රාජපක්‍ෂලා නාග විහාරයේ භික්‍ෂූන් දෙනමක් මරා දැම්මා.. සපුමල් කුමරුගේ කඩුව සොයා ලංකාවම ස්කෑන් කලා..

October 25, 2019 at 10:00 am | lanka C news
රාජපක්‍ෂලා නාග විහාරයේ භික්‍ෂූන් දෙනමක් මරා දැම්මා.. සපුමල් කුමරුගේ කඩුව සොයා ලංකාවම ස්කෑන් කලා..

මහින්ද රාජපක්ෂ පාලන සමයේ රාජපක්ෂවරුන් විසින් වනාන්තරවල සිටින ඇතින්නියන් මරා දමා අලි පැටවුන් සොරකම් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුනි සොයිසා මහතා පවසයි.

ඒ සඳහා අලි පොත පවා අතුරුදහන් කල බවද ඇතැම් අලින් ලක්‍ෂ 80-100ට විකුණා දැමූ බවට ද ඔහු චෝදනා කළේය.

ඔහු මෙම අදහස් පළ කරනු ලැබුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.

එමෙන්ම එකල රාජපක්ෂවරුන් ලංකාව පීරමින් සපුමල් කුමාරයාගේ කඩුව සෙවූ බවත් ඒ සඳහා මුළු ලංකාවම ස්කෑන් කර බැලිය හැකි යන්ත්‍ර සහිත ගුවන්යානාවලින් ලංකාවම ස්කෑන් කර බැලූ බව ද ඔහු පැවසීය.

එම කඩුව සොයාගෙන යාමේදී කෝට්ටේ නාග විහාරයේ භික්ෂූන් වහන්සේලා දෙනමක් ද ඔවුන් විසින් ඝාතනය කළ බවද පැවසූ ඔහු කෞතුකාගාරයේ කඩා එහි තිබූ වටිනා බඩු ද සොරකම් කළ බවට ද චෝදනා කළේය.

60 views

29 Comments to “රාජපක්‍ෂලා නාග විහාරයේ භික්‍ෂූන් දෙනමක් මරා දැම්මා.. සපුමල් කුමරුගේ කඩුව සොයා ලංකාවම ස්කෑන් කලා..”

  1. NAK says:

    Can you tell us what happened to the “ALI POTHA” (the elephant register) when you were the minister in charge of wild life?

    • ඇත්තටම මෙයානෙ වන ජීවී ඇමති. අලි පොත කොහේද කියල තමන් දැන ගන්න එපායැ.

  2. Krishan Senarath says:

    සජිත් රැ තිස්සේ නිදිමරාගෙන නිධන් හරලා නැද්ද ස්කැන් කරලා ආර් ප්‍රේමදාස යුගයේ සිටම නිධන් හැරුවා මතක නැතුව ඇති එයාගේ දිස්ත්‍රික්කයෙම එවා කලෙත් ස්කැන් කරලා එවට සිද්ධාලේප කාරයා ඇතුළු නම ගිය සෙට් එකක් ඉන්නවා සජිත්ට ඒ කාලෙම ඉදලා එහෙම තමයි කලේ විජිතමුණිට දෙවියන්ගේ හාල් කැවිලා එකයි පිස්සු කියවන්නේ සජිත් වගෙම

  3. Saradiel says:

    තමාට හොදට මුදල් තිබෙන නිසා හොඳට කනබොන පුද්ගලයකු බවත් තමා ගහයට රා විදුරුව බොන පුද්ගලයකු බවත් ඒ නිසා බාර් 04 ක් තිබෙන බවත් විජිතමුනි ප්‍රකාශ කර තිබේ.

  4. සරා says:

    පවු දැන් මුන්ගේ ‌ෙදේශපාලන ව්‍යාපාරය බං‌ෙකොලොත් වගේ.රට හදන වැඩපිලිවල් මුකුත් නැහැ ඔහේ කියවනවා.ඔ්කනේ අපි මුලින්ම කිව්වේ ‌ෙගෙදර යන්න ලැහැස්තිවෙයල්ලා කියලා.ඒවිතරක් ‌ෙනොවෙයි මහ මැතිවරනයේදි යුඑන්පි එක 40ට බස්සනවා.ඒකෙනුත් 10ක් 15ක් මහින්දගේ ‌ෙරෙද්ද අස්සේ රිංගනවා.

Main News