රාජසභා මණ්ඩපය ඩෝසර් කලේ අට පාස් එකෙක්..- දයාසිරි…

July 20, 2020 at 10:00 am | lanka C news
රාජසභා මණ්ඩපය ඩෝසර් කලේ අට පාස් එකෙක්..- දයාසිරි…

කුරුණෑගල නගරයේ පිහිටි ඓතිහාසික බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩා දමා ඇත්තේ ඉගෙන ගත්තු අයෙකු නොව 8 පාස් රස්තියාදුකාරයෙක් බව හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා පවසයි.

අට පාස් අය ඉහළ පුටුවලට ගියානම් සිදුවන දේ මෙය බවද ඔහු සඳහන් කළේය.

පෘතුගීසි ලන්දේසි හෝ ඉංග්‍රීසි පවා විනාශ නොකළ මෙම රාජ සභා මණ්ඩපය කුරුණෑගල නගරාධිපති විසින් ඩෝසර කර වනසා දැමූ බවද ඔහු පැවසීය.

මේ විනාස කරන්නේ අපේ උරුමය බවත් මේවා දකින විට පපුව පත්තු වන බවත් ඔහු කුරුණාගල ජනහමුවක් අමතමින් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් කමිටු පත්කර වැඩක් නැති බවත් වරද කරුවන් අල්ලා හිරේ දැමිය යුතු බවත් ඔහු කීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් කර මෙවන් දේ බලාපොරොත්තු නොවූ බවත් ජනාධිපති තුමන් ඉදිරියේදී මේ ගැන නිවැරදි තීන්දුව ගනු ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

467 views

25 Comments to “රාජසභා මණ්ඩපය ඩෝසර් කලේ අට පාස් එකෙක්..- දයාසිරි…”

  1. TM says:

    අට පාස් රස්තියාදු කාරයට පක්ෂෙන් චන්දෙ ඉල්ලන්න ටිකට් එක දුන්නේ කවිද?

  2. Love nature says:

    පොළොන්නරුව රාජධානියේ පරාක්‍රමබාහු රජ සමයේ විසූ සුගලා දේවියගේ දේහය තැන්පත් කර තිබූ විශාල ගල් පර්වතය පුපුරුවා හැර දේහයේ තිබූ ස්වර්ණාභරණ පැහැරගෙන ඇතැයි කියන සිද්ධිය ගැන තවම තොරතුරක් නැත.

    මහවැලි “සී” කලාපයේ මීවත්පුර ගම්මානයේ විශාල ගල් පර්වතයක් මත සුගලාදේවියගේ දේහය ගල් ගුහාවක තැන්පත් කොට තිබූ බව පැවසෙන අතර, එය ගඩොල් බිත්තියකින් ආවරණය කර තිබූ බවට තොරතුරු හෙළිවී තිබේ.

    මීවත්පුර ප්‍රදේශයේ ගල්කොරියක් පවත්වාගෙන යන මුවාවෙන් මේ දේහය සොයාගෙන ඇති අතර, අඩි 8ක් පමණ දිගින් යුත් ගල් පෙට්ටියක සුගලාදේවියගේ දේහය තිබූ අතර, එය වනාන්තර පෙදෙසකට ගෙන ගොස් පුළුස්සා දමා ඇතැයි පොලිසියට තොරතුරු ලැබී තිබුනා

    මේ දේහයේ රනින් කරන ලද ස්වර්ණාභරණ තිබූ බව පැවසෙන අතර, ඒවා කිසියම් පිරිසක් පැහැරගන්නට ඇතැයි විශ්වාස කෙරේ.

  3. kishan says:

    This person was elected before he became president in 2018 so only he need to consider the facts and act according to the law.

  4. AMAL says:

    8 PASS
    POLI KARAYA
    LONDARIKARAYA
    JONE APPILUWETH OTANIN

  5. දුටුගැමුණු says:

    ඩී එස් සේනානායක ත් අට පාස් ! ඒ වුනාට පුරා විද්‍යා ස්ථාන ඩෝසර් කලාද? මුං පොහොට්ටුවේ මදාවියෝ!