රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත විදේශ නිවාඩු – නව චක්‍රලේඛය නිකුත් කෙරේ….
June 22, 2022 at 7:10 pm | lanka C news
ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත විදේශ නිවාඩු ලබා ගැනීමට අදාල නව චක්‍රලේඛය අද රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම් .පී. කේ මායාදුන්නේ මහතා විසින් නිකුත් කරන ලදී.
ඒ අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා සිය සේවා කාලය තුළ මුළු ගණනින් වසර 5 ක උපරිමයකට යටත්ව නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුප අදාල කර ගත හැකි ආකාරයට වැටුප් රහිත විදේශ නිවාඩු ලබා ගත හැකිය.
මීට අමතරව යස අවුරුදු 35 ට අඩු රජයේ නිලධාරීන්ට තොරතුරු තාක්ෂණ දැනුම, ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක දැනුම වර්ධනය කර ගැනීමට හෝ පිළිගත් ආයතනයක වෘත්තිය පුහුණුවක් සම්පූර්ණ කිරීම සඳහා හෝ වසරක කාලයක උපරිමයට යටත්ව දේශීය හෝ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගත හැකිය.
කසුන් විරතුංග
මාධ්‍ය ප්‍රධානී
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය
මේ යෝජණාව හොඳයි වගේ පෙනුනත්, අපේ වෛද්‍යවරුන්, හෙද/හෙදියන්, තාක්ශණික ශිල්පීන්, …….. ආදී වූ අතිරික්ත නොවන සේවකයින් විදෙශත වේවි. බහුතරයක් රජයේ සේවකයින් ට විදෙස් ගත වෙල රැකියාවක් කරන්න හැකියාවක් නෑ. අතිරික්තව ඉන්නෙත් ඒ වගේ සේවකයින් තමයි.
මේක ඇනිල්ලක්, තවත සංශෝධන 20 ක් 30 ක් විතර එයි කාලය මරයි මේ වැඩේ ඉතනින්ම හබක්, ඔය ලේකම් මහත්වරු අධ්යක්ෂවරු කියන කට්ටිය දන්නේ ලේඛන ගහන්න විතරයි. අරමුණට යන්න දන්නේ නැහැ. මේ පරිපාලන සිස්ට්ම් එක හොද මැනේජ්මන්ට් ටීම් එකකට දෙන්න ඔන. පරිපාලන කියන සෙට් ගෙදර යවන්න ලේඛනයක් ගහන්න. මේක පසු විපරම් කරලා බලන්න.
අවුරුදු 55 සම්පූර්ණ වුනු රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීම කල යුතුයි