රාජ්‍යය සේවකයන් හොද චේතනාවෙන් ගත් ක්‍රියාමාර්ගවලට ආරක්ෂාව ලැබෙන නීති හදන්නැයි අගමැති දන්වයි…

July 15, 2021 at 12:40 pm | lanka C news
රාජ්‍යය සේවකයන් හොද චේතනාවෙන් ගත් ක්‍රියාමාර්ගවලට ආරක්ෂාව ලැබෙන නීති හදන්නැයි අගමැති දන්වයි…

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයන් විසින් රාජකාරි ඉටු කිරීමේ දී සද්භාවයෙන් යුතුව ගන්නා ලද ක්‍රියාමාර්ග වලට අදාළව එම සේවකයන් සඳහා සුදුසු ආරක්ෂාවක් ලබාදීම පිණිස නීති කෙටුම්පත් කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දුන්නේය.

“දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් හට සහන සලසාලීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව අදාළ නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියට සහය දීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඇතුළු කමිටුවක් පත්කරමින් එම නිර්දේශ මසක් ඇතුළත ලබාදෙන්නැයි ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී නියෝග කළේය.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් හට සහන සලසාලීමට අදාළ අරමුණ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි  සෙනරත් මහතා විසින් මෙහි දී පැහැදිලි කරන ලදි.

2019 නොවැම්බර් 27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර මහත්මිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය මෙහි දී කරුණු පැහැදිලි කළහ.

නිලධරයන්ට තිබෙන නෛතික රාමුව ඉක්මවා සද්භාවයෙන් යුතුව රාජකාරි ඉටු කිරීමට ඉඩදිය හැකි සීමාවන් හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැකසීමට ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට අදාළව සකස් කළ කෙටුම්පතක්ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා මෙහි දී කියා සිටියේය.

යහපාලන ආණ්ඩුව නෛතික නොවන ක්‍රියාවලියක් ඔස්සේ ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් රජයේ සේවයකයන්ට මුහුණ පෑමට සිදු වූ ගැටලු අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා  පැහැදිලි කළේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ රත්නසිරි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති) ගනේශ් ධර්මවර්ධන, අතිරේක ලේකම් (නීති) චන්ද්‍රා ජ‍යතිලක, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන, ජනාධිපති අධ්‍යක්‍ෂ ජනරාල් (නීති) හරිගුප්ත රෝහණධීර, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.

15,003 views

11 Comments to “රාජ්‍යය සේවකයන් හොද චේතනාවෙන් ගත් ක්‍රියාමාර්ගවලට ආරක්ෂාව ලැබෙන නීති හදන්නැයි අගමැති දන්වයි…”

  1. Dengu Nona says:

    E kiyanne Thajudeen Ghaathanaya awasthaawe,dosthara Samarasekarayi, Polis lokkayi gaththu gaththu widihe theerana walatane. Mahaththayo, urulewa giya paarath gandayi!

  2. SL says:

    ප්‍රාදේශීය සභාවල ලිපිගොනු අනුමත කිරිම් වලට භාර දීමෙන් පසු ගතවන කාලය සොයා බලන්න.මාස ගනන් ගත වුනත් සභාවල ඉන්න පිං පඩි කාරයින්න ගානක් නෑ

  3. Tiran says:

    සද්භාවයෙන් කරන වැඩ වලට උදාහරණ – මහජන මුදලින් සිල් රෙදි, ඔරලෝසු බෙදන එක.

    • කැහින්ද මරියා says:

      චුට්ටි කාලෙකට කොම්පැනි හදාගන්න සද් බාවයෙන් තමයි ඇෆලටොක්සින් හලාල් තෙල් කැව්වේ. එක රැයින් ගැසට් ගහලා ටැක්ස් අඩු කරලා රුපියල් බිලියන ගානක සීනි ක්ලියර් කරගත්තට පස්සේ ටැක්ස් වැඩි කරලා මහ බැංකු හොරකමට වඩා කප් ගැහුවේ. සද් බාවයෙක් තමයි පැණි පෙව්වේ. සද් බාවයෙන් තමයි මුට්ටි ගඟේ දැම්මේ. සද් බාවයෙන් තමයි කොරෝනා එන්නත් දේශපාලුවොන්ගේ චිට් එකට දුන්නේ. සද් බාවයෙන් තමයි කේක් ඩිලිවරි කලේ. සද් බාවයෙන් තමයි පියුමි හංසමාලිට ජංගි පැකට් එක යැව්වේ. සද් බාවයෙන් තමයි මිනීමරු කුඩු මුදලාලි නිදහස් කලේ. සද් බාවයෙන් තමයි අප්‍රේල් 21 ISIS හලාල් බෝම්බ ගහපු අය මරන දන්ඩනය නොදී සාක්සි යට ගැහුවේ. සද් බාවයෙන් තමයි මොනෝ රේල් ප්‍රොජෙක් එක බල්ලට දාලා මහජන් මුදල් හොරා කන්න පුළුවන් සහ රැම්සා තෙත් බිම් විනාශ කරන තාර පාරවල් හදන්නේ මොනෝ රේල් එක වෙනුවට. සද් බාවයෙන් තමයි චීනාට රට විකුනන්නේ. සද් බාවයෙන් තමයි ඉන්දිඋය්යවට රට විකුනන්නේ. සද් බාවයෙන් තායි රටයි නීතියයි හලාල් කරන්නේ. සද් බාවයෙන් තමයි කෝටි 3600 ගානක සැප වාහන මන්ත්‍රීලා ට දෙන්න හැදුවේ. සද් බාවයෙන් තමයි හොඳටම කලේ. සද් බාවයෙන් තමයි OL වෙනකන් විතරක් කරලා පෙට්‍රල් ශෙඩ් එකක පෙට්‍රල් ගහපු නූගත් තක්කඩි කම්බා හොරෙක් මුදල් ඇමති වෙන්නේ. සද් බාවයෙන් තමයි නූගත් කම්බ හොර නාකි හුචක්කු පන ඇද ඇද පාර්ලිමේන්තු එන්න දඟලන්නේ. සද් බාවයෙන් තමයි කොමිස් ගන්න බලාගෙන නැවු ගිනිගන්න දීලා ඊමේල් සහ දත්ත මැකෙන්නේ. සද් බාවයෙන් තමයි සිල් රෙදි බෙදෙන්නේ.

  4. Chamara says:

    Mei karanna hadanne mahinda wage janadhipathiwaru ganna duushitha theerana kriyathmaka karanna rajya sewakainge tiyena baya arina ekai.aei kiyanne waradhi wada walata neethigaruka thathwayak hadana eka.hariyata ” Sil redhi” naduwa wage.

  5. 😪😢😪😢😡 says:

    වෙලාවට ටී බ්‍රේක් එකට යන සේවකයා
    වෙලාවටම ලන්ච් බ්‍රේක් යන සේවකයා
    උදාසීනව වැඩකරන රටේ ඒ සේවකයා
    තමයි පඩි ගන්න අපේ රාජ්‍ය සේවකයා

  6. ගිජුලිහිණි සංදේශය says:

    පිනා යතත් ඇසුමෙන් යහපත රටට
    විනා ඇසට ගැටුනොත් බැහැ අදහන්ට
    හිනා කුමට රැඟුමකි ඉමහත් නිවට
    ගොනා හැරෙන අත නම් රන් තෙලඹුවට

  7. janatha says:

    ඔව්.. ඔවි.. ඔය හොරා කාපුව හොයන එක වැරදියිනේ..

  8. Uthuru Saluwa says:

    Aluthen neethi hadanna ona naha. Pawathina neethi thiyenne niwarediwa weda karanna aaraksha wennai, weradi karana ewunta danduwam dennai. Me hadanne deshapaalakayo dena neethi wirodhi niyoga walata weda karana ewun bera gannai. Gona harenne pol pale kanna bawa penenawa!

  9. 3% ට බය බයියා. says:

    මැදමුලන ස්මාරකය වගේ දේවල් හදන්න එතකොට ලේසියි .

  10. jagath says:

    Wala payayi Goda payai thiyan mona neethi da?

Main News