රාජපක්‍ෂලාට විරුද්දව කර ඇත්තේ බොරු පැමිණිලි.. විමර්ෂණ ලිපිගොනු නීතිපතිට යැවුවාට නඩු පවරන්න කාරණා නෑ..

August 16, 2017 at 8:40 am | lanka C news
රාජපක්‍ෂලාට විරුද්දව කර ඇත්තේ බොරු පැමිණිලි.. විමර්ෂණ ලිපිගොනු නීතිපතිට යැවුවාට නඩු පවරන්න කාරණා නෑ..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

නීතිඥයෙකු වන අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා ප්‍රකාශකරනවා නීතිපති දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කටයුතු ‍නොකරන නිසයි විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමාට එරෙහිව විශ්වාස භංගයක් ගේන්නේ කියලා.

ඇත්තෙන්ම පොලීසිය විමර්ෂණ ගණනාවක් සිදුකරලා නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිගොනු යැවු බව ඇත්තයි. නමුත් නඩු පැවරීමට ප්‍රමාණවත් කරුණු ඒ විමර්ශණ වලින් හෙළි වෙන්නේ නැතිනම් නීතිපති දෙපාර්තමේන්තුව මොනවා කරන්නද? අධිකරණ අමාත්‍යවරයා මොනවා කරන්නද? පදනම් විරහිතව මුල් කාලේ නඩු පවරලා ඇනගෙන ඉන්න නීතිපති දෙපාර්තමේන්තුව ඒ මෝඩ වැඩේ යලි කරාවි කියලා අපි නම් හිතන් නෑ.

මේ ආණ්ඩුව කළ පළමු බොරු පැමිණිල්ල තමයි 2015 ජනවාරි 8 රෑ හමුදා කුමන්ත්‍රණයකින් බලයේ සිටින්න උත්සාහ කළ බවට මංගල සමරවීර ඇමතිතුමා සීඅයිඩියට පැමිණිලි කළා. ඒ එම වසරේ ජනවාරි 16 වෙනිදා. ජනවාරි 20 දා මගෙන් කටඋත්තරයක් ගත්තා.  මාව තමයි මේ ආණ්ඩුව මුලින්ම පොලීසි ගෙන ගියේ.  ඊට පස්සේ මේ ගැන සද්දයක් නෑ.  පැමිණිල්ල කරද්දි නම් මංගල සමරවීර ඇමතිතුමන්නම් කිව්වේ ජාතික ආරක්ෂාව සම්බන්ධ පැමිණිල්ලක් හෙයින් ප්‍රමුඛතාවයෙන් විමර්ෂණය කරන්න කියලා.  එතුමාගේ උත්තරය වුණේ විමර්ෂණ අවසන් කර ලිපි ගොනුව නීතිපතිට යැව්වා කියා.  මම මේ පිළිබඳ අධිකරණ අමාත්‍ය විජේදාස ඇමතිතුමාගෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළා.   එතුමාගේ පිළිතුරු වුණේ විමර්ෂණයෙන් නඩු නිමිත්තක් හෙලි නොවන බවට නීතිපති නිගමනය කර ඇති බවයි.  බොරු පැමිණිල්ලක් කරලා නඩු පැවරීමක් බලාපොරොත්තු වෙන්න එජාප මන්ත්‍රිවරුන්ට පුළුවන් ද?  අජිත් පෙරේරා ඇමතිතුමනි, පුස් බිත්තරය කෙතරම් රැක්කත් එයින් පැටවෙකු බිහි වෙන්නේ නෑ. ඒ නිසා බොරු පැමිණිලි පොලිසියට කරලා ඒවා පිලිබද පොලීසිය විමර්ෂණය කරලා ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යැවු පමණින් නීතිපතිට නඩු පවරන්න බෑ. ඒකට අධිකරණ ඇමතිවත් නීතිපති දෙපාර්තමේන්තුවත් පලි නෑ.

අනිත් පැත්තෙන් නීතිපති පත් කරන්න වත් අස් කරන්න වත් තනතුරට කෙනෙකු නිර්දේශ කරන්න වත් අධිකරණ ඇමතිට බලයක් නැති නම් නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය පිළිබඳ අධිකරණ ඇමතිට විශ්වාස භංග ගේන්න පුළුවන් ද?  නීතිපති පත් කරන්නේ ජනාධිපති.  ඉවත් කරන්නේ පාර්ලිමේන්තුව.  නිර්දේශ කරන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය.  ව්‍යවස්ථාදායක මණ්ඩලයේ අගමැති කතානායක දෙන්නාම ඉන්නවා.  ව්‍යවස්ථාදායක මණ්ඩලයට විජේදාස ඇමතිතුමා නිර්දේශ කලේ සුහද ගම්ලත්ගේ නම.  නමුත් ඒක ප්‍රතික්ෂේප වුණා. එසේ ප්‍රතික්ෂේප කර තමයි ව්‍යවස්ථාදායක සභාව විසින් වත්මන් නීතිපති ජයන්ත ජයසුරිය මහතාගේ නම නිර්දේශ කලේ.  එසේ නම් නීතිපතිගේ අකාර්යක්ෂමතාවයට විශ්වාස භංග යෝජනාව ගේන්න ඕනෑ ඒ නම නිර්දේශ කළ කතානායක අගමැති ඇතුළු ව්‍යවස්ථාදායක සභාවටයි පත් කිරීම කළ ජනපතිට මිස පැත්තක හිටිය විජේදාස ඇමතිතුමාට නොවේ.

– අරවින්ද අතුකෝරල

23,261 Viewers

One Comment to “රාජපක්‍ෂලාට විරුද්දව කර ඇත්තේ බොරු පැමිණිලි.. විමර්ෂණ ලිපිගොනු නීතිපතිට යැවුවාට නඩු පවරන්න කාරණා නෑ..”

  1. අනුර says:

    ඉතින් ඇයි ඔච්චර අපවාද විදිමින් ඉන්නේ අපහසෙට නඩු දාන්නකෝ

Main News