රාජ්‍ය සේවකයින්ට ගැස් සිලින්ඩර් බෙදා දෙයි…

June 26, 2022 at 1:00 pm | lanka C news
රාජ්‍ය සේවකයින්ට ගැස් සිලින්ඩර් බෙදා දෙයි…

රාජ්‍ය ආයතන වල සේවය කරන ලාෆ් ගැස් පාරිභෝගිකයන්ට කිලෝ 12.5 සහ කිලෝ 5 ගෘහස්ථ ගැස් සිලින්ඩර් බෙදා දිම හැටන් නගරයේදි සිදු කෙරිණ.

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වල ප්‍රධානින් විසින් හැටන් නගරයේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයා වෙත කරන ලද ඉල්ලිමක් මත ලාෆ් ගැස් සමාගම විසින් එම රාජ්‍ය ආයතන වල සේවය කරන 350 දෙනෙකුට මෙසේ ගැස් සිලින්ඩර් බෙදා හැරිම සිදුකෙරිණ.

රාජ්‍ය ආයතන වල ප්‍රධානින් විසින් ඔහුන්ගේ ආයතන වල ලාෆ් ගැස් භාවිතා කරන සේවකයින්ගේ නාම ලේඛනයක් නිර්දේශ කර අලෙවි නියෝජිතයා වෙත භාර දි තිබුණි.

එම නාම ලේඛනය අනුව ලාෆ් ගැස් බෙදා හැරිම සිදු කෙරිණ.

– හැටන් රංජිත් රාජපක්ෂ

31,002 views

16 Comments to “රාජ්‍ය සේවකයින්ට ගැස් සිලින්ඩර් බෙදා දෙයි…”

  1. Goat says:

    කාලකන්නි හැත්ත. පින් පඩි ගන්නව. නිවාඩුත් ගන්නව පඩිත් එක්ක. බොරු හේතු දාල දීමනාත් ගන්නව. රටට කෙලවපු උන්ට ප්‍රමුඛතාවය දීල ගෑස් දෙනව. මේ වගේ වැඩ වලිං වෙන්නෙ මිනිස්සුන්ට රාජ්‍ය සේවකයො ගැන වෛරය වැඩි වෙන එක. තව ටික දවසක් ඔහොම කරපංකො. මිනිස්සුන්ට තොපිව එපා වුනහම බලපං මොකද වෙන්නෙ කියල

  2. සහොදරය says:

    කාලකන්නි හෙතිකරෙ නිකන් පඩි අරන් ගෙදර ඉදන් අල තම්බන්න ද මුන් ට ගේස්

  3. පබිලිස් says:

    රජයෙ සේවකයන් කියන්නෙ ම කාලකන්නි සෙට් එකක්

Main News