රාජපක්‍ෂ ඉන්නේ නරින් සමගයි.. මා ඉන්නේ සිංහයින් සමගයි.. – මර්වින්

November 19, 2016 at 4:40 pm | lanka C news
රාජපක්‍ෂ ඉන්නේ නරින් සමගයි.. මා ඉන්නේ සිංහයින් සමගයි.. – මර්වින්

‘ඩී.ඒ. රාජපක්‍ෂ ගුණ සමරුවට ආව නරි ටිකක්‌ හූ කිව්වා. ඔය නරි නිසා තමයි, රාජපක්‍ෂලාට වැරදුනෙ. මම දැන් නරිත් එක්‌ක නැහැ. මම ඉන්නෙ සිංහයො එක්‌ක’ යෑයි හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා කියා සිටියේය.

ඩී. ඒ. රාජපක්‍ෂ ගුණ සමරු උත්සවය 17 දා කොළඹ නව රඟහල ශාලාවේ පැවැති අවස්‌ථාවේ ඊට සහභාගි වූ මර්වින් සිල්වා මහතාට රැස්‌ව සිටි පිරිස හූ කියමින් සිය විරෝධය පළ කළහ.

මර්වින් සිල්වා මහතා මෙසේ ද පැවැසීය.

‘මම ඔය උත්සවයට ගියේ මට ලැබුණු ආරාධනාවක්‌ අනුවයි. මෙය ඉතා වටිනා පුද්ගලයකු වෙනුවෙන් පිළියෙල කළ උත්සවයක්‌ නිසයි මා ඊට සහභාගි වුණේ.

ගීතාංජන ගුණවර්ධන මහතාත් එහි සිටියා. අපි දෙදෙනා අතර බහින්බස්‌වීමක්‌ද සිදු වුණා. චමල් රාජපක්‍ෂ මහත්මයයි මමයි හොඳට කතාබහ කළා. ඒත් මේ උත්සවයට පැමිණි නරි පිරිසක්‌ මට හූ කිව්වා. ඒක මා පිළිගන්නවා. ඔය හූ කිව්ව පිරිස තාමත් ඉන්නේ රාජපක්‍ෂලා සමඟයි. මම ඉන්නේ සිංහයෝ සමඟයි.

පිදිය යුත්තන් පුදන්නට ගිහින් ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙම කරනවා නම් ඔවුන්ගේ පස්‌සේ ගිහින් අමාරුවේ වැටෙන්න එපා කියා මා ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයන්ගෙන් ඉල්ලීමක්‌ කරනවා’

– දිවයින

34 views

10 Comments to “රාජපක්‍ෂ ඉන්නේ නරින් සමගයි.. මා ඉන්නේ සිංහයින් සමගයි.. – මර්වින්”

  1. Ajith says:

    kathawa atta.

  2. Dickie Bird says:

    hari… hari Balu Sinhayath hoooo kiyagena pitawenawa api dakka.
    AQney pala merviyo yanna maka bawila.

  3. pradeep says:

    මෙන්න තවත් නරියෙක්

  4. fernando says:

    ANEY BOHOMA ස්තුතියි
    BALU SINHAYOTH EKKA INNA

  5. මල්කාන්ති says:

    මෙයා හිතාගෙන ඉන්නෙ අර රෑ උනාට පස්සෙ තාප්ප ගස් කදන් වල බඩගාල ඉඳල හිටල ගෙවල් වල සීලින් අස්සටත් රිංගන කළුපාට මූණ දිගටි දිග වළිගයක් තියෙන ලොකු බළලෙක් විතර සත්තුන්ට කියන්නෙ සිංහයො කියලද මංදා.

  6. Alapaluwa says:

    පණ බේරගන්න තුත්තිරි ගහේත් එල්ලෙනවා කියන්නේ මේකටයි.පුළුවන් කාලේ කළේ මොනවද කප්පම් ගත්තා තිබෙන පොඩිම කඩයෙන් පවා.මම මේ කියන්නේ කිරිබත්ගොඩ නගරයේ තිබෙන කඩ බුලත් සුරුට්ටු වැනිදෙවල් විකුණන අයපවා දියයුතුයි.මොවුට හිටියා මේයට උදවුකරණ සියළුම පක්කලි දේවල් කරදෙන අයෙක් සිංගප්පුරු සරත් කියලා මිනිහ තමයි මැන් Drug lord Mafia කොහොමහරි ප්‍රදේශිය සබාපතිවත්( මඩවල) නැතිකරා සරත්ගේ සහෝදරියගේ පුතා මගින්.මොවූ ලස්සණ දේවල් කලා ඒකාලේ දැන් හොට බිම ඇනුන මොකදවගේ ඉන්නවා ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ.මේවගේ ගස්ගේම්බන්ව හතර මයිමකට වැද්දගන්න නරකයි.මගේ හීනය සබැවෙනකම් මම ඉන්නේ එනම් ගෝටබය මැතිතුමා ජානධිපති වී ඩොනල්ඩ් ට්‍රුම්ප් වගේ තමන්ගේ රටගැන සිතා සෞබග්ගය උදාකරදේනතෙක් මේයයි මගේ හීනය.

  7. Chandana says:

    රාඡපක්ෂවරු තමයි මේ වගේ ගොරකයෝ මාකට් කළේ.

  8. deshappriya says:

    මූට යන්ඩ අපායක් නැ
    එහෙ උසාවියක් තිබුනොත් ඇප දෙන්නෙත් නැ

    පුදුම පාහර මිනිසෙක්
    කාපු බතේ රෙනවා කියන්නේ මේකාට

    සිංහයෝ ඉන්නේ උඹ ළඟ නෙවේ
    මහින්ද මහත්තයා ගාව

    මෙයාගාව රි කන රිළව්
    ඒකඅපි දැක්ක එදා

  9. මෙන්න එල්ලෙන වැලක් නැති මොකෙක් හෝ පිලි නොගන්නා මගෝඩිස්තුමා එල්ලෙන්න වැලක් හොයනවා වගේ මටනම් පෙනෙන්නේ?

Main News