dekaka bath kana harak innawa kiyanne esemese ganakda?Manda buddhikayo ralak ekka innawa wage thama.Goda enna yodabala weeriya ona.

Main News