රාජපක්ෂ යුගයේදී බිලියන හාරදාහක බැදුම්කර වංචා කරලා.. වංචාව එලි කරන්න ජනාධිපති කොමිසමක්..
January 19, 2018 at 8:40 am | lanka C news
කලුතර ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින සුසිල් පද්මසිරි මහතාගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර ගල්අස්ස ප්‍රදේශයේ දී පසුගියදා පැවැත්විනි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –
රාජපක්ෂ යුගයේ දී රුපියල් බිලියන 4000 ක බැදුම්කර මගඩියක් පිළිබද තොරතුරු හෙළි වී තිබෙනවා. ඒ පිළිබදව සොයාබැලීම සදහා තවත් කොමිසමක් පත් කරනවා. එම බැදුම්කර ගැහිල්ල කරපු අය තමයි වත්මන් රජයේ බැදුම්කර හොරකම පිළිබදව අදහස් පළ කරන්නේ. එහි සිදුව ඇත්තේ රුපියල් බිලියන 11 ක වංචාවක් බව කොමිසන් සභාවේ වාර්තාවේ සදහන් වෙනවා. එම බිලියන 11 ත් අයකර ගත යුතුයි. නමුත් එම සමාගමේ රුපියල් බිලියන 12 ක මුදලක් මහ බැංකුව රදවාගෙන තිබෙනවා. මෙවැනි හොරකම් සිදු කළ අය තමයි බැදුම්කරය පිළිබද අද අදහස් පළ කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණත් මේ ගැන කථා කරනවා. කලුතර රත්තරං කියන්නේ වැලේ හිටපු එකෙක්. සුද්දන්ගේ පිටුපස ගොස් සල්ලි ගත් පුද්ගලයෙක්. හැබැයි මෙම පුද්ගලයාට ගල්කිස්සේ සිට කලුතර දක්වා හෝටල්, ගෙවල් තිබෙනවා. මොවුන් කළේ දේශපාලනය කියලා බිස්නස්. ඒ පිළිබදව ද තොරතුරු හෙළි වී තිබෙනවා. විඡේමාන්නලා හොරකම් කරලා නැහැ. තියෙන දෙයක් ලබාදුන්නා. කලුතර ගල්අස්ස ප්‍රදේශයේ ළමා සහ මාතෘ රෝහලක් ස්ථාපිත කරනවා. එය නෙදර්ලන්ත ණය ආධාර මතයි සිදු කරන්නේ. කලුතර මහ රෝහලට අනුබද්ධව ස්ථාපිත කරන මෙම රෝහල පසුව ශික්ෂණ රෝහලක් බවට පත් කරනවා.
පසුගිය රජය සමයේ වංචා සහ දුෂණ වලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගත්තේ නැහැ. එදා හිටපු මන්ත්‍රිවරුන් විවිධ වංචා සිදු කළා. කිසිදු මන්ත්රිවරයෙකුට එරෙහිව කවුරුවත් කථා කළේ නැහැ. සැම මාර්ගයක් ම ඉදිකිරීමේ දී කොමිස් ලබාගත්තා. එහෙම අය තමයි දැන් ඡන්දය ඉල්ලන්නේ. හොර බිහි කරන්නෙත් ඡන්ද දායකයින්. මේ වගේ හොරුන්ට ඡන්දය දෙන්න එපා. වර්තමානයේ රජයේ අමාත්‍යවරුන් ද වැරදි කළත් පරීක්ෂණ පවත්වනවා. ජනතා විමුක්ති පෙරමුණ විවිධ දේශපාලන පක්ෂවල වැරදි සොයනවා. ඉන් පසු දේශපාලන පක්ෂ විවේචනය කරනවා.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් විඡේමාන්න මහතා ඇතුලු අපේක්ෂකයින් එක්ව සිටියහ.
– ප්‍රසන්න අධිකාරී
දතා මිස මොන කතාද චංඳයක් ලඟ එනවිටදී මූට රාජපක්ෂ අපලය ලබනවා ග්‍රහයා මාරූවූ විටදී අපි බලමු මොකාගේ අපලයද කියලා???????????
ඇයි දැන් අර තජුඩින්ගෙ මිනිය එලියට ගන්නෙ නැත්තෙ?
ඕං ශ්රීං තජුඩින් වර, වර. මලමිනී ලාභයි! මලමිනී ලාභයි!
Rajitha is such a fool and he cannot only up to 32. If Mr had stolen Rs 4000 Billions what was the net budget during his tenor of office.