රාජපක්‍ෂලා කල ජරා වැඩ නිසා දෙවියෝ කෝප වෙලා… අලුත්ගම, දර්ගා නගරය ගිනි තැබුවේ පොහොට්ටු කණ්ඩායමයි…

December 25, 2017 at 3:23 am | lanka C news
රාජපක්‍ෂලා කල ජරා වැඩ නිසා දෙවියෝ කෝප වෙලා… අලුත්ගම, දර්ගා නගරය ගිනි තැබුවේ පොහොට්ටු කණ්ඩායමයි…

පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් බේරුවල නගර සභාවට තරග වදින කණ්ඩායමේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙහිදී හෙට්ටියාකන්ද, පරණ කඩේ, බේරුවල නගරය, කංකානම්ගොඩ, මරදාන ගබඩාගොඩ, මරදාන හා මාලිගාහේන යන ඡන්ද කොට්ඨාසවල මැතිවරණ කාර්යාල සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් විවෘත කරන ලදි. තවද මොල්ලියවල පල්ලිය පාර විවෘත කිරීම, මරදාන ධීවර වරායේ අඩුපාඩු නිරික්ෂණය කිරීම සහ වෙට්ටුව රාජපුර ඇළ මාර්ගය පවිත්‍ර කිරිම පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සොයාබලන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

වර්තමානය වනවිට පොහොට්ටුව පක්ෂයේ හුලං බැහැලා. එම පක්ෂයේ නියෝජිතයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙනවා. නාම යෝජනාත් බහුතරය ප්‍රතික්ෂේප වුනා. පසුගිය රජය සමයේ දී ඔවුන් කරපු ජරා වැඩ නිසා දෙවියොත් කෝප වෙලා ඉන්නේ. 1970 දශකයෙන් පසුවයි මෙම මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ. මෙම මැතිවරණ ක්‍රමය එදා පැවැති ගම් සභා මැතිවරණ ක්‍රමය වගෙයි. කිසියම් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක ලකුණ ඉදිරියේ පමණයි කතිරය සළකුණු කළ යුත්තේ. බේරුවල නගර සභාව ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබෙනවා.

සමහරු හැංගිලා ඉදලා ස්වාධීනව ඇවිත් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන්නේ දර්ගා නගරය ගිනි තැබූ අයයි. ජතිවාදය, ආගම්වාදය පතුරුවන ලද අයයි. පසුගිය රජය මට එපා වුයේ ද, ජාතිවාදය සහ ආගම්වාදය නිසයි. දර්ගා නගරයේ මුස්ලිම්වරුන්ගේ කඩසාප්පු විනාශ කළා. ඒවා යළි හදන්න රුපියල් කෝටි 25 ක් පමණ වැය වුනා.

භෞතික වශයෙන් ගොඩනැගිලි හැදුවත් සිත්වල ඇති වූ කළ කිරීම හදන්න බැහැ. දර්ගා නගරය මුස්ලිම්වරුන්ට උදවු කරන විට මටත් ජාතිවාදියා කියලා කිවුවා. ජාතිවාදය සහ ආගම් වාදය පතුරුවලා ඡන්දය ගන්න මට වුවමනාවක් නැහැ. එවැනි ඡන්දත් මට එපා. කිසි දවසක පෙරළන්න බැහැ කියපු රාජපක්ෂ රජය පෙරළා දැමුවා. රාජපක්ෂලා වුනත් හිතුවේ නැහැ මෙහෙම උසාවි වල රස්තියාදු වෙන්න වෙයි කියලා.

බේරුවල නගර සභාවට ඉල්ලන ඇතැම් අපේක්ෂකයින් දර්ගා නගරය ගිනි තැබූ අය සමගයි එකතුව සිටින්නේ. ඒ ඔවුන්ගේ බඩ වියත වෙනුවෙන්. ව්‍යාපාර වෙනුවෙන්. මෙම තීරණාත්මක අවස්ථාවේ නිවැරදි තීන්දුවක් ලබාගන්න. ඇතැම් අය අහුංගල්ල නිසා පැත්ත මාරු කරලා තිබෙනවා. ඔවුන්ගේ බොරු වලට අහු වෙන්න එපා.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ බේරුවල ප්‍රධාන සංවිධායක ඉෆ්ටිකාර් ජමීල් මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා ඇතුලු අපේක්ෂකයින් සහභාගි වී සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

53 views

8 Comments to “රාජපක්‍ෂලා කල ජරා වැඩ නිසා දෙවියෝ කෝප වෙලා… අලුත්ගම, දර්ගා නගරය ගිනි තැබුවේ පොහොට්ටු කණ්ඩායමයි…”

  1. silva says:

    ane aththata kawruthma nadda muuta hoda padamak ugannanna

  2. මෝඩ සිපං says:

    අඩෝ දත් බාස්!

    තොපි කිසිම වැරැද්දක් නොකරපු සුදනා නේ. පල දෑහට නොපෙනි

  3. දෙය්යෝ සාක්කි says:

    මුගේ අප්පොච්චිත් රාජපක්ස කෙනෙක්ද? වෙන්න බෑ. අම්ම තමා දන්නේ?

  4. "ඩොනල්ඩ් ට්‍රම්ප්" says:

    උඹ සිංහල ජාතියේ “වඳ පෙත්ත” බව නිර්භීතව ප්‍රකාශ කරනවා….!

  5. Lal says:

    Your Yahapalanaya for last 3 years is the problems All God and everyone else are angry with your govt performance when compared to Rajapaksa’s You were happily enjoyed that give till end
    You earn a lot from both governments and living happily Poor people in the country paying for all the blemishes Yahapalanaya done
    1.Day light CBA Robery
    2. Selling govt assets to foreigners for pea nuts
    3. Taxing people to cover your blemishes
    4. Having Govt with 120+ ministers
    5. Paying to your cronies via various mean eg: agricultural ministry
    6. You hot your medical expenses in Singapore from govt List goes on
    Those are some reasons for various natural disasters for the country
    If you leave today that’s the best thing you can do to the country

  6. SAITM Kukka says:

    Deviyo kopa wenna patan gaththe 2015 janawary 8 n passe. Meeta kalin dan wage Maha banku kolla kaam, ganwathura, niyangaya, naayayam, awi gabada pipireem, rajaye(mahajana) mudal saitm ekata saha Sabeethage building walata gewweth naha saha Rusiyawa tea thahanam kale naha. Mewata thamai deviyo kopa wela thiyenne. Duk windinne asarana mahajanathaawai

  7. ajita de costageneral strike says:

    mu wage amana sakkiliyek – mu tama nuthana dewadaththa

  8. Ms silva says:

    If he is admitted to a hodpital give him an injection to sleep forever. Doctors shall adopt this easy method to treat the traitors. Lets called the injection as “TTT injection”.

Main News