රාජපක්‍ෂ යුගයේදී බිලියන හාරදාහක බැදුම්කර වංචා කරලා.. වංචාව එලි කරන්න ජනාධිපති කොමිසමක්..

January 19, 2018 at 8:40 am | lanka C news
රාජපක්‍ෂ යුගයේදී බිලියන හාරදාහක බැදුම්කර වංචා කරලා.. වංචාව එලි කරන්න ජනාධිපති කොමිසමක්..

කලුතර ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින සුසිල් පද්මසිරි මහතාගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර ගල්අස්ස ප්‍රදේශයේ දී පසුගියදා පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

රාජපක්ෂ යුගයේ දී රුපියල් බිලියන 4000 ක බැදුම්කර මගඩියක් පිළිබද තොරතුරු හෙළි වී තිබෙනවා. ඒ පිළිබදව සොයාබැලීම සදහා තවත් කොමිසමක් පත් කරනවා. එම බැදුම්කර ගැහිල්ල කරපු අය තමයි වත්මන් රජයේ බැදුම්කර හොරකම පිළිබදව අදහස් පළ කරන්නේ. එහි සිදුව ඇත්තේ රුපියල් බිලියන 11 ක වංචාවක් බව කොමිසන් සභාවේ වාර්තාවේ සදහන් වෙනවා. එම බිලියන 11 ත් අයකර ගත යුතුයි. නමුත් එම සමාගමේ රුපියල් බිලියන 12 ක මුදලක් මහ බැංකුව රදවාගෙන තිබෙනවා. මෙවැනි හොරකම් සිදු කළ අය තමයි බැදුම්කරය පිළිබද අද අදහස් පළ කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණත් මේ ගැන කථා කරනවා. කලුතර රත්තරං කියන්නේ වැලේ හිටපු එකෙක්. සුද්දන්ගේ පිටුපස ගොස් සල්ලි ගත් පුද්ගලයෙක්. හැබැයි මෙම පුද්ගලයාට ගල්කිස්සේ සිට කලුතර දක්වා හෝටල්, ගෙවල් තිබෙනවා. මොවුන් කළේ දේශපාලනය කියලා බිස්නස්. ඒ පිළිබදව ද තොරතුරු හෙළි වී තිබෙනවා. විඡේමාන්නලා හොරකම් කරලා නැහැ. තියෙන දෙයක් ලබාදුන්නා. කලුතර ගල්අස්ස ප්‍රදේශයේ ළමා සහ මාතෘ රෝහලක් ස්ථාපිත කරනවා. එය නෙදර්ලන්ත ණය ආධාර මතයි සිදු කරන්නේ. කලුතර මහ රෝහලට අනුබද්ධව ස්ථාපිත කරන මෙම රෝහල පසුව ශික්ෂණ රෝහලක් බවට පත් කරනවා.

පසුගිය රජය සමයේ වංචා සහ දුෂණ වලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගත්තේ නැහැ. එදා හිටපු මන්ත්‍රිවරුන් විවිධ වංචා සිදු කළා. කිසිදු මන්ත්‍රිවරයෙකුට එරෙහිව කවුරුවත් කථා කළේ නැහැ. සැම මාර්ගයක් ම ඉදිකිරීමේ දී කොමිස් ලබාගත්තා. එහෙම අය තමයි දැන් ඡන්දය ඉල්ලන්නේ. හොර බිහි කරන්නෙත් ඡන්ද දායකයින්. මේ වගේ හොරුන්ට ඡන්දය දෙන්න එපා. වර්තමානයේ රජයේ අමාත්‍යවරුන් ද වැරදි කළත් පරීක්ෂණ පවත්වනවා. ජනතා විමුක්ති පෙරමුණ විවිධ දේශපාලන පක්ෂවල වැරදි සොයනවා. ඉන් පසු දේශපාලන පක්ෂ විවේචනය කරනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් විඡේමාන්න මහතා ඇතුලු අපේක්ෂකයින් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

164 views

26 Comments to “රාජපක්‍ෂ යුගයේදී බිලියන හාරදාහක බැදුම්කර වංචා කරලා.. වංචාව එලි කරන්න ජනාධිපති කොමිසමක්..”

  1. Prasad says:

    Yako mewa balanne modayo nemei kanbangara mahathayatai,lalith mahaththayatai pin sidda wenna lankawe godak minissunta therenawa.
    Meka us doller kaloth billion 30k e kiyanne lankawe gdp per year wada wedi .
    Auditor kiwane ewaye kisima dusanayak ne kiyala.
    Kotas welandapala thama e kale aloysius gahuwe

  2. මම සිංහයා! says:

    පිං මාළුවලේ කුසල් හාමි මාළු බානවා…

  3. Rojer says:

    Is this same as $18B you found in Dubai bank?
    Please explain the biggest Central Bank Roberrey already invested three times
    Don’t cloud that with unsubstantiated allegations to coverup yahapalana Roberrey

    People will not listen to your lies again

  4. SWoRD says:

    රටේ මහ බැංකුව කඩාගෙන කාපු හොරු දැන් කියනව කලින් රජය බිලියන් 4000 ක් හොරා කෑවාලු.
    බිලියන් 11 ක් හොරකම් කළාම මෙච්චර විනාසයක් වෙනවා දැනෙන ආර්ථිකයකට 4000 ක් ගියා නම් කොහොම විනාසයක් වෙන්න ඕනද ?

    රට දියුණු කරපු රාජපක්‍ෂලා විශ්වකර්මයො වෙන්නෙ ඕන​.

  5. සමන්මලී says:

    කාලෙකදී කට්ටියක් සරම් ඇදගෙන හොරකම් කරනවා
    තවකාලෙකදී අනෙක් කට්ටිය කලිසම් ඇදගෙන ටයි කෝට් දා ගෙන හොරකම් කරනවා
    මේවායේ පවූ ගෙවන්න ජනතාවගේ එදා වෙළෙන් ලුණු පොල්කට්ටෙන් පවා බදු ගහනවා
    මුන්ට වැහි නැති හෙන ගහන්න ඕන. ජනාධිපතිතුමා කියනවා වගේ මේ අවජාතක කාලකන්නි අවීචි මහා නරකාදියට යන තෙක් දඩුවම් දෙන්න ඕන

    • Rabok says:

      Janadhipathi is the one who is keeping him in the Gov. So MY3 is also responsible for all his dumbest comments – biggest problem is -nobody apparently reads the comments about him on public media – wasalayo

  6. kadiya says:

    මූ හැමදාම වගේ අදත් තමුන් හරක බව පෙන්වලා. මූ ඉලක්කම් දන්නේ නැහැ.

  7. Chathura Senarathne says:

    ඒක හරි. ඒ කාලේ නිකුත් කළ මුළු බැඳුම් කර වටිනාකම බිලියන 4000 විය හැක.
    තවත් අය නැව් හත අටද ගෙන තිබේ.ඒ මදිවට බිලියන 4000 ක් ඉවත් වුණොත් ඒ ආර්තිකය ගෙන යන්නට අමාරුය.
    මේ මනුස්සයාට මේ කාරණය නොතේරෙන වග පේනවා.
    දෙවියන්ට කට දිය හැක.
    සමහර විට වැරදි කටක් වැරදි තැනකද සවිකර දිය හැක.
    ඒත් මේ වගේ අයට මොලයක් දීමට මෙතෙක් පහළ වූ කිසිම දෙවියෙකුට පුළුවන් වී නැත.
    සමහරවිට නාලක ගොඩහෙවා මහත්තයගෙන් මෙයාට බෙහෙත් කිරන්නයක් වත් ලැබුණොත්!

  8. Rabok says:

    Jathiye karumeta pahala unu wasala geriyek

  9. Banda says:

    Hena gahapiya thota.para ballot boru kiyala baleta awilla thopi tawath rata kanawa

  10. pina says:

    අන්න හරි සර් ,දාමු කොමිසමයක්. අර අහුවෙලා තියන ඩුබායි සල්ලිත් අරන්, ඔය බිලියන 4000 ත් අය කරගත්තොත් බැදුම් කරෙත් ගෙවලා , අපිටත් බෙදාගෙන කන්න, රජ මගුල් නේද. මැරන කම් ඕන ජරා වලක නට නටා ඉන්න බැරිවැයි.

Main News