රාජපක්‍ෂලාගේ හෙළුවැල්ල අගෝස්තුවේ පෙන්වනවා.. සූදානම් වෙන්න..

March 16, 2017 at 12:00 pm | lanka C news
රාජපක්‍ෂලාගේ හෙළුවැල්ල අගෝස්තුවේ පෙන්වනවා.. සූදානම් වෙන්න..

පාර්ලිමෙින්තුව ලිප්ටන් වටරවුම නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් දැනගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

නව ව්‍යවස්ථාව සකස් කිරිම පිළිබදව පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍යෙවිදීන් පිරිසක් සමග පැවැත් වූ සාකචිඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමෙින්තුවෙ හැසිරෙන ආකාරය උචිත නැහැ. ඔවුන් සිතාගෙන සිටින්නේ පාර්ලිමෙින්තුව ලිප්ටන් වටරවුම කියලයි. ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ගැන කථා කරන්න පුළුවන් අය නැහැ. ජනතාවගේ මුදල් සූරා කෑ පිරිසක් තමයි ඒකාබද්ධ විපක්ෂයේ සිටින්නේ. ඇතැම් අය දේශපාලනයේ “අ” යන්න කියන්නවත් දන්නේ නැහැ. කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නොමැති පුද්ගලයින් ද එහි සිටිනවා.

යහපාලන රජයේ සංක්‍රාන්ති සමය මෙි වනවිට ගෙවී යනවා. ඉන් පසු ශක්තිමත් බලෙවිගයක් ලෙස 2020 පැවැත්වෙන මැතිවරණයට ඉදිරිපත් වෙනවා. රාජපක්ෂවරුන්ගේ නිරුවත අගෝස්තු මාසය වනවිට මෙි රටේ ජනතාවට දැකබලා ගන්න පුළුවන්. දේශපාලන ක්ෂේත්‍රයේ මම ප්‍රකාශ කළ අනාවැකි නිවැරදි වී තිඛෙනවා.” යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

89 views
Main News