රාජපක්ෂ සමයේ සොරකම් කල මුදල් සැගවූ තැන් සොයාගත්තා…- තලතා හෙලි කරයි…
March 20, 2022 at 3:20 am | lanka C news
රාජපක්ෂ පාලන සමයේ වංචා කරන ලද මුදල් ඇත්තේ කොහිදැයි යන්න පිළිබඳ කරුණු යහපාලන සමයේදී සිදු කරන ලද විමර්ශනයන් වලදී අනාවරණය වූ අයුරු හිටපු අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කරයි.
යූ ටියුබ් නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මෙම කරුණු හෙළිකර තිබේ.
මේ පිළිබඳ තමන් සහ එවක මහජන ආරක්ෂක අමාත්‍යංශය භාරව කටයුතු කළ රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා සහ නිලධාරීන් පිරිසක් අතර පැවති හමුවකදී මෙම කරුණු තමන් එම කරුණු දැනගත් බව ඇය පැවසිය.
ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුවේ මුදල් සම්බන්ධයෙන්ද ඇය මෙහිදී කරුණු දක්වයි.
මේ අතර ඇය නියෝජනය කරන සමගි ජන බලවේගය පක්ෂය සහ එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිබදව ද අදහස් දක්වා ඇති තලතා අතුකෝරාළ මන්ත්‍රීවරිය පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සිය නායකයා ලෙස පිළිගන්නා නමුත් ඔහු අඩුපාඩු රැසකින් යුක්ත පුද්ගලයෙකු බවය.
වර්තමානයේ ඇතිවී තිබෙන කිසිවකට යහපාලන ආණ්ඩුව වගකිව යුතු නැති බව පෙන්වා දී ඇති මන්ත්‍රීවරිය විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවද අවධාරණය කරයි.
විධායක ජනාධිපති ධුරය මානසික රෝගියෙකු අතට පත් වුවහොත් අත්විය හැකි අහිතකර ප්‍රතිවිපාක සම්බන්ධයෙන් කොල්වින් ආර් ද සිල්වා මහතා මීට බොහෝ කලකට පෙර අනාවැකි පළකරමින් ප්‍රශ්න කළ අයුරු සිහිපත් කර ඇති මන්ත්‍රීවරිය කොල්වින් ආර් ද සිල්වා මහතා එදා මතුකළ ප්‍රශ්නයට අද පිළිතුරු ලැබී ඇති බව සඳහන් කළේ ඔහු අනාගතය දුටු බවද පෙන්වා දෙමිනි.
එතකොට මම හොරකම් කරපු කෝටි 50 තියෙන තැන කාටවත් හොයාගන්න බෑ..
මීට අලතා තතුකොරල