රාජ්‍ය මුදල් ගසා කෑ ප්‍රබල රෑනක් රටින් පනින්න යයි…?
April 27, 2022 at 10:40 am | lanka C news
නිල බලය හා දේශපාලන බලය උපයෝගී කර ගනිමින් මහජන දේපළ හා රජයේ මුදල් අයුතු ලෙස සන්තක කරගැනීම ඇතුළු චෝදනා එල්ලවී ඇති හිටපු කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් රහසිගතව විදේශ ගතවීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන්ට එරෙහිව විදේශ ගමන් තහනම් පැනවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට නීතිඥවරුන් කණ්ඩායමක් ඊයේ (26දා) නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණ හමුවේ නඩු කටයුතු පවතින වර්තමාන රජයේ ප්‍රබල අමාත්‍ය ධුර දැරූ පිරිසක් මෙන්ම දේශපාලනයට සම්බන්ධ තවත් ප්‍රබලයන් පිරිසක් රටින් පලායාමේ සූදානමක් ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේදී ඊයේ (26දා) පැවැති සාකච්ඡාවකදී නීතිඥ සුනිල් වටගල මහතා ප්රමුඛ නීතිඥ කණ්ඩායම නීතිපති සංජය රාජරත්නම් මහතාට පෙන්වා දී තිබේ.
එලෙස චෝදනා එල්ලවී ඇති දේශපාලනඥයන්ට එරෙහිව මහාධිකරණ ඇතුළු අධිකරණ විසින් පනවා තිබූ විදේශ ගතවීම වැළැක්වීමේ නියෝග මේවනවිටත් ඉවත් කරගෙන ඇති බව පෙන්වාදෙමින් තම නීතිඥ කණ්ඩායම කළ එම ඉල්ලීමට නීතිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණ බව නීතිඥ සුනිල් වටගල මහතා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.
එමෙන්ම රජයට එරෙහිව පෙළ ගැසෙන මහජන විරෝධතා රැල්ල මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් පොදු දේපළ පනත යටතේ අධිකරණයට බී වාර්තා මගින් කරුණු දැක්වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසත් අත්‍යවශ්‍ය අවස්ථාවක් ඇති බව පෙනීයන්නේ නම් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු මගින් ඒ බව අධිකරණ හමුවේ කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසටත් තම කණ්ඩායම නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවද නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්‍රබල දේශපාලනඥයකුට එරෙහිව චෝදනා එල්ල වී ඇති මල්වානේ ඉඩම් නඩුව පැමිණිල්ලේ සාක්ෂියක් මත පිහිටා අවසන් කිරීමට සූදානමක් පවතින බවට නීතිඥ ප්‍රජාව අතර මතුවී ඇති සැකය පිළිබඳවද එහිදී නීතිපතිවරයාගේ අවධානය යොමු කළ තම නියෝජිතයන් එලෙස අවිධිමත් ලෙස එම නඩු කටයුත්ත අවසන් නොකරන ලෙසට නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද නීතිඥ සුනිල් වටගල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක
– දිවයින
විදූලි බල මණ්ඩළය සතූ lanka transformers කොටස් මංකොල්ල කෑව UD JAYAWARADANA ඇතූළු චෞර නඩයට එරෙහිව පෙල ගැසෙමූ
හරිම මිනිහට කියලා තියෙන්නෙ. සමහරවිට එයාත් පනින්න බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නඩු අස්කරගන්න හැටි දැක්කම.
1971 ජනතා විමුක්ති පෙරමුණ පලමුවෙන්ම කලේ එකල දිනපතා සවස මුදල් එකතු කරන සිගරැට් වැන් කොල්ලකැමයි ඉට පස්සෙ බැන්කු මේ ආදි වශයෙන් කොල්ල කෑම ලංකාවට හන්දුන්වා දුන්නේ ජානතා විමුක්ති පෙරමුණ බව සුනිල් වටවලට අමතක විම අරුමයක් නොවෙයි . ඔහුන් කොල්ල කෑම උද්ගොෂන , පොස්ටර් ඇලවිම හැර වෙන කිසිම දෙයකට සුස්සන් නොවිම.