රාජපක්‍ෂ යුගයේ සමෘද්ධි බැංකුවලට එකතු වෙන්න තිබුණු මුදල් කෝටි ගණනින් නැති වුණා..- SB

November 12, 2017 at 8:02 am | lanka C news
රාජපක්‍ෂ යුගයේ සමෘද්ධි බැංකුවලට එකතු වෙන්න තිබුණු මුදල් කෝටි ගණනින් නැති වුණා..- SB

‘මහපාරට වැටෙන අහිංසක දුප්පත් අම්මලා තාත්තලාටත් මේ රටේ ගෞරවනීය විදියට ජීවත් වෙන්නට හැකි පරිසයක් නිර්මාණය කරනවා. මගේ අමාත්‍යංශය යටතේ පවතින සමාජ සේවා දෙපාර්තමේන්තුව, වැඩිහිටි මහලේකම් කාර්යාලය, සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ද සහයෝගය ඇතිව ලංකාව වටා තිබෙන 1074ක් වූ සෑම සමෘද්ධි බැංකුවකට ම ලබන වසර වන විට වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පිහිටුවනවා. එම දිවා සුරැකුම් මධ්‍යස්ථානයන්ට පැමිණෙන වැඩිහිටියන්ට අවශ්‍ය පරිදි සුහදව සාකච්ඡා කරන්නටත්, ඔවුනට අවහ්‍ය නම් කැරම් සෙල්ලම් කරන්නට, අවශ්‍ය නම් කාඩ් සෙල්ලම් කරන්නට, පුස්තකාල පහසුකම්, අවශ්‍ය නම් ශරීර සුවතා ව්‍යායාම කරන්නට අවැසි පහසුකම් සියල්ල සපයා දෙනවා. එය මෙතෙක් කාලයක් අප අතින් මඟහැරුණු කටයුත්තක්’ යනුවෙන් සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2017/11/11 වැනි දින වරකාපොල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ දී එම ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරීන්ට සහ සමෘද්ධි ලාභීන්ට පවතින ගැටලු පිළිබඳ සොයා බැලීමේ හමුවකට සහාභාගී වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අපි මේ “සමෘද්ධි” කියන නම යෙදුවේ නිකම්ම නිකං නොවෙයි. මේ නම සිංහලන් කිවුවත්, දෙමළෙන් කිවුවත්, තෙලිඟු, කන්නඩා, මලයාලි මොන භාෂාවෙන් කිවුවත් ‘සමෘද්ධි” ම තමයි. ඒකේ තේරුම Prosperity කියන එකම යි. පසුගිය කාලයේ මෙය දිවි නැඟුම කියලා වෙනස් කළා කිසිදු පදනමක් නැතිව. මේ සමෘද්ධිය අපි නිර්මාණය කළේ ලෝකයේ හොඳම දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපාර ගණනාවක් අධ්‍යයනය කරලයි. ඒ අතර නොබෙල් සම්මාන ලාභී බංගලාදේශයේ මහාචාර්ය මුහම්මද් යුනුස්ගේ ‘ග්‍රාමීන්’ ව්‍යාපාරය, දකුණු කොරියාවේ සැමුවෙල් ඩොන් ව්‍යාපාරය, ඊශ්‍රායලයේ කිබුට්ස් ව්‍යාපාරය, ඉන්දියාවේ ‘සේවා’ ව්‍යාපරය ආදී ව්‍යාපාර ගණනාවක් පිළිබඳ පෘථුල අධ්‍යයනයකින් පසුව යි. එසේ දැක්මක් සහ නිවැරදි අරමුණු පෙරදැරි කරගෙන ආරම්භ කෙරුණු ව්‍යාපාරයක් සමෘද්ධි ව්‍යාපාරය. පසුගිය කාලයේ මේ විෂය භාරගත් අයට ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබුණේ නැති නිසා සමෘද්ධි බැංකුවලින් පොලී රහිත ණය, සියයට 2%ට සියයට 3%ට ණය නිකුත් කළා. එයින් වුණේ සමෘද්ධි බැංකුවලට එකතු වෙන්න තිබුණු මුදල් කෝටි ගණනින් නැති වීම.

ඉතාම සන්තෝෂයි සමෘද්ධිය නැවතත් අප අතට පත්වීම සම්බන්ධව. ඒ පිළිබඳ කැක්කුමක් අපට තිබෙනවා. මේ සමෘද්ධි බැංකු අපි යළිත් පණ ගන්වන්න පටන් අර ගත්තා. ලබන වසර වෙනවිට සමෘද්ධි බැංකු හරහා ක්ෂුද්‍ර ණය ලබාදීම, ලීසිං පහසුකම් ලබාදීම, උකස් සේවාව ආදී සේවාවන් ගණනාවක් අපි පටන් ගන්නවා. නවීන බැංකුවල තිබෙන තාක්ෂණය සහ අනෙකුත් පහසුකම් සහිතව නවීකරණය කරනවා. සමෘද්ධි බැංකු ලාභ ලබන බැංකු බවට පත් කිරීම තුළ ලෝකයේ අනෙකුත් රටවල වගේ ම දිළිඳුකම පිටු දැකීමේ ව්‍යාපාර සිදුකරන පරිදි රජයට ණය වෙන්නට, රජයෙන් යැපෙන්නට අවශ්‍ය වන්නේ නැහැ.

ඒවගේ ම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904 දෙනෙකුට මේ මස 15 වැනි දින නව පත්වීම් ප්‍රදානයකරනවා. ඒ විතරක් නොවෙයි ඒ අලුතින් බඳවා ගන්නා සියලු ම නිලධාරීන්ට දින 21ක ‘ධනාත්මක හැකියාව සහ නායකත්ව ගුණාංග වර්ධනය කිරීමේ’ පාඨමාලාවක් නේවාසිකව ලබා දෙනවා. ඒ තුළ සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කිරීමට හැකි සේනාවක් අපිට හදා ගන්නට පුළුවන් වේවි. එපමණකුත් නොවෙයි මේ වනවිටත් නිසි පරිදි පත්වීම් ලිපි ගැබී නැති සියලු ම නිලධාරීන්ට නිසි පරිදි පත්වීම් ලිපි ලබා දීමේ කටයුත්ත පටන් අරන් තිබෙන්නේ. එය මාස තුනක් වැනි කාලයක් තුළ අවසන් කරන්නට අපට හැකි වේවි. එසේ නිසි පරිදි පත්වීම් ලිපි ප්‍රදානයෙන් පසුව අපට පුලුවන් දැන් ඔබට තිබෙන ගන් විදයම් පිළිබඳ ගැටලුවත් නිරාකරණය කර ගන්නට. අපේ රටේ මෙතෙක් බිහිවුණු දිළිඳුකම පිටු දැකීමේ ව්‍යාපාර අතර නිවැරදි අරමුණක් සහ දැක්මක් සහිත මෙම ව්‍යාපාරය නිවැරදි මඟට ගැනීමට අපට දැන් පුළුවන් වෙලා තිබෙනවා. ඒ අනුව ඉදිරි අවුරුදු කිහිපය තුළ අපේක්ෂිත අරමුණු බොහෝ දුරට සඵල කර ගන්නට අපට හැකියාව ලැබෙන බව ස්ථිරයි. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, දැදිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක කීරිතිසිරි විජේතුංග, හිටපු මන්ත්‍රීවරුන් සහ වරකාපොල ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.

– ගයාන් පීරිස්

62 views

5 Comments to “රාජපක්‍ෂ යුගයේ සමෘද්ධි බැංකුවලට එකතු වෙන්න තිබුණු මුදල් කෝටි ගණනින් නැති වුණා..- SB”

  1. daham says:

    mekata nam hondatama pissuwa thada welaa. giya aanduwa samurdhi bankuwalin naya deepu ekata dos kiyanawa. habayi eyath e banku walinma noyek aakaara naya labaa denawalu. oya gaayanaa karanne awasan gee.

  2. සුසා says:

    මේ සැරේ හොරාකාලා පොලොව යට ගහපිය ගෙයක් මාලු ටැංකියකුත් එක්ක.

  3. Trumph says:

    නිකන් බොරුවට මඩ ගහන්න එපා බොරුවට ඕන තරම් කියන්න පුළුවන් හොරා කියලා ඒත් ඔප්පු කරගන්න පුලුවන්ද එහෙමනං අපෙ මහින්ද මහත්තයට මඩ ගහන තරම් හොරා කියලා. ඒත් ඔප්පු කරගන්න පුළුවන් වුණාද, මහින්දානන්දට ජොනීට රත්තරන් මහත්තයට කොච්චර හොරා කියනවද
    ඔප්පු වෙනකන් කවුරුත් හොරු නෙවෙයි.

  4. Saradiel says:

    දිසානායක 1999 ජනාධිපතිවරණ ඡන්දය මෙහෙය වූ ආකාරය

    මේ ඡන්දය මම මෙහෙව්වේ. මම දන්නවා මම කරපු දේවල්, ඒ ඡන්දය සාධාරණ ඡන්දයක් ද ඒ ඡන්දේ හොර ඡන්දයක්. වංචා ඡන්දයක්. මැරිච්ච ඡන්ද සේරම දැම්මා. ගමේ හි‍ටපු නැති සේරම ඡන්ද දැම්මා. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද පොළට එන්න දෙන්නේ නැතුව එළෙව්වා. ඡන්ද ඡන්ද පෝලිම් බූත් වල කිසිම එක්සත් ජාතික පාක්ෂිකයෙකුට ජනතා විමුක්ති පෙරමුණට ඉන්න දෙන්නේ නැතුව අපි ගහලා එළෙව්වා.ගහල එළවලා ඒ ඡන්ද මං කොල්ලයක් කළේ…”

  5. SAHAN says:

    ME SEWALA BAIYA, PRAJITHA KUNU DATHAA, WESAMUNIYA,,PRAA CHAMPIKAYA,,RILAAN PERERA,,
    AMANAWWERAYA,,,GANJA DUMIYA ,WAGE NARUMAYO INNA AANDUWAKIN RATATA YAHAPATHAK
    NOWENA BAWA DEN HONDATAMA,,KAATA KAATAH THERENAW NEDA?

Main News