රාජපක්‍ෂලාගේ ඩුබායි ගිණුම්වල ඩොලර් බිලියන 3.3ක් හොයාගත්තා.. බැදුම්කර වාර්තාවෙන් අගමැති මිස්ටර් ක්ලීන් වුණා…- රාජිත

January 7, 2018 at 2:10 pm | lanka C news
රාජපක්‍ෂලාගේ ඩුබායි ගිණුම්වල ඩොලර් බිලියන 3.3ක් හොයාගත්තා.. බැදුම්කර වාර්තාවෙන් අගමැති මිස්ටර් ක්ලීන් වුණා…- රාජිත

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අග්‍රාමාත්‍ය සහ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේ දි අද (07) පෙරවරුවේ දී පැවැත්විනි.

මෙම සම්මේලනයට සහභාගි වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අදහස් පළ කරමින් මෙසේ පැවැසීය.

“යහපාලන රජය වසර 03 ක කාලයක් තුල විශාල වැඩ කොටසක් ඉටු කර තිබෙනවා. අද දින (07) ලබාදුන් කෘතියේ ද සදහන් වෙනවා එය නිහඩ සේවයක් බව. අපේ රජයේ ඇතැම් අය ධර්මය දන්නවා. නමුත් ධර්මය කියා දෙන්න දන්නේ නැහැ. අපි විශාල වැඩකොටසක් කරලා තිබෙනවා. රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවීම ඉන් ප්‍රධාන කරුණක්. අධ්‍යාපනය සහ සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන බවට චෝදනා කළත්, එවැනි පෞද්ගලීකරණයක් සිදු වන්නේ නැහැ. සරසවි අධ්‍යාපනයට විශාල පහසුකම් ලබාදී තිබෙනවා. නිවාස නොමැති ජනතාවට නිවාස ලබාදීම, විදුලිය, පානීය ජලය ජනතාවට ලබාදීම වැනි ක්‍රියාකාරකම් ද අප විසින් ඉටු කර තිබෙනවා. සෞඛ්‍ය සේවාව දෙස බැලීමේ දී අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම, ස්ටෙන්ස් මිල අඩු කිරිම, අක්ෂි කාච මිල අඩු කිරීම, රජයේ රෝහල් වල දී නොමිලේ ස්ටෙන්ස් හා අක්ෂි කාච රෝගීන්ට ලබාදීම වැනි ක්‍රියාකාරකම් ප්‍රධාන තැනක් ගන්නවා. ඉදිරියේ දී තවත් ඖෂධ වර්ග කිහිපයක මිල අඩු කිරිමට මම බලාපොරොත්තු වෙනවා. පිළිකා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේ සීමාව රුපියල් ලක්ෂ 15 ක් වුවද යහපාලන රජයේ දී එය ජිවිතාන්තය දක්වා ලබාදීමට කටයුතු කර තිබෙනවා. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම වැඩපිළීවෙල ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළත් පසුගිය රජයේ දී ඊට අවකාශ ලැබුනේ නැහැ. මේ වනවිට පිළිකා රෝගීන්ට රුපියල් මිලියන 4000 ඉක්මවන මුදලක් වැය කරමින් ප්‍රතිකාර කර තිබෙනවා.

නමුත් වර්තමානයේ කථා කරන්නේ පොල් ගෙඩියේ මිල පිළිබදවයි. පොල් හිගයි. වෙනත් රටවල ද පොල් හිගයක් පවතිනවා. ඉදිරි කාලයේ දී මෙම පොල් ප්‍රශ්ණයට විසදුමක් ලැබෙයි. හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් ලබාදීම නොමිලේ ආරම්භ කිරීමත් සමග මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ස්ටෙන්ස් දැමීමේ ශල්‍යකර්ම කිරීම මාසිකව 500 දක්වා පමණ වැඩි වී තිබෙනවා. දුප්පත් ජනතාවට මෙමගින් විශාල සේවාවක් ඉටු වෙනවා. ඖෂධ හිගය මගහරවා තිබෙනවා. සෞඛ්‍ය සේවාවේ උන්නතිය සදහා හිටපු මුදල් අමාත්‍යවරයා මෙන්ම වත්මන් මුදල් අමාත්‍යවරයා ද මට සහයෝගය ලබාදෙනවා. තේ, පොල්, රබර් නිෂ්පාදන සදහා වැඩි මුදලක් ගොවින්ට ලැබෙනවා. එම නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වය ද නංවාලීමට රජයට හැකියාව ලැබී තිබෙනවා.

පසුගිය රජය සමයේ සිදු කළ වංචා, දුෂණ සහ මනුෂ්‍ය ඝාතන පිළිබද පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. ඩුබායි බැංකු ගිණුම්වල පවතින මුදල් පිළිබදව සියලු තොරතුරු සොයාගෙන තිබෙනවා. එක් ගිණුමක ඩෙලර් මිලියන 1086 ක් තිබෙනවා. තවත් ගිණුමක ඩොලර් මිලියන 1800 ක් ද, හිටපු මන්ත්‍රිවරයෙකුගේ ගිණුමක ඩොලර් මිලියන 500 ක් තැන්පත් කර තිබෙනවා. රණවිරුවෙකු බව ප්‍රකාශ කළ රාජපක්ෂගේ මිග් යානා ගනුදෙනුවෙන් සොරකම් කළ මුදල මීට වඩා වැඩියි. එය සුපිරි ගැහිල්ලක්. එහි මුදල් හොංකොං බැංකු ගිණුම්වල තැන්පත් කර තිබෙනවා. මෙම මිග් යානා ගනුදෙනුවට අදාල නිවැරදි ගිවිසුම සහ හොර ගිවිසුම ලැබී තිබෙනවා. මෙම ගණුදෙනුවේ තොරතුරු හෙළි කරපු නිසා තමයි ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍ය වේදීන් ඝාතනය කෙරුනේ.

මම පසුගිය මැයි දිනයේ දී ප්‍රකාශ කළා මෙම දුෂිතයින් අධිකරණ හමුවට ගෙනඑන බව. මෙම දුෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතන පිළිබද පරීක්ෂණ ප්‍රමාදවීම නිසා තමයි බැදුම්කරයක් පිළිබද ඔවුන්ට කථා කරන්න පුලුවන් උනේ. රණවිරුවන් මිනීමරුවන් වුයේ කොහොම ද,

බැදුම්කර ගණුදෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට ද චෝදනා එල්ල වුනා. නමුත් එම කොමිසන් සභාවෙන් අග්‍රාමාත්‍යවරයාට සහතිකයක් ලබා දී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මිස්ටර් ක්ලීන් නොවෙයි කියලා කාටවත් කියන්න බැහැ. මෙම සිද්ධිය පිළිබදව පාර්ලිමේන්තුවේ දීත් කථා කරනවා. වත්මන් රජයට එරෙහිව ගෙනයන බොරු ප්‍රචාර වලට එරෙහිව කණ්ඩායමක් ලෙස එකතු වී අපි වැඩ කළ යුතුයි. දෛනිකව රජයේ වැඩපිළිවෙල සහ පසුගිය රජයේ වැඩපිළිවෙල පිළිබදව ජනතාව දැනුවත් කළ යුතුයි. ඒ සදහා මැදිහත්වන ලෙස මම මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. යහපාලනය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සදහා රජය ආරක්ෂා කර ගත යුතුයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බේරා ගත යුතුයි.”

– ප‍්‍රසන්න අධිකාරී

81 views

34 Comments to “රාජපක්‍ෂලාගේ ඩුබායි ගිණුම්වල ඩොලර් බිලියන 3.3ක් හොයාගත්තා.. බැදුම්කර වාර්තාවෙන් අගමැති මිස්ටර් ක්ලීන් වුණා…- රාජිත”

  1. lala says:

    He has become laundry man of UNP. What a shame. They Ignore all norms of free information available. Any small kid knows what they did. within a few months of taking the govt. They all thought Mr. Dirty (RW) can hide all facts of this world famous robbery under the carpet. But the pressure inflicted by Opposition and Sirasa won the day.

    UNPers must be thinking what kind of people they appointed to govern the country. If three billion found in Dubai bring. This is the demand of voters

    • Kakka says:

      Kakkussiye Pochchiya kadila, Gandai Iwasanna be….

    • Perera says:

      පේනව නේද කාළකන්නි රාජපක්ෂය හොරකම් කරල තියෙන මුදලෙ තරම. හැම එකාටම පේන්නෙ අපේ මිනිස්සු අවුරුදු 20 කට පස්සෙ බැඳුම්කර වගේ සුළු දේකින් පොඩි අතමාරුවක් ගත්ත එක විතරයි.

      මේං බලාපල්ල රාජපක්ෂගෙ හොරකමේ ගාණ.

      ඩොලර් බිලියන 3.3
      1,000,000,000 × 3.3 × 155 = රු. 511,500,000,000/=

      • මයිතුනයා says:

        මාර සල්ලියක් නේද පෙරේර​.මේ දවස්වල පවුල සනීපෙන් ඉන්නවද​?ගිය ඉරිද රෑ හම්බ වුනාට පස්සෙ දැක්කෙත් නෑ.

      • SuMa says:

        ෂා මාර හොරකමක් (සුරංගනා කතාවක්) නේ. ඔන්න මමත් පොඩ්ඩක් එකතු කරා.

        රාජපක්ෂගෙ හොරකමේ ගාණ ඩොලර් බිලියන 3.3 ක් නෙමේ ඩොලර් බිලියන 33.0 ක්

        1,000,000,000 × 33.0 × 155 = රු. 5,115,000,000,000/=

        ඕගොලොත් කැමති ගානක් දාන්නකෝ.

        අවුරුදු 3 කුත් ගියා. ශත 33 ක් වත් තාම හොයා ගන්න බැරිවුණා. ඉතින් කැමති ලන්සු තියතිය අපි ආතල් ගමු. පොඩි අවුලකට තියෙන්නේ හොරු අල්ලන්න ආපු එවුන්ගේ හොරකම් නේ අහුවෙන්නේ.

    • Mr BlockClean says:

      මිලියන එතරම් නැත මගෙ නලියන
      හදවත ගැස්සෙන විට කට නලියන
      නැව් මගෙ දැක්කම මාලුවො නලියන
      බට පිපුරුනොත් අනෙ මගෙ මිලියන

      පලමු අදියරම ගෙව්වා උඹෙ කරුමය
      දෙවන අදියර තැන්පතු එලිසබත්මය
      තෙවන අදියර හෑල්ලුව උඹෙ උරුමය
      සිව්වන අදියර අවසන් ගමන පමනය

      සිංගප්පූරු ගිය උඹෙ හදවත පලලා
      බද්ද කලේ මහ රාජා බටටික දමලා
      පොල් මිල ගියේ උඹටම හෙන ගහලා
      සෝභිත ඉන්නෙ උඹ එනකම්ම බලා

    • Amda says:

      Bloody retard .. Hope this bugger will rot to death

    • sam says:

      Rajapaksha can fill a case in courts for his character assassination if what Rajitha says is wrong and it damage Rajapaksha’s character. Rajapaksha did a great job by eliminating terrorism in Sri Lanka and robbing the country’s wealth abusing his decade of rule with several family members holding powerful positions were marred by nepotism and corruption. Rajapaksha family controlled politics, business, jurisdiction, media, Police and the armed forces. There was a climate of fear affected those who were political dissenters. People were afraid to voice their opinion even on the telephone. People who were benefited under these circumstances desperately trying to bring him back to power. Country is still in mess because of the impact of the decade-long rule of Rajapaksa. People should always use the opportunity to ensure that another Rajapaksa does not come along in future.

  2. බබා උක්කුන් says:

    තුංක් නොදකින් මෙහෙමත් කාලකන්නියෙක්!!!!!!!!!!!!!!

    • Jonaa'S Brother says:

      Thuk nodhakin !රාජිත නැමැති කපුරු හාමිගේ හරිම කට ගඳයි, යකෝ රානි අලයා නැමැති වඳබාහු මීතොටමුල්ලෙ කුනුකන්දේ මිස්ටර් ක්ලීනර් not mr.Clean

    • sunny says:

      Dubai Salli Lankawata genawa keeva neda.

      Than rate modayo na oya boru peligannna

  3. Minimuthu says:

    මේ රටේ කාලකන්නි දේශපාලනය.

  4. NARAYANA says:

    May be this robber’s mother might know about 3.3 billion in dubai nit any bidy else. People must be ready to get this bunch in to DAGEDIYA in Feb. 10

  5. David Milli-Banda says:

    Could Dr. Padeniya untertake a special case to evaluvate this Vachalaya’s psychiatric condition.

  6. සනත් ඉතාලිය says:

    බවුධ්ධ දර්ශනයෙන් පෝෂණය වූ මට ඔබට සාප වේවා කිය නොහැක නමුත්ඔබ මරණින් මතු යන්නේ කොහේදැයි අනුමාන කලහැක ඒ ඔබ කිසිම හිරිකිතයක් නොමැතිව හතරවෙනි සිල් පදය කඩන බැවිනි ඔබගේ පළමුවැනි සිල් පදය ගැන *ප්‍රා * සාක්ෂි දරනු ඇත දෙවන සිල්පදය ගැනද කීමට ඇත්තේ එයමය තෙවන සිල් පදය ගැන මා නොදනිමි කීමට ඇති දේ බොහෝය නමුත් නැත මොන රජය ආවත් ඔබලා යහතින්ම වජබෙනු ඇත ඒ ජිවත් වනතුරු පමණි .අටලෝ දහම වෙනස්කල නොහැක

  7. KUMARA HERATH says:

    KO YAKO E SALLI.

  8. මයිතුනයා says:

    මේ පුද්ගලයාට ආත්මයක් නැත​.ඇත්තේ කුණු ශරීරයක් පමණි.කන්නේ මුඛයෙන් නොව අධෝ මුඛයෙනි.මේකා සතෙක්ද​,සර්පයෙක්ද​,පිශාචයෙක්ද,මල පෙරේතයෙක්ද යන්න තීරණය වන්නේ මොහොතින් මොහොත මේකා අනුවර්තනය වන විලාශය නිරීක්‍ෂණය කිරීමෙනි.

  9. cw says:

    I don’t want to call him a dog as it would be an insult to all innocent dogs.

  10. අනගාරික says:

    කුසලය අකුසලය මැදපිලිවෙත පාර
    අප හැම ඉපිද ඇත ගමනක සංසාර
    හමුවන අපමණක් අතරින් නිස්සාර
    දිගුවෙද ගමන මෙවැනුන් මැද පව්කාර

Main News