රාජ්‍ය සේවකයන්ට මෙරට පුද්ගලික අංශයේ රැකියා කරන්න නිවාඩු…

June 24, 2022 at 11:20 am | lanka C news
රාජ්‍ය සේවකයන්ට මෙරට පුද්ගලික අංශයේ රැකියා කරන්න නිවාඩු…

පෞද්ගලික අංශයේ සේවය කිරීමට රාජ්‍ය නිධාරීන්ට වැටුප් රහිත වසර 5ක දේශීය නිවාඩු ලබා දිය හැකි ද යන්න සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම් .එම් .පී කේ මායාදුන්නේ මහතා කියා සිටියේය.

එහි වාර්තාව සති දෙකක් ඇතුළත රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දී අමාත්‍ය මණ්ඩලයේ අනුමතය ලබාගැනීමට නියමිතයි.

මෙම කමිටුවේ සභාපති ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන් රණසිංහ මහතා පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් වන්නේ පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් වසන්ත පෙරේරා මහත්මිය , සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එස් එස්. චන්ද්‍රගුප්තා මහතා, . ලංකා වාණිජ මණ්ඩලයේ මහලේකම් මංජුල ද සිල්වා මහතා, ලංකා සේවා නියෝජිතයන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල්( වැ.බ) වජිර ඇල්ලෙපොල මහතා මෙන්ම කළමණාකාර සේවා අධ්‍යක්ෂ ජනරාල් හෝ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයකු මෙහි ඇතුළත්.

මේ අතර පසුගිදා රාජ්‍ය පරිපාලන නව චක්‍රලේඛ අංක 14/2022 මගින් ද ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානි නොවන පරිදි රාජ්‍ය නිලධාරීන් වැටුප් රහිත වසර 5ක විදේශ නිවාඩු ලබා දීමට රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්. පී. කේ මායාදුන්නේ මහතා විසින් නිකුත් කරනු ලැබීය.

කසුන් විරතුංග
මාධ්‍ය ප්‍රධානී

34,671 views

15 Comments to “රාජ්‍ය සේවකයන්ට මෙරට පුද්ගලික අංශයේ රැකියා කරන්න නිවාඩු…”

  1. Narrator says:

    රජයේ සේවකයො ලක්ශ 15ක් ඉන්න සමාජවාදි රටකට මෙහෙම වෙලා මදි
    තැරි කොමියුනිස්ට් සමාජවාදියො හින්දා තමා රටේ ආර්තිකේට මෙහෙම උනේ..
    එලිපිට නොකිව්වට රටේ හැම එකාටම (බයියො ටොයියො ජෙප්පො ඔක්කොටම) තියෙන්නෙ කොමියුනිස්ට් සමාජවාදි මත..
    තැරි කොමියුනිස්ට් සමාජවාදි තොපිට ඔහොම වෙලා මදි කියලා තමා කියන්න තියෙන්නෙ..

    • කුඹුක්කණ් says:

      මොන සමාජවාදයක්ද බන් මේ නිකම් කෑමේ මානසිකත්තවය කුසීත මෝඩ ජනතාවකුයි තක්කඩි පාලකයො ටිකකකුයි සෙට් උනාම හැදෙන්නෙ ඒක.මිනිස්සුන්ට ඕනෙ වැඩක් නොකර පඩි ගන්න පාලකයොන්ට ඕන මොකක් හරි රස්සා කෑල්ලක් පෙන්නල චන්දෙ කඩා ගන්න.ඒකේ ප්‍රතිපලය තමා රටට දරන්න බැරි රාජ්‍ය සේවය.මේක ප්‍රතිවයුහගත කරන්න හදන හැම වෙලේම නාකි මයින අවුස්සපු මෝඩ බයියො රට විකුනනෝ කියල මැරෙන්න හැදුව.

  2. Citizen says:

    Also introduce legislation to allow part time work.

  3. ක්‍රිමිනල් says:

    තෝ දැන් නිදාගෙන නැගිටලා ද ?? අපස්මාරය ද ??

  4. mgj says:

    NO No no no no no, publics sector to Privet sector. Privet sector also will close soon.

  5. Dil says:

    No private sector will recruit existing government employees because most of them are uneducated but got the government jobs through culprit politicians, they cant speak English, they are not hard working, no integrity and adoptability to work with fellow existing private sector employees, no ability to learn, no leadership qualities, laziness, they expect everything free of charge, not willing to work long hours etc etc and many more.

  6. private sectore ekatath kelinada koheda hadanne….rajaye sewakayanta wadak karala puruddak naha…..gatoth iwarai….

  7. සුනඛයා says:

    අයිස් පප්පල
    ඕකුන්ට පුලුවන්ට පෞද්ගලික අං‌ශයෙ රැකියා කරන්න

  8. Jayantha says:

    කොහොමත් ඉස්සරහට පඩි ගෙවන්නත් බැරි වේවි. ඉස්සරහට අස්ථාවර ජොබ් බවට මේවා පත්වෙනවා ආන්ඩුවේ ජොබ්. හොදම දේ වියාපරයක් කරන්න මාස කීපයක පුහුණුවක් දෙන්න සියලුම දෙනාට. ඉන්පසු අනවශ්‍ය අය අවුරුදු බාගෙක වගේ පඩි දීලා ඉවත් කරන්න. අවුරුදු බාගයක් කියන්නේ අලුත් ජොබ් එකක් හරි වියාපරයක් හරි පටන් ගන්න හොදටම ඇති.

  9. Asoka says:

    1980 න් පසුව පමණ රාජ්‍ය සේවාවට බඳවා ගනු ලැබූයේ බොහෝවිට වරින් වර එක් එක් දේශපාලන පක්ෂයන්හි මැති ඇමතිවරු විසිනි.එය රාජ්‍ය සේවාවේ සියලුම ගුණාංග බිඳ දැමීමට සමත් විය.එමෙන්ම විශේෂයෙන් ඔවුනගේ විනය පාලනය කිරීමද ඒ නිසාම අසීරු කරුණක් විය.ක්‍රමයෙන් එය අන්තවාදී දේශපාලන පක්ෂයක ග්‍රහණයට තදින්ම හසුවී ඇත.ගොඩ ගත හැකිදැයි නොසිතමි.

  10. sam says:

    1948 one government servant for 130 people
    2022 one government servant for 13 people

    wonder of Asia

Main News