රාජපක්‍ෂ යුගයේ කල ඝාතන, දුෂණ වංචා, පැහැර ගැනීම් ලේඛණයක් හෙළි කිරීමට සූදානම්..- රාජිත

March 21, 2018 at 6:28 am | lanka C news
රාජපක්‍ෂ යුගයේ කල ඝාතන, දුෂණ වංචා, පැහැර ගැනීම් ලේඛණයක් හෙළි කිරීමට සූදානම්..- රාජිත

පසුගිය රජය සමයේ සිදු වූ පැහැර ගැනීම් පිළිබද ලේඛණයක් ඉදිරියේ දී රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රුපියල් කෝටි 37 ක වියදමින් ඉදිකිරීමට යෝජිත කෑගල්ල මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛය අමාත්‍යවරයා –

“කෑගල්ල මහ රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරිම සදහා ඉල්ලීමක් ලැබී තිබුනා. ඒ සදහා වැය වන මුදල රුපියල් මිලියන 250 ක්. එම වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට මම අවසර ලබාදුන්නා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ දී විවිධ බලපෑම් එල්ල වුනා. ඉදිරියේ දී පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කරනවා. තව දෙසතියකින් පමණ එය ප්‍රකාශයට පත් කරන්න පුලුවන්. සෞඛ්‍ය සේවාවක් මිසක් වෙළෙද ව්‍යාපාරයක් නොවෙයි.

එක්තරා පෞද්ගලික රෝහලක හෘද සැත්කමක් සදහා රුපියල් ලක්ෂ 23 ක මුදලක් අය කර තිබෙනවා. එය අසාධාරණයි. නමුත් අවසානයේ රෝගියා ද ජිවිතක්ෂයට පත් වුනා. විශේෂඥ වෛද්‍යවරයා පමණක් දැනුම් දී තිබෙනවා තම මුදල අවශ්‍ය නොවන බව එවැනි මානුෂීය වෛද්‍යවරුන් ද සිටිනවා.

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙලේ දී වෛද්‍යවරුන්ගේ ගාස්තු අඩු කිරීමට කැමැත්තක් නොමැති බව පෞද්ගලික රෝහල් සංගමය දැනුම් දී තිබෙනවා. මම මේ පිළිබදව සාකච්ඡා කරන්න කැමැතියි. නමුත් වෛද්‍යවරුන් බහුතරය රජයේ රෝහල්වල සේවය කරමින් වැටුප් සහ දීමනා ලබාගන්නා අයයි. පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර කිරීමෙන් ඔවුන් ලබන්නේ අමතර ආදායමක්. ඒ ගැනත් සිතා බැලිය යුතුයි.

පසුගිය රජය සමයේ දුෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතන රැසක් සිදුව තිබෙනවා. පැහැර ගැනීම් පමණක් පරිගණක ගත කළ පිටු 04 ක් තිබෙනවා. එම තොරතුරු ලේඛණය මම ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරනවා. නමුත් අද දිනය වන විට පැහැරගැනීම් කිසිවක් සිදු වන්නේ නැහැ. ජනතාවට නිදහස ලබා දී තිබෙනවා. නමුත් ජනතාවට එය තේරෙන්නේ නැහැ.”

– ප‍්‍රසන්න අධිකාරී

0 views

25 Comments to “රාජපක්‍ෂ යුගයේ කල ඝාතන, දුෂණ වංචා, පැහැර ගැනීම් ලේඛණයක් හෙළි කිරීමට සූදානම්..- රාජිත”

  1. aagamikaya says:

    Me Rajapaksa yuge dushana heli Karanna yanne yatagiya davasa Sri lanka dveepaye amati kenek vela sitiyadi Navy ekata bala beheth genath ahu vela hire giya RAJITHA da?

Main News