රාජපක්‍ෂලා සමග ගණුදෙනුවක් නෑ.. – ජනපති

January 3, 2017 at 4:40 pm | lanka C news
රාජපක්‍ෂලා සමග ගණුදෙනුවක් නෑ.. – ජනපති

රාජපක්ෂවරුන් සමග ගණුදෙනුවක් නැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැනුම් දුන් බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

නව වසරේ රාජකාරී ආරම්භ කිරීම සදහා සෞඛ්‍යල පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කළුතර පිහිටි තම දේශපාලන කාර්යාලයේ පැවැත් වූ උත්සවයකදී ඔහු මෙි බව ප්‍රකාශ කලේය.

‘රාජපක්ෂවරුන් සමග කිසිදු ගණුදෙනුවක් සිදු නොකරන බව ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර තිඛෙනවා. ජන මතය වැරදි ලෙස භාවිත කරන්නේ නැහැ. රාජපක්ෂවරුන් සමග ගණුදෙනු කරන එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් පිළිබදව ද සොයා බලන ලෙස ජනාධිපතිවරයා මෙම මන්ත්‍රී කණ්ඩායමට පසුගියදා පැවැති සාකචිඡාෙවි දී දැනුම් දුන්නා. එම නිසා මෙම රජය පෙරලා දැමීමට කිසිවෙකුට නොහැකියි. 2017 වසර විජයග්‍රාහි වසරයි. දුෂණ වංචා, මනුෂ්‍ය ඝාතන, පිළිබද පරීක්ෂණ සිඝ්‍රගාමිව අවසන් කළ යුතුයි.

සිංහල ජාතිවාදීන් වැඩිපුරම කථා කරන්නේ බලය ලබාගැනීමටයි. එහෙම පිරිසක් ද්‍රවිඩ ජනතාව තුළත් සිටිනවා. මෙම ජාතිවාදී කාලකණනි දේශපාලන ක්‍රමය රට විනාශ කළා. ඇතැම් අය අදත් සිදු කරන්නේ ඒ දේමයි. බුද්ධිමතුන් කියා ගන්නා, රට ගැන නොසිතන පිරිසකුත් ලංකාෙවි ඉන්නවා. ඇතැම් ජනාධිපති නීතිඥවරුන් ලිං මැඩියෝ වගේ. රටේ නීති රීති ගැන නොදැන කෙටුම්පත් හදනවා. බලය ඛෙදාහැරීම ලෝකය පුරාම සිදු වෙනවා. අපිට ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ජනමත විචාරණය පිළිබදව ඇතැම් පිරිස් විවිධ මත පළ කරනවා. නමුත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ජාතික ප්‍රශ්ණය විසදීම සදහා සිංහල ජනතාවගේ කැමැත්ත මත විසදුමක් අවශ්‍ය බව ප්‍රකාශ කර තිඛෙනවා. එය හොද ලක්ෂණයක්. වර්තමානයේ මාධ්‍ය රජය විෙවිචනය කරනවා. තොරතුරු දැන ගැනීෙමි පනත ඉදිරිපත් කර ඇති අතර, ඔිනෑම කෙනෙකුට රාජ්‍ය ආයතනයක තොරතුරු ලබාගැනීෙමි අවස්ථාව උදාවී තිඛෙනවා.

සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කරන්නේ නැහැ. නිදහස් සෞඛ්‍ය සේවාව අඛණ්ඩව ලබාදෙනවා. චීනයේ සහයෝගය මත මාගම්පුර වරාය, මත්තල ගුවන්තොටුපල සංවර්ධනය කරනවා. අක්කර දහස් ගණනක නිදහස් වෙළෙද කළාපයක් බිහි කරනවා. එමගින් ලක්ෂගණනකට රැකියා ලැඛෙන අතර, මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල දරිද්‍රතාවය නැති වෙනවා. මාගම්පුර වරායේ තෙල් ටැංකි සංකිර්ණය ඉදි කළ යුතුයි. හිටපු ජනාධිපතිවරයා කළේ තම උපන් දිනයට බෝඩි ගහගෙන වරාය සහ ගුවන්තොටුපල විවෘත කරපු එක විතරයි. එම ආර්ථික මරමස්ථාන පවත්වාගෙන යන ආකාරය පිළිබද සොයා බැලුවෙ නැහැ. වර්තමානයේ කටුනායක ගුවන්තොටුපල සංවර්ධනය කිරීම සදහා වසා දමනවා. නමුත් විදේශීය ගුවන් යානා මත්තල ගුවන්තොටු පලට පැමිණීමට මැලි කමක් දක්වනවා. ඒ පහසුකම් නොමැතිවීම නිසයි. එ`ම නිසා අවශ්‍ය සියළුම පහසුකම් ඉදිකිරීම රජයේ අපේක්ෂාව’

– නිපුන් ඒකනායක

47 views
Main News