රාජපක්‍ෂලාට දඬුවම් දෙන්න වෙනම අධිකරණයක් ගේනවාමයි.. ඊට පස්සේ ආණ්ඩුව තවත් ශක්තිමත් වෙනවා..

August 20, 2017 at 3:50 pm | lanka C news
රාජපක්‍ෂලාට දඬුවම් දෙන්න වෙනම අධිකරණයක් ගේනවාමයි.. ඊට පස්සේ ආණ්ඩුව තවත් ශක්තිමත් වෙනවා..

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම සහ මාලඹේ පෞද්ගලික වෛද්‍ය පීඨය මුල්කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂය තමන්ට එරෙහිව ගෙනඒමට යෝජනා කර ඇති විශ්වාසභංගය ඔවුන්ටම භූමරංගයක් වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

බදුරලිය මොරපිටිය අලුත් මාවතේ කුඩුමීරිය ජය ශ්‍රී සුබසාධක අවමංගල්‍යාධාර සමිතියේ ප්‍රජා ශාලාව විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර මහතාගේ සහ ප්‍රදේශවාසීන්ගේ ආධාර මත මෙම ප්‍රජා ශාලාව ඉදිකර ඇත.

‘මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම විධිමත් අයුරින් සිදු කර තිබෙනවා. ඊට අමාත්‍ය මණෟඩලයේ අනුමැතිය ද හිමි වුනා. තෛයිපාර්ශ්වීය ගිවිසුම අත්සන් කළ අතර, සවිස්තාරාත්මක ගිවිසුම ඉදිරියේ දී අත්සන් කිරිමට නියමිතයි. එය පනතක් ලෙස පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කරනවා. මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සමිබන්ධයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් එය අමාත්‍ය මණ්ඩලයටම ගෙන ආ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මහා පරිමාණ දුෂණ, වංචා, මනුෂ්‍ය ඝාතන පිළිබද සොයාබැලීම සදහා විශේෂ අධිකරණයක් ක්‍රියත්මක කළ යුතුයි. පසුගිය රජය සමයේ සිදු වූ මෙම සිද්ධීන් රටම හෙල්ලූ සිද්ධීන් වෙනවා. මෙම අධිකරණය මහින්ද රාජපක්ෂ මහතාට පමණක් ගෙන එන්නේ නැහැ. රට හෙල්ලූ සිද්ධීන් පිළිබද විභාග කිරිම සදහායි මෙම අධිකරණය ගෙන එන්නේ. සොරකම් කළ පුද්ගලයින් කවුද කියලා රටම දන්නවා. සොරකම්, දුෂණ, මනුෂ්‍ය ඝාතන වලට එරෙහිව තමයි අපි සටන් කරන්නේ. එම නිසා මාලඹේ නෙවිල් ප්‍රන්න්දු රෝහල සම්බන්ධයෙන් මට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගය අදාල නැහැ.

තවද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැක ගැනීමට එහි ප්‍රධානීන් දැඩි උත්සාහයක නිරත වෙනවා. එම නිසයි රජය පෙරලනවා යනුවෙන් ප්‍රකාශ කර එම මන්ත්‍රීවරුන්ට බලාපොරොත්තු ඇති කරන්නේ. ඒකාබද්ධ විපක්ෂය තුල කැළඹීමක් ඇති වී තිබෙනවා. ඔවුන් මාධ්‍ය සංදර්ශණ පමණයි පවත්වත්නේ. වත්මන් රජය අඛණ්ඩව ඉදිරියටම ගමන් කරනවා. මෙම වසරට වඩා ලබන වසර වන විට රජය තවත් ස්ථාවර වෙනවා. සාර්ථක වෙනවා’

– ප‍්‍රසන්න අධිකාරී

45 views

15 Comments to “රාජපක්‍ෂලාට දඬුවම් දෙන්න වෙනම අධිකරණයක් ගේනවාමයි.. ඊට පස්සේ ආණ්ඩුව තවත් ශක්තිමත් වෙනවා..”

  1. saitm kukka says:

    Rajapakshala horakam karana minissu nemei kiyala prasiddiye oya katinma kiyuwa. Dan mokada aluth kathwak. Maithreeta kade yanawada. Anith eka intent kohomada giwisumak wenne.Aanduwe salli nevilta denne. Meya kiyana ewa dan kawuruwath ganan ganne naha. Hama ekatama hota danawane. Pissek wage berihan denawa.

Main News