රාජපක්‍ෂ රජය පෙරලන්න දිවිහිමියෙන් වැඩකල දූෂණ සභාපති උලපනේ සුමංගල හිමියන් ඥාණසාර හිමිගේ ඇප කටයුත්තට පෙරමුණ ගනී..

June 21, 2017 at 10:48 pm | lanka C news
රාජපක්‍ෂ රජය පෙරලන්න දිවිහිමියෙන් වැඩකල දූෂණ සභාපති උලපනේ සුමංගල හිමියන් ඥාණසාර හිමිගේ ඇප කටයුත්තට පෙරමුණ ගනී..

මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට ක්‍රියාත්මක වූ සිවිල් සංවිධානයන් අතර එවකට ප්‍රබල චරිතයක් වු උලපනේ ශ්‍රි සුමංගල හිමි ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරින් පිරිසක් එම ආණ්ඩුව වෙනස් කිරීමෙන් පසුව එනම් 2016 ජනවාරි 14 වෙනිදා දූෂණ විරෝධී පෙරමුණ පිහිටුවා ගත්හ. විස්තරය මෙතනින්

එම දූෂණ විරෝධී පෙරමුණේ සභාපති ලෙස උලපනේ ශ්‍රි සුමංගල හිමියන් කටයුතු කරන අතර එහි ලේකම් ලෙස කීර්ති තෙන්නකෝන් කටයුතු කරයි. මෙහි කාර්යාලය රාජගිරියේ වැලිකඩ වත්ත පාරේ පිහිටුවා තිබෙන අතර එම කාර්යාලය ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශ්‍රිරාල් ලක්තිලක මහතාගේ රාජ්‍ය නොවන සංවිධානයට අයත් කාර්යාලයේ කොටසක මෙසේ පිහිටුවා ඇත. Link

එම දූෂණ විරෝධී පෙරමුණ පසුගිය රජයේ අමාත්‍යවරුන්ට මෙන්ම රජයේ නිලධාරින්ට විරුද්ධව පොලිස් විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාසය FCID වෙත පැමිණිලි භාර දුන් අතර එහි පැමිණිලිකරු වශයෙන් ද උලපනේ ශ්‍රි සුමංගල හිමියනගේ සභාපතිත්වයෙන් යුත් දූෂණ විරෝධී පෙරමුණ කටයුතු කරයි. එවැනි කල පැමිණිලි එම පෙරමුණේ වෙබ් අඩවියෙන් Link

එසේ දූෂණ විරෝධී පෙරමුණේ සභාපති ලෙස ක්‍රියාත්මක වන ජනාධිපති කාර්යාලය සමඟ නිරන්තරයෙන් සම්බන්ධකම් පවත්වන උලපනේ ශ්‍රි සුමංගල හිමියන් ගලගොඩාත්තේ හිමියන් සඳහා ඇප දීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් ඇප ලබාගැනිමෙන් පසුව මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කොට සිටිමෙන් සියලු ක්‍රියාකාරකම් පසුපස සිටින්නේ කවුදැයි මෙම සියලු විස්තර හැදාරිමෙන් මනා අවබෝධ කර ගත හැකිය. Link

එසේම අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ බී වාර්තාවෙන් ඥාණසාර හිමියන්ට බරපතල චෝදනා එල්ල කර තිබූ පොලීසිය එම චෝදනාවන් සම්බන්ධයෙන් උන් වහන්සේට ඇප දීමට කිසිදු විරෝධයක් පල නොකීරීම අති විශේෂය.

104 views

11 Comments to “රාජපක්‍ෂ රජය පෙරලන්න දිවිහිමියෙන් වැඩකල දූෂණ සභාපති උලපනේ සුමංගල හිමියන් ඥාණසාර හිමිගේ ඇප කටයුත්තට පෙරමුණ ගනී..”

  1. ඇත්ත says:

    තව ටික දිනකින් අහගන්න පුළුවන්.
    රටට බලාගත්තහැකි රට බෙදීමේ කලු සුද්දන්ගේ අටමගුල…නෝර්වේ පිල්ලි හොදට…

    • OLU says:

      සංහිදියාව හා සාමකාමී සහජීවනය වැනි මිහිරි වචන වලින් ආවරණය කරගෙන එන්නා වූ සියුම් වචන වල ඇති භයානකකම ගැන හොඳින් තේරුම් ගෙන සිංහලයාගේ ඇති සම්ප්රදායික බෙදුම් සියල්ල අමතක කොට එක්සත් වීමේ කාලයයි.. අද සිංහලයා පාලනය කිරීම සිංහල ජාතිය නියෝජනය නොකරන අය වීම සාධාරණීකරණය කරන්නේ කෙසේද?
      අපි මෙම සංහිදියාව ..සහජීවනය කියන විකාර, උඩ කරනම්, සර්කස් සංදර්ශනය දෙස නිහඩව බලා සිටියා ඇති
      අපගේ සියලූ සිංහල සභ්යත්වයන් හා අනන්‍යතාවයන් ලිහිල් කොට සමඟි සම්මුතියක් ඇති කර ගැනීමට වංචනික ලෙස අපව පොළඹවා ගැනීමට ඔවුන් සංහිදියාව, සහජීවනය වැනි සංකල්පයන් පාවිච්චි කරති. තව දුරටත් අප ඉහත කී සංකල්පයන්ට රැුවටී සිටිය යුතු නැත! සිංහලයෙනි පෙරට වරෙව් රට ජාතිය ආගම අපේ එකම මාතෘ භුමිය රැකගනිව්

  2. jee says:

    Honda Honda sellam ekiwena jameta kiwwalu ..
    Minisune rawatenna epa me punchi molawalata.
    Thama kala honda naraka passen
    Enawalu
    Kawada hari labewi

  3. SALMAL says:

    අද මේ රටේ සිංහල බෞද්ධයාට ඇති වන අවාසනාවන්ත සිදු වීම දෙස බලන විට සියලුම දේශප්‍රේමි සිංහලයින් ගෞරවනීය සංඝයාවහන්සේලා බෞද්ධ සංවිධාන සමගි වී එක්විය යුතුයි අසාධාරණ අයුක්තියට කිසිවිටක ඉඩ නොදිය යුතුයි …
    ගෞරවනීය උලපනේ ශ්‍රි සුමංගල හිමියන්ට අපේ ප්‍රණාමය නමස්කාරය

    • Amda says:

      නමස්කාරය කරන්නෙ යහපාලනය ගෙනාවටද?

      ගිහි වෙසින් හිටියත් පැවිදි වෙසින් හිටියත් NGO කුක්කා NGO කුක්කාම හැර වෙන අන් කවරෙක්ද????

      • SALMAL says:

        යහපාලනය ගෙනාවට නොවේ ..අපේ ගෞරවනීය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ට උදව් කිරීම පිළිවදව

  4. Amda says:

    Cat is out of the sack!

  5. Srilankan says:

    Sinhalayanta aanduwa geniyanda pana nahe aayth engalanthayata baara dunnoth Hondhai. Europe ratawal wala hinga kannanethuwa araabi ratawal wala hingakannethuwa.

  6. YAMA DUTHA says:

    Now YAMAPALANA is edge of distroying young people in this country

  7. Hemantha says:

    ශිරාල්, කිර්ති සහ උලපනේ හාමුදුරුවොයි තමයි එහෙනම් හන්ගගන ඉදල තියෙන්න. එතකොට Ganasara හාමුදුරුවෝ NGO වලට සම්බන්ද නැතුව ඇති නේද.

  8. sasi says:

    මෙයා ඉඩමක හොර ඔප්පු ලියාගන මට්ටු උනා

Main News