රාජපක්‍ෂලාට බොරු නඩු දමන්නැයි ආණ්ඩුව බලපෑම් කලා.. රාජිත, චම්පික, ෆොන්සේකා, අනුර සිටියා..- FCID ප‍්‍රධානියා යහපාලන අන්තිම රෙද්දත් ගලවා බිම දමයි..

October 25, 2019 at 10:12 pm | lanka C news
රාජපක්‍ෂලාට බොරු නඩු දමන්නැයි ආණ්ඩුව බලපෑම් කලා.. රාජිත, චම්පික, ෆොන්සේකා, අනුර සිටියා..- FCID ප‍්‍රධානියා යහපාලන අන්තිම රෙද්දත් ගලවා බිම දමයි..

යහපාලන ආණ්ඩුව බලයට පත් වූයේ හොරු අල්ලන බව පවසමිනි. බලයට පත්ව මාසයක කාලයක් ඉක්ම යනවාත් සමග ඒ සඳහාම වන විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට පියවර ගැනිණි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නමින් පිහිටු වූ එම ඒකකයේ ප්‍රධානියා වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසද රාජකාරි කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය දේශපාලන පළිගැනීම් සඳහාම පිහිටු වූ ඒකකයක් බවට ආරම්භයේ සිටම චෝදනා නැගුණු අතර එහි ප්‍රධානියා වූ රවී වෛද්‍යාලංකාරට චෝදනා නැගුණේ ඔහු නීතියට පිටින් යමින් දේශපාලන අවශ්‍යතා ඉටු කරමින් සිටින බවටය. කෙසේ වෙතත් ඔහුගේ සේවා කාලය අවසන් වූයේ ඔහු විපක්ෂයේ අවශ්‍යතාවට අනුව කටයුතු කරමින් සිටින බවට ආණ්ඩුවේ චෝදනාවට ලක්වෙමිනි. මේ වසරේ පෙබරවාරි මස 28දා විශ්‍රාම ගැන්වුණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කටයුතු සිදුවූ ආකාරය පිළිබඳ මාධ්‍යයක් හමුවේ මෙසේ අදහස් දක්වන්නේ පළමු වරටය.

ඔබ පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් මේ වන විට මාස අටක් පමණ වෙනවා. මෙතෙක් කලක් නිහඬව සිටි ඔබ බව මේ විදියට මාධ්‍ය හමුවට එන්නට තීරණය කළේ ඇයි?

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ආරම්භ කරලා මගෙන් සේවය ගත් ආණ්ඩුව අවසානයේ මට විවිධ චෝදනා නගලා මාව අපකීර්තියට පත් කරලා මගේ සේවය අවසන් කළා. මට අවශ්‍යයි මේ චෝදනාවලට පිළිතුරක් දෙන්න.

මොනවද ඔබට නැගුණු චෝදනා ?

මේ වසරේ ජනවාරි 21දා මම වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිංගප්පූරුවට ගියා. ඒ ගමනෙදි මට මිග් ගනුදෙනුවට අදාළ තොරතුරු පෙන්ඩ්‍රයිව් එකක දාගෙන ගිහින් කිසියම් අයකුට දුන්නා කියලා ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ මට එරෙහිව මඩ ප්‍රහාරයක් දියත් වුණා.

ඒ වගේම මෑතකදී ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග අගමැතිවරයාට පසුගිය අගෝස්තු 13දා ලියූ ලිපියක් මගින් කියා තිබුණා ඇගේ පියාගේ ඝාතනයට හේතුව සොයා ගැනීමට නොහැකි වූයේ මා වැනි දූෂිතයකු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා විදියට පත් කිරීම නිසා කියලා.

ඔබ කොහොමද කියන්නේ ආණ්ඩුව මේවට වගකිව යුතුයි කියලා?

මට එරෙහිව නිර්මාණය වූ මේ චෝදනා ප්‍රචාරය වූයේ ආණ්ඩුවේ අනුග්‍රහය ලබන සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිවලින්. ඒ වගේම රාජ්‍ය මාධ්‍යත් මේව ප්‍රචාරය කළා.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවීමේ සිටම ඊට එරෙහිව විවේචන එල්ල වුණා. කොහොමද මේ ඒකකය පිහිටු වූයේ?

2015 ජනාධිපතිවරණය පැවැත්වෙන විට මා රාජකාරි කරමින් සිටියේ උතුරේ. ජනාධිපතිවරණයෙන් පසුව මාව කොළඹට කැඳවලා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා විදියට මාව පත් කළා. මේ ඒකකය පිහිටුවූයේ කැබිනට් අනුමැතිය මත. එහි පරමාර්ථ ගැසට් කරලා තියෙනවා.

කොහොමද එහි විමර්ශන කටයුතු වූයේ? විශේෂයෙන්ම පැමිණිලි ලැබුණු ආකාරය ගැන විවේචනයක් තියෙනවා?

මුලදී පැමිණිලි යොමු කළේ රජය විසින් පිහිටුවා තිබූ දූෂණ මර්දන ලේකම් කාර්යාලය මගින්. නමුත් පසුව එල්ල වූ විරෝධතා නිසා එම ලේකම් කාර්යාලය තමන්ට ලැබෙන පැමිණිලි පොලිස්පතිවරයා හරහා මා වෙත යොමු කරන්න පියවර ගත්තා.

ඒ පැමිණිලි ලැබුණාම පරීක්ෂණ පැවැත්වූයේ කොහොමද?

විවිධ ආකාරයෙන් එම ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිලි මා වෙත යොමු කළ පසු අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව ඒවා විභාග කළා.

කොහොම වුවත් දූෂණ මර්දන ලේකම් කාර්යාලය හරහා ලැබුණු පැමිණිලි දේශපාලන අවශ්‍යතා මත යොමු වූ ඒවා බවට නැගුණු චෝදනාවට ඔබේ පිළිතුර කුමක්ද?

මේ ලේකම් කාර්යාලය හරහා ලැබුණු පැමිණිලි සියල්ලම 2015ට පෙර තිබූ ආණ්ඩුවට එරෙහිව ලැබුණු පැමිණිලි. ඒ පැමිණිලිවලින් බහුතරය රාජපක්ෂ පවුල කේන්ද්‍ර කරගත් පැමිණිලි බව මා පිළිගන්නවා. ඒ වගේම මේ පැමිණිලි 2015 න් පසු බලයට පත්වූ ආණ්ඩුව ඔවුන්ගේ මැතිවරණ වේදිකාවලදී මහජනතාවට ඉදිරිපත් කළ ප්‍රකාශ හා චෝදනා බවත් මා දන්නවා.

කවුද මේ ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වුණේ? කවුද එහි පත්කිරීම් කළේ?

මේ ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වූයේ ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණයි. කාර්ය මණ්ඩලය බඳවා ගැනීම කළෙත් වැලිඅමුණයි. විශේෂඥයන් හා විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් ඊට බඳවා ගත්තා. පරිපාලන කටයුතු භාරව සිටියේ විජේපාල කියලා මහත්තයෙක්.

මේ කාර්ය මණ්ඩලයේ කාර්ය භාරය වූයේ කුමක්ද?

ඔවුන් පැමිණිල්ලක් ලැබුණම මේ කියන විශේෂඥයන් හා නිලධාරීන් සාකච්ඡා කරලා උපදෙස් සමග විමර්ශන සඳහා අප වෙත යොමු කිරීම.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඒ චෝදනා සම්බන්ධ විමර්ශන ආරම්භ කළේ කොහොමද?

පැමිණිලි අප වෙත ලැබුණහම අධිකරණයට කරුණු වාර්තා කරනවා. ඒ වගේම නීතිපතිවරයාගේ උපදෙස් ගෙනයි විමර්ශන ආරම්භ කළේ.

දැන් ඒ විදියට ආරම්භ වන විමර්ශන කාගේ හෝ අධීක්ෂණයට ලක්වුණාද?. ඒවායේ ප්‍රගතිය ගැන සොයා බැලුවේ කවද?

ඒ කටයුතු කෙරුණේ කැබිනට් මණ්ඩලය විසින් පත් කළද කැබිනට් අනු කමිටුවක් මගින්. මේ කමිටුව සතිපතා අරලියගහ මන්දිරයේදී රැස්වුණා. මෙහිදී විමර්ශන කටයුතු සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කරලා. පැහැදිලි කිරීම් කරන්න සිදුවුණා.

මේ කියන කැබිනට් අනුකමිටුවේ සාමාජිකයන් කවුද?

කමිටුව රැස්වුණේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්. රාජිත සේනාරත්න, චම්පික රණවක, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම වගේ ඇමැතිවරු හිටියා. සමහර දිනවල හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත් සහභාගි වුණා. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ජේ.සී. වැලිඅමුණ මහත්වරුන් වගේම සිවිල් සංවිධාන නියෝජිතයනුත් හිටියා.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට එල්ල වූ ප්‍රධානම චෝදනාව තමා එය දේශපාලනීකරණය වූවක් බව. ඔබේ රාජකාරියේදී එවැනි බලපෑම් තිබුණාද?

අපරාධ විමර්ශනය කියන්නේ කඩයකට ගිහින් බඩුවක් ගන්නව වගේ දෙයක් නෙවේ. යම් අයකුට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට චෝදනා ඉදිරිපත් කරන්නේ විමර්ශනවල ප්‍රතිඵලය මත. එම කාර්ය​යේදී කිසිවකුට අසාධාරණයක් කරන්න අපට බලයක් නැහැ. ඒ වගේම කිසිවකුගේ අවශ්‍යතාව මත කෙනකුට හිරිහැර කරන්නත් අපට බලයක් නැහැ.

නමුත් මෙහිදී අපරාධ විමර්ශනයයෙන් 2015ට පෙර පැවැති ආණ්ඩුවේ අයට හිරිහැර කිරීමට බලාපොරොත්තු වුණ බවක් මට පෙනී ගියා. ඒ කාරණය ජනතාවට දන්වලා ආණ්ඩුවේ දේශපාලන පොරොන්දු ඉටු කළ බව තහවුරු කිරී‍මේ අවශ්‍යතාවක් තිබූ බවක් මට පෙනුණා. ඒ නිසා ඉතා ඉක්මනින් නඩු පවරන්න ආණ්ඩුව බලාපොරොත්තු වුණා.

ඒ අවශ්‍යතාව ඔබ ඉටු කළේ නැද්ද?

ඔව්. ඔවුන්ගේ ඒ අවශ්‍යතාව මා අතින් ඉටු වුණේ නැහැ. ඒ නිසා මටත් FCID එකටත්, නඩු නොපැවරීම ගැන නීතිපති දෙපාර්තමේන්තුවටත් ඔවුන්ගේ අප්‍රසාදය එල්ල වුණා. ඔවුන් මට කිව්වේ ඉදිරි මැතිවරණයකදී ජය පරාජය තීරණය වන්නේ FCID එකේ ක්‍රියාකාරකම් මත පවතිනව කියලයි. වැඩිපුර නිලධාරීන් යොදවා රාජපක්ෂවරුන්ට එරෙහිව ​ඉක්මනින් පැමිණිලි විභාග කිරීමට මට නිතරම යෝජනා කළා. මේ නිසා ක්‍රමානුකූල විදියට විමර්ශන කටයුතු කරගෙන යන්න අපට නොහැකි වුණා.

ඇයි ඒ?

විමර්ශනයක් විය යුත්තේ විෂය මූලික විදියට (objectively) බොහොම විවෘතව. ඒ කියන්නේ සාක්ෂි මත හා ඒවායේ විශ්වසනීයත්වය මත සැකකරුවන් සොයා ඔවුන්ට විරුද්ධව ක්‍රියාකිරීමයි. නමුත් මේ පරීක්ෂණ සිද්ධ වුණේ පුද්ගලමූලිකවය (subjective) ඒ කියන්නේ ඉලක්කයක් හඹා ගෙන යමින්. අවසාන ඉලක්කයක් දැනගෙන ඒ වෙත ගමන් කරන අන්දමට.

FCID විමර්ශන අසාර්ථක වුණේ ඒ නිසා. මේ තත්ත්වය මත මගේ රාජකාරි කටයුතු ඔවුන්ගේ විවේචනයට භාජනය වුණා.

කවුද ඔබට මේ විදියට බලපෑම් කළේ?

කැබිනට් අනුකාරක සභාවේ සිටි ඇමැතිවරුන් වගේම අනෙකුත් සිවිල් සංවිධානවල අය.
ඔබේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූයේ පොලිස්පතිවරයා. ඔබ මේ තත්ත්වය ගැන ඔහුව දැනුවත් කළේ නැද්ද?

ඔව්. පොලිස්පතිවරයාත් නිතරම මේ සාකච්ඡාවලට සහභාගි වුණා. ඒ නිසා විශේෂයෙන් දැනුම් දීමේ අවශ්‍යතාවක් මතුවුණේ නැහැ.

ඉතින් පොලිස්පතිවරයා මේ ගැන මැදිහත් වීමක් කළේ නැද්ද?

පසු කාලයේදී ඔහුගෙන් මට යම් යම් නියෝග ලැබුණා. ඇතැම් ඇමැතිවරුන්ගේ නියෝග ක්‍රියාත්මක කළ යුතු බවටයි. ඔහු මට දැනුම් දුන්නේ. අත්අඩංගුවට ගත යුතු අය අත්අඩංගුවට නොගෙන සිටීමට පොලිස්පතිවරයා මට නියෝග දුන් අවස්ථා තිබෙනවා.

ඔබ කියන අන්දමට ඇමැතිවරුන් ඔබට බලපෑමක් කළා නම් එය නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් නේද?

ඔව්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 60 වැනි ව්‍යවස්ථාවට අනුව රජයේ නිලධාරීන්ට බලපෑම් කිරීම වරදක්. ඒ සඳහා මහාධිකරණයේ නඩු පැවරිය හැකියි.

සමහර ඇමැතිවරුන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශනවලට ලක්ව සිටි ඇතැම් විත්තිකරුවන්ගෙන් මූල්‍ය ප්‍රතිලාභ ගත් බවටත් චෝදනා එල්ල වුණා. ඔබට එවැනි දේ දැනගන්න ලැබුණද?

ඔව්. ඔවුන්ගේ ක්‍රියාකලාපය අනුව එසේ වන්නට ඇතැයි මට සිතුණු අවස්ථා තිබෙනවා.

ආණ්ඩුව විමර්ශනය කරන්න කියූ එක් රාජපක්ෂවරයෙක් වුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නේද? ඔහුට එරෙහිව මිග් යානා ගනුදෙනුව ගැන විමර්ශන කෙරුණා. ඒ විමර්ශනවලට වුණේ කුමක්ද?

මෙම පැමිණිල්ල ගැන තවමත් විමර්ශන වෙනවා. ඒ නිසා මට ඒ ගැන පූර්ණ විස්තරයක් කරන්න හැකියාවක් නැහැ. නමුත් දැනට අධිකරණයට වාර්තා කර ඇති කරුණු සහ මාධ්‍ය මගින් ඒ කරුණු සමාජයට අනාවරණය කරල තියෙන ප්‍රමාණය මත මට ඒ ගැන යම් අදහසක් දක්වන්න පුළුවන්.

පසුගිය වසර 5ක් තුළදී කරන ලද විමර්ශනවලට අනුව ගෝඨාභය රාජපක්ෂ මේ ගනුදෙනුවේදී මුදල් වංචාවක් කර ඇති බවක් මේ දක්වා අනාවරණය වී නැහැ. එසේම ඔහුව මෙම විමර්ශනයේ සැකකරුවෙක් ලෙස නම් කරලවත් නැහැ.

මේ ගනුදෙනුව ගැන මෙරටදී වගේම විදේශයන්හිදීත් දීර්ඝ ලෙස විමර්ශන කෙරුණා. ඒ විමර්ශන සියල්ලම පිළිබඳව පිළිබඳව මා රජයේ නීතිපතිවරයාට දැනුම් දුන්නා පමණක් නොවෙයි ඒවා සම්බන්ධයෙන් සාකච්ඡාද කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණේ ඔබටයි?

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂව මා හරහා අත්අඩංගුවට ගෙන දේශපාලන වාසි ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වුවත්, සාක්ෂි නොමැතිව එසේ කිරීමට මා විරුද්ධ වුණා. මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ඔහුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කර අවසර ගෙන අත්අඩංගුවට ගත යුතුයි කියන එක. නමුත් ගෝඨාභය රාජපක්ෂට උදව් කරනවා කියලා චෝදනා එල්ල වුණේ මටයි.

ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්නට ආණ්ඩුවට එතරම් අවශ්‍යතාවක් තිබුණේ ඇයි කියලද ඔබ හිතන්නේ?

මට පෙනී ගියේ මේ මිග් යානා ගනුදෙනුව ගැන හෙළිදරව් කිරීම නිසා ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සිදුවුණා කියලා සනාථ කරගන්නට අවශ්‍යතාවක් තිබුණ කියලා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන පරීක්ෂණ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඔහුගේ ඝාතනයට හේතුව මිග් ගනුදෙනුව හෙළිදරව් කිරීම බවත්, ඊට වගකිවයුත්තා ගෝඨාභය රාජපක්ෂ බවත් ඔප්පු කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබුණා. ඒ සඳහා පදනම මගෙන් ගන්නයි ඔවුන් උත්සාහ කළේ. නමුත් මම වෘත්තියෙන් නීතිඥවරයෙක්. ඒ නිසා මට නීතියට පිටින් කිසිවක් කරන්නට බැහැ.

මේ අනුව ඔබ කියන්නට උත්සාහ කරන්නේ ඔබ ආණ්ඩුව කියපු විදියට නීතියට පිටින් වැඩ නොකිරීම නිසා ඔබව හිංසාවට පත් කළා කියලද?

ඇත්ත වශයෙන්ම ඔව්. ඔවුන් කියපු විදියට කළා නම් මට මේ දේ වෙන්නේ නෑ. මම මගේ පොලිස් සේවයේ හා නීතිඥ වෘත්තියේ ගෞරවයත්, නීතිපති දෙපාර්තමේන්තුවේ හා අධිකරණයේ ගෞරවයත් රැකිය යුතුව තිබුණා. මගේ යටත් නිලධාරීන් ආරක්ෂා කරගත යුතුව තිබුණා. මේනිසා මම නීතියට පිටින් කටයුතු කළේ නැහැ.

වරක් එක් ඇමැතිවරයෙක් මට කිව්වා ඔවුන්ගේ දේශපාලන අනාගතය රඳා පවතින්නේ මගේ අතේ කියලා. ඒ නිසා සතියකට වරක්වත් එක රාජපක්ෂ කෙනෙක්වත් ප්‍රශ්න කරලා අත්අඩංගුවට ගත යුතුයි කියලා කිව්වා. මේ නිසා මට හැඟී ගියා රාජපක්ෂ පවුල ගැන ලොකු බයක් වගේම ඔවුන්ගේ ඉදිරි දේශපාලන කටයුතු වැළැක්වීම මම හරහා කරගන්නට අවශ්‍යතාවක් තිබෙන බව.

රාජපක්ෂවරුන්ගේ විශාල මුදල් ප්‍රමාණයක් විදේශයන්හි ඇති බවටත් චෝදනා එල්ල වුණා. ඔබලා ඒ ගැනත් පරීක්ෂණ කළා නේද?

ඔව්. මේ ගැන යම් යම් තොරතුරු සාමාන්‍ය වශයෙන් ලබා දීලා තිබුණා. නමුත් මුදල් තියෙන බව කියූ බැංකුවල නම් ගිණුම් අංක හෝ ගිණුම් හිමිකරුවන්ගේ නම් කිසිවක් දුන්නේ නැහැ. මේ තොරතුරු දෙන ලෙස මම පොලිස්පතිවරයා හරහා නිතරම ඉල්ලුවා. නමුත් ලැබුණේ නැහැ. ඒ චෝදනා පුහු ​දේශපාලන ප්‍රකාශයන් පමණයි. අදාළ විදේශයන්ගෙන් මේ තොරතුරු ඉල්ලා සිටියත් එවැනි තොරතුරු ලැබුණෙත් නැහැ. FCID එකට අමතරව සොරකම් කරන ලද රාජ්‍ය වත්කම් යළි සොයා ගැනීමේ කාර්ය බළකාය (Task Force to Rocover Stolen State Assets) නමින් පිහිටුවා තිබූ ආයතනයකුත් මේ ගැන සමාන්තර පරීක්ෂණ කළත් මා දන්නා තරමින් ඔවුන්ටද එවැනි දෙයක් සොයා ගැනීමට හැකිවූයේ නැහැ.
රාජ්‍ය වත්කම් යළි සොයාගැනීමේ කාර්ය බළකාය ක්‍රියාත්මක වූයේ කා යටතේද? එහි කාර්ය භාරය වූයේ කුමක්ද?

මේ ආයතනය ජනාධිපතිවරයා විසින් පිහිටුවපු එකක්. විදේශයන්හි ඇති සොරකම් කළ රටට අයත් වත්කම් සොයා ගැනීම තමයි එහි කාර්ය භාරය වුණේ. එහි ප්‍රධානියා වුණෙත් ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණයි. ඔවුන් තමන්ගේ විමර්ශන කටයුතු විදේශ රටවල් සමග සෘජුවම සම්බන්ධ වී ක්‍රියා කළා. ඒ සඳහා ලෝක බැංකුවට අනුබද්ධිත ආයතනවල සහායත් ඔවුන්ට ලැබුණා.

රාජපක්ෂවරුන්ගේ මුදල් සොයන්න ඔබත් ඩුබායි ගියා නේද?

නැහැ. මම ගියේ නැහැ. එවැනි කණ්ඩායමක් ගිය බව මම දැනගත්තෙත් පත්තරෙන්. නමුත් පසුව රජයේ නිලධාරීන් කණ්ඩායමක් සමග මම ඩුබායි ගියා. මෙවැනි දේපොළ ඇත්නම් ​තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

හිටපු සොලිසිටර් ජනරාල්වරුන් වන දිල්රුක්ෂි වික්‍රමසිංහ හා සුහද ගම්ලත් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කටයුතු ගැන යම් ප්‍රකාශ කර තිබුණා. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද?

ඔවුන්ගේ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ වගකීම පැවරෙන්නේ ඔවුන්ටයි. නමුත් මම එකක් කිව යුතුයි. ඔවුන් අවංක නිලධාරීන්. මේ නිසා ඔවුන් කියූ දේවල් සත්‍යයක් කියා මා විශ්වාස කරනවා. සුහද ගම්ලත් මහතා මා සිටි රැස්වීම් ගැන කී දේවල් සත්‍යයක් බව මම පිළිගන්නවා. ඒ වගේම ඔහු තම මතය අවංකවත්, නිර්භයවත් ප්‍රකාශ කළ බව මම හිතනවා.
ගෝඨාභය රාජපක්ෂට එරෙහිව තවත් විමර්ශන තිබෙනවා නේද?

ඒවායේ විමර්ශන කටයුතු තවමත් සිදුවන නිසාත්, අධිකරණමය ක්‍රියාදාමයන් සිදුවන නිසාත් මට ඒවා ගැන කිසිවක් කියන්න බැහැ.

ඔබ කිව්වා ආණ්ඩුව කියපු අන්දමට කටයුතු නොකරපු නිසා ඔබට අසාධාරණයක් වුණා කියලා. කුමක්ද ඔබට වූ අසාධාරණය?

රාජ්‍ය මාධ්‍ය තුළින් හා රජයට හිතවත් වෙබ් අඩවි තුළින් දිගින් දිගටම පහර ගැහුවා. නිර්නාමික පෙත්සම් යවා විවිධ පරීක්ෂණ ආරම්භ කළා. අවසානයේ මා විශ්‍රාම යන විට සාම්ප්‍රදායිකව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට හිමි විය යුතු ගෞරවය මට දුන්නේ නැහැ. සම්මාන පෙළපාළියක්, තිළිණයක්, ඡායාරූපයක්, වගේම නිලධාරීන් ඇමතීමට මට අවස්ථාවක් දුන්නේ නැහැ. විශ්‍රාම ගිය පසු දිනම මට නිල නිවසින් යන්නට සිදුවුණා. ටික දිනක් රැඳී සිටීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. නිල වාහනය පසුදින උදයේම ආපහු ගත්තා. මේ සියල්ල සිදු කළේ පොලිස්පති පූජිත් ජයසුන්දර හරහා. වසර 40ක මගේ සේවයට මම වන්දි ගෙව්වේ ඒ විදියට.

මේ වගේ ඉරණමක් කිසිම පොලිස් නිලධාරියකුට හෝ රාජ්‍ය නිලධරියකුට අත්නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

කුලශ්‍රී කාරියවසම්
– aruna.lk

87 views

9 Comments to “රාජපක්‍ෂලාට බොරු නඩු දමන්නැයි ආණ්ඩුව බලපෑම් කලා.. රාජිත, චම්පික, ෆොන්සේකා, අනුර සිටියා..- FCID ප‍්‍රධානියා යහපාලන අන්තිම රෙද්දත් ගලවා බිම දමයි..”

  1. බොරු ඇඩිලි වැඩක් නෑ.
    මෙයා වරදක් පිළිගන්නවනම් දඩුවම් විදිය යුතූයි.
    කාගේ හරි වාසියට වැරදි හොයන්න හිසක් කිසිම නිවැරදි කිරීම ක් හෝ දඩුවම ක් නෑ.
    අළුත් අයගෙන් වාසි අරං පරණ දෙවල්ම කරව.

    • හොයනව රාජිතයව රට වැසියා says:

      සැමතැන හොයනව රාජිතයව රට වැසියා
      දිනනා පොහොට්ටුවෙ සෙනඟ දැක සිටියා
      පැනලා ගියාදැයි චතුර එක්කම වහු පැටියා
      රෙෆියුජි ඉල්ල ඕස්ට්‍රෙලියා පෝලිමෙ හිටියා

  2. Laksman says:

    This opportunistic parasites should be tried for abuse of power soon. They are revengeful as MR did not give what they wanted from previous regime including perks and portfolios of their choice. look what Gompika did to electricity board. Once it was handed over to Pavitra, she did it smoothly. These idiots only can shout.

  3. Buddhist says:

    Me wage gonnu ge katha kawada piliganne.

  4. Rojer says:

    That’s what happened last five years Govenmet money and resources waisted for political propaganda and maintains colossal Cabernet in grand scale

    Looted banks and sold valuable assets for peanuts to foreigners with huge commissions
    Nothing left for future generations except huge loans to be paid for many many years

    Has not done a single significant project for last five years

  5. kawinda says:

    bole anurath indala thiyenawa..

  6. kolla says:

    moo hora gediyek joben elewwa

  7. Darme says:

    Ko Ko Ara Pen Drive Eka ?

Main News