රාජ්‍ය මුදල් ගසා කෑ ප්‍රබල රෑනක් රටින් පනින්න යයි…?
April 27, 2022 at 10:40 am | lanka C news
නිල බලය හා දේශපාලන බලය උපයෝගී කර ගනිමින් මහජන දේපළ හා රජයේ මුදල් අයුතු ලෙස සන්තක කරගැනීම ඇතුළු චෝදනා එල්ලවී ඇති හිටපු කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් රහසිගතව විදේශ ගතවීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන්ට එරෙහිව විදේශ ගමන් තහනම් පැනවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට නීතිඥවරුන් කණ්ඩායමක් ඊයේ (26දා) නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණ හමුවේ නඩු කටයුතු පවතින වර්තමාන රජයේ ප්‍රබල අමාත්‍ය ධුර දැරූ පිරිසක් මෙන්ම දේශපාලනයට සම්බන්ධ තවත් ප්‍රබලයන් පිරිසක් රටින් පලායාමේ සූදානමක් ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේදී ඊයේ (26දා) පැවැති සාකච්ඡාවකදී නීතිඥ සුනිල් වටගල මහතා ප්රමුඛ නීතිඥ කණ්ඩායම නීතිපති සංජය රාජරත්නම් මහතාට පෙන්වා දී තිබේ.
එලෙස චෝදනා එල්ලවී ඇති දේශපාලනඥයන්ට එරෙහිව මහාධිකරණ ඇතුළු අධිකරණ විසින් පනවා තිබූ විදේශ ගතවීම වැළැක්වීමේ නියෝග මේවනවිටත් ඉවත් කරගෙන ඇති බව පෙන්වාදෙමින් තම නීතිඥ කණ්ඩායම කළ එම ඉල්ලීමට නීතිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණ බව නීතිඥ සුනිල් වටගල මහතා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.
එමෙන්ම රජයට එරෙහිව පෙළ ගැසෙන මහජන විරෝධතා රැල්ල මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් පොදු දේපළ පනත යටතේ අධිකරණයට බී වාර්තා මගින් කරුණු දැක්වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසත් අත්‍යවශ්‍ය අවස්ථාවක් ඇති බව පෙනීයන්නේ නම් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු මගින් ඒ බව අධිකරණ හමුවේ කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසටත් තම කණ්ඩායම නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවද නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්‍රබල දේශපාලනඥයකුට එරෙහිව චෝදනා එල්ල වී ඇති මල්වානේ ඉඩම් නඩුව පැමිණිල්ලේ සාක්ෂියක් මත පිහිටා අවසන් කිරීමට සූදානමක් පවතින බවට නීතිඥ ප්‍රජාව අතර මතුවී ඇති සැකය පිළිබඳවද එහිදී නීතිපතිවරයාගේ අවධානය යොමු කළ තම නියෝජිතයන් එලෙස අවිධිමත් ලෙස එම නඩු කටයුත්ත අවසන් නොකරන ලෙසට නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද නීතිඥ සුනිල් වටගල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක
– දිවයින
ඇත්තෙන්ම රටේ උගතුන්ගේ නිහඩ බව බිදීමට දැන් කාලය ඇවිත්. අප රටේ මිනිසුන් දූෂණයට විරුද්ධව පෙරමුණ ගන්නා විට යහපත් කල්කිරියාවෙන් දිවිය ගත කිරීමට කැමති උගතුන්ට ඇත්තේ ඉමහත් සතුටකි. මෙතෙක් කල් විවිධ ක්ෂෙත්රවල මෙවැනි වෘත්තිකයන් අතර දේශපාලකයින්ට වන්දි භට්ටකම් කරමින් තනතුරු තානාන්තර මිසක ජනතා සේවයට හෝ ජනතාවට හිත නැති මිනිසුන් කැපී පෙනුනේ දේශපාලන හයියෙන්. ජනතාව දූෂණයෙන් තොර රටක් බිහිකිරීමට තව දුරටත් අවිහිංසාවාදී අරගලය කල යුතුයි.
Yako okun atara hora passpost wimaleth innawa ethi
බම්බු අරගලය. මේක තනිකරම දෙමල ඩයස්පෝරාව, කතෝලික සභාව එකතුවෙලා බෞද්ධ නායකයන් විනාශ කරන්න ගහන ප්ලෑනක්. හැබෑ බෞද්ධයන් දැන් නැගී සිටිය යුතුයි.
Good show Sunil. A big thank to you! Kicking the Can down the road will not serve any significant purpose.Pl follow it up, if not they will shut the stable after the horses bolted away!!!
අනේ හොදයි ඊටපස්සේ වත් කළුතර කෝච්චියේ බය නෙතුව රත්රන් මාල දාගෙන යන්න පුළුවන් වෙයි
පේන්න ඉන්නෙ නැති වුනාට අමතක කරන්න එපා රවී කරුණානායක ව. හොඳ ටම කරපු ආසියාවේ හොඳ ම මුදල් ඇමති. තිබ්බ නඩු ටික දිනවගෙන . කරපු මගඩි හැම එකකට ම හවුල් . දැන් බබා වගේ හිටියට. හැමෝටම ඒවා අමතක වෙලා.
එකනම් ඇත්ත . UNP කාලකන්නි බබාලා . රවී, අර්ජුන් මහේන්ද්‍රන් හොරකන් කරනකොට නීති සංගමය කොහෙද හිටියෙ. අර්ජුන්ට රටින් පන්නින ඉඩදුන්නේ ඇයි ???????????
ithin dan inne. nadu danna puluwanne
Me wanchawlata directly sambandai pradeshiya sabhapathiwaru .
පාදේශීය සභාපතිවරැ තමයි බැසිල් ඕන මහින්ද ඕන කියන්නේ පසුගීය දවසක වීරකැටිය පාදේශීය සභාවේඕඋන් අඩ අඩ voice cutදුන්නේ මේ හැතිකරේ ඔනා කියලා. පාරවල් කාපට් කරලා හොදට හොරාකන්න.බැසිල් එක්ක ඊලග ඡන්දෙන් පලාත් සභා පාර්ලිමේන්තු යන්න හීන දකින්නේ.
ගෝල්ෆෙස් එකට කොටු නොවී 225 ගෙවල් වටලා..දූශිතයන් අල්ලන නීති විගනන නීති ක්‍රියාත්මක කරන ලෙස බල කලයුතුයි .
රවි කරුනානායක, රාජිත සේනාරත්න, ලක්ෂමන් කිරිඇල්ල,රනිල් , බදුර්දීන්, හකීම්.
පේන්න ඉන්නෙ නැති වුනාට අමතක කරන්න එපා රවී කරුණානායක ව. හොඳ ටම කරපු ආසියාවේ හොඳ ම මුදල් ඇමති. තිබ්බ නඩු ටික දිනවගෙන . කරපු මගඩි හැම එකකට ම හවුල් . දැන් බබා වගේ හිටියට. හැමෝටම ඒවා අමතක වෙලා.
Gotas another henchman Rear Navy Admiral who was a BIG CROOK ex Civil Defence Force Chief and LAKSATHOSA fled to Australia, with no use of shutting the stable door after Horse bolted!
මහජන මුදල් කොල්ලකාපු……
පක්ෂ විපක්ෂ දෙකම…….
කිරිඇල්ල, රාජිත, බදුර්දීන්, හරින්…. මේ අය විතරක් නෙමෙයි දන්න විදියට එකෙක් දෙන්නෙක් ඇරුනම සේරම වගේ