මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා මගේ කාලයේ මහා බැංකුව ගැන කියන්නේ අමූලික බොරු.. මගෙන් පැය 24 පුරා ප‍්‍රශ්න කරනු..- මහේන්ද‍්‍රන් මෙන් පැන නොයා කබ්රාල් අභියෝග කරයි..

January 23, 2018 at 1:20 pm | lanka C news
මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා මගේ කාලයේ මහා බැංකුව ගැන කියන්නේ අමූලික බොරු.. මගෙන් පැය 24 පුරා ප‍්‍රශ්න කරනු..- මහේන්ද‍්‍රන් මෙන් පැන නොයා කබ්රාල් අභියෝග කරයි..

‘මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා මගේ කාලයේ මහා බැංකුව ගැන කියන්නේ අමූලික බොරු. අවශ්‍යනම් පැය 24 පුරා විමර්ශනයකට සහය දෙන්න ලැහැස්තියි’ යයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා (2006-2014) පවසයි.

රාජපක්‍ෂ පාලන සමයේ බිලියන හාරදහසක බැදුම්කර මංකොල්ල සිදුවුයේ යයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඒ මහතා විසින් අප වෙත අදහස් පල කලේ මෙසේය.

“මෙරටේ ඉතිහාසයේ සිදු වු විශාලතම මූල්‍ය වංචාව ලෙස මෛත්‍රී-රනිල් යුගයේ සිදු වූ මහා බැංකු බැදුම්කර වංචාව ලෝක වාර්තාවක් තබා තියෙනවා. අද ඒක යට ගහන්න මේ ආණ්ඩුව උත්සහ ගන්නවා, ඒ වගේම මේ මගඩිය නිසා මෙරටේ සමස්ථ ආර්ථිකයට වූ හානිය හංගන්න මේ ආණ්ඩුවේ බලයට ගෙනා පාර්ශවයන් විසින් අලුත්ම උපායමාර්ගයක් අනුගමනය කරමින් ඉන්නවා. ඒ, යහපාලන ආණ්ඩුවට පෙර එනම් 2008 සිට යම් දූෂණයන් මහා බැංකුව තුල සිදු වී ඇති බව හගවමිනි. මෙය සමස්ථ මහා බැංකුවේ සියලු රාජ්‍ය නිලධාරින්ට කරනු ලැබු අගෞරවයක් ලෙසයි මා දකින්නේ,

‘රටේ ජනාධිපතිවරයා ලෙස වගකීමකින් තොරව කරුණු වෙනස් කොට මේ සිදු වූ වංචාව අවප්‍රමාණය කිරීම ජනාධිපතිවරයා විසින්ම වංචාව සෙවීමට පත්කල කොමිසමට කරන මදි පුංචි කමකි. එමෙන්ම කොමිසමේ එම කාලයේදී වංචාවක් සිදු වී ඇති බවට කිසිදු සටහනක් යොදා නැහ’

කරුණු එසේ හෙයින් තමා 2006 සිට 2015 ජනවාරි 09 වෙනිදා දක්වා සිටි ශ්‍රීලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙසත්, මෙරටේ ජීවත්වන වගකියයුතු පුරවැසියෙකු ලෙසත් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ මාගේ ධූර කාලයේදී එවෙනි වංචා දූෂණයක් සිදු වී ඇත්නම් කරුණු සොයා බලන ලෙසයි. එසේ සිදුව ඇත්තම් වහාම එම කරුණු සොයා බැලිමට මෙවෙනිම හෝ කොමිසමක් පත් කරන ලෙසයි. ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙන්න වසර ගනනක් අවශ්‍ය නොවන බවත් ඒ වෙනුවෙන් පැය 24 පුරා සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බවත් හිටපු මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැනුම් දී ඇත.

එසේ නොමැතිව දේශපාලන වේදීකාවේ සිරිසේන-රනිල් පාලන කාලයේදී සිදු වූ මහා මුදල් වංචාව අවප්‍රාමාණය කිරිමට උත්සහ නොගන්නා ලෙස වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලා සිටි, එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙනුත් එසේ මෙසේ අභුත බොරු බේගල් නොකියන ලෙස ඉල්ලා සිටින බවත් හිටපු මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසිය.

එමෙන්ම අවශ්‍ය ඕනම පුද්ගලයකුට රජයේ විගණකාධිපතිවරයාගේ වෙබ් අඩවියය පිවිසීමෙන් තමාගේ ධූර කාලයේදී එවෙනි වංචාවක් සිදු නොවි ඇති බැව් තහවුරු කරගත හැකි බවත් තමා ඉතා ඕනෑකමින් ජනතාවගෙන් ඉල්ලා සිටින බැව් හිටපු ශ්‍රීලංකා මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප වෙත කීය.

38 views

12 Comments to “මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා මගේ කාලයේ මහා බැංකුව ගැන කියන්නේ අමූලික බොරු.. මගෙන් පැය 24 පුරා ප‍්‍රශ්න කරනු..- මහේන්ද‍්‍රන් මෙන් පැන නොයා කබ්රාල් අභියෝග කරයි..”

  1. Manel says:

    Thana kola nobudithi singha petaw! I salute you Mr Kabral.

  2. Dr Lakshman Fernando says:

    YES, CABRAL PROCEED. CONGRATULATIONS !

  3. Kings says:

    You are very correct Mr. Cabral. This President, PM and “Vishki Nona” alwaya telling lies. Othewise they do not have anything to cheat public. But public knows about them. This time all this bulshit understand all voters.

  4. samuvel says:

    Yes Mr Kabral, we wait to see whether this “Thun Kattuwa” may accept your challenge. Either by acceptance or by not acceptance, in both ways people of Sri Lanka shall have a better opportunity of understanding their nudity.

  5. Gracian says:

    Congratulations

  6. Karu says:

    ගිය වතාවේ බොරු ඇද බෑවාට ඊට කවුරුවත් උත්තර දුන්නෙ නැති එක මහින්දට පාඩු වුණා.
    මේ ගමන අතාරින්න එපා කබරාල් මහත්තයල.
    ගත්ත තැනම ඇරල දාන්න.
    දැන් බලමු, අර ඉස්සා (කුණු )දතා මොනවද කියන්නෙ කියල.

  7. Kuma says:

    WELL SAID SIR , SALUTE YOU…….

  8. ashoka says:

    well done sir salute you

  9. Sathya says:

    Well said Mr. Kabral. Keep on going against these ‘yahapalanaya kamba horu’.

  10. රටට හිතවත් says:

    නියමයි! ඔය එක එක හුළං බස්සෝ බස්සියෝ තාප්ප උඩ, බෝක්කු උඩ ඉඳගෙන කරන පුස් අභියෝග වලට, මහත්මයෙක් වගේ දීපු නියම රිටර්න් එක!! හරි! දැන් පුලුවන්නම් තියල පෙන්නපල්ලකෝ බලන්න ඔය කියන 2008-2015 “බැදුම්” කර වංචා විමර්ශනේ, හොම්බෙන් තමයි ගෙදර යන්න වෙන්නේ!!

Main News