රාජපක්‍ෂ යුගයේ කිරිපිටි දුන්නේ හැන්දෙන් මැනලා… ජනතාවට කන්න තිබුනේ නෑ.. කබීර්

October 9, 2018 at 12:00 pm | lanka C news
රාජපක්‍ෂ යුගයේ කිරිපිටි දුන්නේ හැන්දෙන් මැනලා… ජනතාවට කන්න තිබුනේ නෑ.. කබීර්

අද රටේ අර්බුදයක් තියනවා කියලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියනවා. එම නිසා භාරකාර ආණ්ඩුවක් හදන්න ඕනලූ. කොහෙද අර්බුදයක් තියෙන්නේ. අර්බුදය තියෙන්නේ, ඒ අයගේ පොහොට්ටු පක්ෂයේ. පක්ෂය ඇතුලේ අර්බුද, පවුල ඇතුලේ අර්බුද, රැවුලයි, අවුලයි, පවුලයි ඔක්කොම මහින්ද රාජපක්ෂගෙ. රැවුල නවන පැත්තට මේ ආණ්ඩුව නවන්න බැහැ කියල මම කියනවා.

මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා මේ අදහස් පල කලේ රුපියල් ලක්ෂ 5400 මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ දිවයින පුරා ක‍්‍රියාත්මක මාර්ග සංවර්ධන වැඩ සටහන් යටතේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ අක්මීමන මැතිවරණ කොට්ඨාශයේ ක‍්‍රියාත්මක කල මාර්ග ව්‍යාපෘති කිහිපයක් පසුගියදා ජනතා අයිතියට පත් කිරිමේ උත්සව අවස්ථාවන්ට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ ආණ්ඩුවේ තියෙන්නේ සංහිදියාව, සංවර්ධනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය. පවුල් වාදයක් නැහැ. ඩොලරයේ අර්බුදයක් අපේ රටේ නැහැ. ලෝකයේ සෑම රටකම විවිධ අර්බුද නිර්මාණය වෙලා තියෙනවා. ඉන්දුනීසියාව, තායිලන්තය, කැනඩාව, තුර්කිය වැනි හැම රටකම තමන්ගේ විනිමය අවප‍්‍රමාණය වෙලා තිබෙනවා. සමහර රටවල සීයයට පනහකින් :50‍්‍ර* තම රටේ මුදල් එ්කකය අවප‍්‍රමාණය වෙලා තියෙනවා. අපේ රජයට හැකිවී තිබෙනවා අවප‍්‍රමාණය සීයයට හතකින් අටකින් නතර කර ගන්න.

ඇත්තටම අර්බුදය තිබුණේ එදා මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුලයි. එදා රටේ ජනතාවට කිරිපිටි ටික දුන්නේ හැන්දෙන් මැනලා. මොකද කිරිපිටි මිල අහස උසට නැගලයි තිබුණේ. රටේ දුප්පත් ජනතාවට කන්න දුන්නේ නැහැ. අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල වැඩි වුණා.

ජාතිය ගොඩනැගිමේ කියල තොග සහ සිල්ලර භාණ්ඩ වලට බද්දක් හදලා අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල වැඩි කලා. සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන පරිප්පු, සීනි, කරවල ආදී භාණ්ඩ වල මිල ගණන් වැඩි කලා. අන්න එහෙමයි එදා ඒ අය වැඩි කලේ.

නමුත් තමන්ගේ ගෙදර සිටින විදේශිය රටවලින් ගෙනා සුනඛයින්ට දෙන කෑම වල මිල අඩු කලා. ඒ වගේම තමන්ගේ දරුවන්ට රේස් පදින කාර් බදු රහිතව පිට රටින් ගෙනත් දුන්නා. ඔන්න ඔය කාලෙ තමයි රටේ ඇත්තටම අර්බුදය තිබුණේ.

එදා 1994 වසරේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව අපි භාර දෙන කොට ඩොලරයේ වටිනාකම තිබුනේ රුපියල් 49.50ට, එදා අපි භාර දුන්නේ රුපියල් 49.50 යි. නමුත් නැවත 2014 වෙන කොට ඒ අයගේ පාලන කාලය තුල ඩොලරය රුපියල් 138.59 ඉහල ගියා. කොයිතරම් රුපියල අවප‍්‍රමාණය වෙලා තියෙනවාද එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලන කාලය තුල. හරිනම් එල්ලන්න තිබ්බේ ඔක්කොම අය. දැන් සමහරුන්ට අමතක වෙලා තිබෙනවා ඒ කාලෙ තිබුණ රුපියලේ වටිනාකම.

අක්මීමන මැතිවරණ කොට්ඨාශයේ මාර්ග සංවර්ධනයට මහාමාර්ග අමාත්‍යාංශය හරහා රුපියල් ලක්ෂ 6000ක් විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ඉල්ලීම මත ලබාදීමට හැකි වුණා. අපේ රජය බලයට පැමිණි මේ කෙටි කාලය තුලදී සැම කෙනෙකුටම නිවාස සංවර්ධන අමාත්‍යාංශය මැදිහත්ව ගෙයක් දෙනවා. ඉඩම් අමාත්‍යාංශය යටතේ සින්නක්කර ඉඩමක් ලබා දෙන්නත් ලක්ෂ 45ක පාසල් ළමුන් සදහා සුරක්ෂා රක්ෂණය ලබාදිමට කටයුතු කරමින් සිටිනවා. සමෘධි ආධාර ලක්ෂ 3කට ලබා දී එය වැඩි කරන්නත් ගම්පෙරලිය එන්ට‍්‍රප‍්‍රයිස් වැඩ සටහන යටතේ රට සංවර්ධනය කරන්නත් බලාපොරොත්තු වන බවද සිහිපත් කළේය. අද රටේ ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන නිසා රැුකියා දෙන වැඩපිළිවෙලක් ගරු අගමැතිතුමාගේ උපදෙස් මත ඉදිරියේදි කි‍්‍රයාත්මක කරන බවත් සදහන් කළේය.

– නිශ්මං රණසිංහ

107 views