රාජපක්‍ෂලාට කඩේ යන්න මං ලෑස්ති නෑ..- වෙල්ගම ඇවිලේ..

September 15, 2018 at 10:40 am | lanka C news
රාජපක්‍ෂලාට කඩේ යන්න මං ලෑස්ති නෑ..- වෙල්ගම ඇවිලේ..

මහින්ද රාජපක්ෂ මහතා හැරුණුකොට අනෙක් රාජපක්ෂවරුන්ට කඩේ යාමට කිසිම සූදානමක් තමන් නැති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය රාජපක්ෂ පවුලට පමණක් සීමා කිරීම නුසුදුසු ක්‍රියාවක් බව ද ඒ මහතා සඳහන් කරයි.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ යුත්තේ ඒ සඳහා දේශපාලන පලපුරුද්දක් සහිත වෙනත් ජ්‍යෙෂ්ඨයකු යයිද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි කාලයේ දී පවුලේ සාමාජිකයන්ට තැන දුන් නිසා බොහෝ දෙනෙක් අමනාප වූ බවත් ඒ නිසාම පසුගිය ජනාධිපතිවරණය ද පරාජයට පත්වූ බවත් පවසන මන්ත්‍රීවරයා ජනාධිපති අපේක්ෂකත්වය පවුලේ ම අයෙකුට දීමෙන් නැවතත් එම තත්ත්වයම ඇති වන බවද කියා සිටී.

113 views
Main News