රාජපක්‍ෂ යුගයේ කොළඹ වරාය හොඳයි.. අර්ජුනගේ කාගෙදී කෑවා.. ඒ නිසා බිලියන තුනහාමරක් නැතිවුනා.. අර්ජුනගේ බෙල්ල කපන අලුත් වැඩසටහන වරාය ඇමති පටන් ගනී..

August 2, 2017 at 10:40 am | lanka C news
රාජපක්‍ෂ යුගයේ කොළඹ වරාය හොඳයි.. අර්ජුනගේ කාගෙදී කෑවා.. ඒ නිසා බිලියන තුනහාමරක් නැතිවුනා.. අර්ජුනගේ බෙල්ල කපන අලුත් වැඩසටහන වරාය ඇමති පටන් ගනී..

පසුගිය කාලයේදී එක දිගටම රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදු කල මහා පරිමාණ ව්‍යාපති අති දූෂිත මෙන්ම කිසීම කෙටිකාලීන ප්‍රතිලාභයක් නැතයි කී සම්මුති ආණ්ඩුවේ ප්‍රබලයන් එක පාරටම රාජපක්ෂ යුගයේ කරපු හොද වැඩක් ලෙස කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය එකේ සියලු වැඩ අවසන් කිරීමට එදා රජය පියවර අරගෙන තිබූ බව පැවසිය. නව රජය පැමිණිමත් සමඟ ඒ අවශ්‍ය කටයුතු වසර දෙකක් යනතුරු නිසියාකාරව නොකළ නිසා කොළඹ වරායට රුපියල් මිලියන 3500 ක එනම් බිලියන තුනාහාමරක පාඩුවක් සිදු වී ඇති බවත් එම කතාවේදි නව වරාය සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ යුගයේ සිදු කල සියලුම සංවර්ධනය සම්බන්ධව සිරිසේන ජනාධිපතිවරයා ද නිතරම විවේචනය කරන යුගයක හිටිහැටියේ මහින්ද රාජපක්ෂ යුගය එක වැඩක් පමණක් හොද වීම ඉතා දුර්ලභ සිදුවීමකි, 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කිරිමේ සටනේ ඔහු සමඟ එකට සිටි අර්ජුන රණතුංග තම සහෝදර අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයකු එක පාරටම කපා දැමිමේ හාස්‍යජනක යි. හිටපු වරාය අමාත්‍යවරයා වරදක් කර ඇතත් මේ ආකාරයෙන් රාජපක්ෂ යුගයේ කල සංවර්ධනය අගය කිරීම කිසිවිටක ජනාධිපතිවරයා ඉදිරිපිට සිදු නොකරන මොහොතේ මෙසේ කීම පිටුපස අර්ජුන රණතුංග අමාත්‍යවරයාට විරුද්ධව වෙනත් න්‍යායය පත්‍රයකට අනුව අලුත්ම වැඩසටහනක් ක්‍රියාත්මක වන බව අවබෝධ වනු ඇත.

ඉහළින් ලැබුනු උපදෙසක් අනුව මෙම සැලස්ම ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබෙන අතර මෙහි පිටුපස කොළඹ දිස්ත්‍රික්යේ පරාජය වු මෙන්ම වර්තමාන වරාය ඇමතිවරයා මෙන්ම ශ්‍රිලනිප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයකු ද සිටි, එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ඉහළ නායකත්වය සමඟ සැමදා ලගින් සිටින නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ද මෙම වැඩසටහන මෙහෙය වන බව රාජපක්ෂ යුගය කෙරුණු සංවර්ධන සම්බන්ධ ගුණ කථනය හරහා සනාථ වේ. Link

15 views
Main News