රාජ්‍ය ඇමතිකමක් ගන්න පොරකති.. ඇතැමුන් කලකිරීමෙන්…

May 28, 2022 at 12:00 pm | lanka C news
රාජ්‍ය ඇමතිකමක් ගන්න පොරකති.. ඇතැමුන් කලකිරීමෙන්…

පත්කිරීමට නියමිත රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා ගැනීම සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර දැඩි තරගකාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

රාජ්‍ය අමාත්‍යවරුන් විස්සක් විසිපහක් පමණ පත වනු ඇතැයි වාර්තා වූ ද ඇතැම් විට හතළිහක් දක්වා ඉහළ යනු ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් හතර දෙනෙකු පමණ රජයට එක්වීමට නියමිතව තිබේ.

රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම එළැඹෙන සතියේදී සිදු කිරීමට නියමිතව ඇත.

කැබිනට් අමාත්‍යවරු පත් කිරීමේදී ද තරගකාරී ස්වභාවයක් හට ගෙන තිබූ අතර කැබිනට් අමාත්‍යධුර නොලැබුණු පිරිසක් කලකිරීමට පත්ව සිටින බවද වාර්තා වෙයි.

61,673 views

14 Comments to “රාජ්‍ය ඇමතිකමක් ගන්න පොරකති.. ඇතැමුන් කලකිරීමෙන්…”

  1. අනන්ද says:

    මේ රටේ අර්බූදය මුලු ලෝකෙටම තේරෑනත් මේ රටේ ගොබ්බ නායකයෝ තවමත් නිහඩයි

  2. Nandasoma Suriyaarachchi says:

    මුන් එකෙකුටවත් ජනතාවගේ ගැටලු වලට විසඳුම් දෙන්න අවශ්‍ය නැහැ….! උන්ට අවශ්‍ය ඇමතිකම් විතරමයි….!!

Main News