රාජපක්‍ෂලා විදුලි පුටුවෙන් බේරාගත්තේ රනිල්..

March 26, 2021 at 6:48 pm | lanka C news
රාජපක්‍ෂලා විදුලි පුටුවෙන් බේරාගත්තේ රනිල්..

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂලා විදුලි පුටුවෙන් බේරා ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

2009 වසරේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමග ගිවිසුමකට එළඹී තිබීම නිසාම මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට උදා වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

එදා එම ගිවිසුම ඇතිකර නොගත්තේ නම් මානව හිමිකම් කොමිසමේදී අද මෙවැනි චෝදනා වලට ලක් වීමට හෝ එවන් ගැටලුවකට මුහුණ දීමට සිදු නොවණ බව ද ඔහු පෙන්වා දෙයි.

හිටපු මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ ූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

7,540 views
Main News