රාජපක්ෂලාගේ හොරකම් අල්ලන්න ආ FCIDත් මුල්‍ය අපරාධයක..
January 3, 2018 at 6:30 am | lanka C news
පසුගිය ආණ්ඩු සමයේ සිදුව ඇතැයි කියන මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පත් කරන ලද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේද විශාල පරිමාණයේ වංචාවක් සිදුවී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
තමන්ද නියෝජනය කරන ආණ්ඩුවක් බලයට ආ සැණින් ඒ සම්බන්දයෙන් පුළුල් ලෙස විමර්ශනය කරන බවද මන්ත්‍රීවරයා කියයි.
රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ විවිධ පරීක්ෂණ සදහා යයි කියමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් පිරිස් විවිධ අවස්ථාවන්හිදී විදෙස් ගතවී ඇති බවයි.
එම ගමන් සදහා වියදම් කර ඇත්තේ රජයේ මුදල් එය රාජ්‍ය මුදල් අවභාවිතයක් බවත් ඔහු සදහන් කරයි.
මේ සම්බන්දයෙන් තමන් පාර්ලිමේන්තුවේදී ඇමති සාගල රත්නායක මහතාගෙන් විමසුමත් ඊට පිළිතුරු දිය නොහැකි යයි ඇහතිවරයා දැනවූ බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහන් කරයි.
Not only that the huge money collected by SUNVIDYALANKARA in order to put some caees under carfet by installing fear on some people must ivestigated and his and his officets kitn and kids all money streams should also investigated
මෙය ලූණු බිකක ප්‍රමාණයේ වැඩකි.රාජපක්ෂලාගේ හොර අල්ලන්න ආ මහ උන් මාසයක් ඇතුළත මහ බැංකුව බින්දා නම් උන්ගේ ගෝලයින් ග්‍රාමීය බැංකුවක් බිඳීම සාපේක්ෂව ඉතාම කුඩා වරදකි.