රාජපක්ෂ යුගයේදී පොලිස්පතිලාට දිනපතාම සර්ලාගෙන් කෝල් දුසිම් ගණන් ආවා.. දැන් එකක් දුන්නම මොකද..

December 13, 2016 at 1:20 pm | lanka C news
රාජපක්ෂ යුගයේදී පොලිස්පතිලාට දිනපතාම සර්ලාගෙන් කෝල් දුසිම් ගණන් ආවා.. දැන් එකක් දුන්නම මොකද..

ජාතිවාදය ගැන කථා කරන කිසිම පුද්ගලයෙකු බෞද්ධයෙකු නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

බෙිරුවල අයි.එල්.එම් සම්සුදීන් විද්‍යාලයේ පැවැති උත්සවයකට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව කියා සිටියේය.

බස්නාහිර පළාත් සභාවෙන් වෙන් කරන ලද රුපියල් ලක්ෂ 130 ක මුදලක් වැය කරමින් ඉදිකරන ලද විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීෙමි අවස්ථාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

“නව රජය බිහි කළේ පැවැති සමාජ ක්‍රමය වෙනස් කිරීම සදහායි. එතෙක් ගතානුගතික ක්‍රම භාවිත කළා. එම නිසා තමයි රට නොදියුණු වුයේ. මම කිසිම දිනෙක පක්ෂ ගණන් ගන්නේ නැහැ. මෙි රටේ ජාතිවාදය ඇති කළේ දේශපාලන පක්ෂ විසින්. සෑම දිනකම ජාතිය, ආගම, කුලය, පෙරමුණ ගෙන කටයුතු කළා රට විනාශ කළේ බලය ලබාගැනීමටයි. ජාතිවාදය ද්‍රඩිඩ, මුස්ලිම්, ජාතීන් අතර ද පවතිනවා. දරුවන්ගේ මොළයටත් මෙම ජාතිවාදය ඇතුලු කර රට විනාශ කිරීමට උත්සාහ කරන්නේ දේශපාලනඥයින් විසින්. යුද්ධයෙන් ත්‍රස්තවාදය තුරන් කරන්න පුළුවන්. නමුත් සාමය ගේන්න බැහැ. සාමය ගේන්න පුළුවන් නායකයෙකු පසුගිය කාලයේ රජය තුල හිටියේ නැහැ. එවැනි බුද්ධියක් හිටපු නායකයින්ට තිබුනෙත් නැහැ. අපේ රටේ කැරළි ඇති වුනේ දේශපාලනඥයින් නිසයි. වසර 02 කට පෙර හිටපු ජනාධිපතිවරයා මැතිවරණය පැවැත්වූයේ ජනතාවගේ වාසනාවටයි. එයට අපි සාර්ථකව මුහුණ දුන්නා. 1970 සිට මෙි දක්වා ව්‍යවස්ථා සංශෝධන ඇති කළේ රාජ්‍ය නායකයාට වාසි සහගත ලෙසයි. නමුත් වර්තමාන ජනාධිපතිවරයා තම බලතල වෙනස් කරමින් දන්දීෙමි ක්‍රමයක් ආරම්භ කර තිඛෙනවා. එයයි යහපාලනයේ වෙනස.

පසුගියදා දා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා චෝදනාවලින් නිදහස් කර යළි නඩු පැවැරුෙවි නීතිපති වරයා විසින්. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ අධිකරණය ස්වාධීන වුයේ නැහැ. වර්තමානයේ නිවැරදි හෝ වැරදි ලෙස අධිකරණය විසින් තීන්දු තීරණ ලබාදෙනවා. පොලිිස්පති වරයාට ලැබුනු දුරකථන ඇමැතුමක් පිළිබදව සමාජ කථිකාවතක් ඇති වී තිඛෙනවා. රාජපක්ෂ පාලන සමයේ දී හිටපු පොලිස්පතිවරුන්ට දිනපතා සර්ලාගෙන් දුරකථන ඇමැතුම් දුසිම් ගණන් ලැබුනා. දැන් එහෙම වන්නේ නැහැ.”

– නිපුන් ඒකනායක

0 views

6 Comments to “රාජපක්ෂ යුගයේදී පොලිස්පතිලාට දිනපතාම සර්ලාගෙන් කෝල් දුසිම් ගණන් ආවා.. දැන් එකක් දුන්නම මොකද..”

  1. toilet mouth rajitha palayan yamapalanaya aragana prabakaran apayata……

  2. janaka says:

    මේ වගේ බුරුවෙක්, ලංකාවේ දේශපාලුවෝ ලෝකෙට විහිළුවක්

  3. Toma says:

    Loku Dathai Podi Dathai koranne toilet godadana eka ne

  4. dickie bird says:

    Why must there be even (01) call if it is Yahapalanaya ??????????

  5. wije says:

    Muuta tiyenne balu katak hamavelawema ballek wage buranawa. kiyanna ona kata nemi kiyanne. lankawe thiyenne gaanu (kaantha) desapalanayak. ekane nohakiyawa wahaganna hamawelawema anunganama katakaranne. munta tiyenne Mahinda bhitikawa. Mahinda lankawata karapu deyen dasamayak mun kalada.

  6. HR says:

    මේ වගේ බුරුවෙක්, ලංකාවේ දේශපාලුවෝ ලෝකෙට විහිළුවක්

Main News