රාජ්‍යය සේවය පිලිබදව ජනතාව තුල විශ්වාසයක් නෑ…

September 13, 2020 at 8:02 am | lanka C news
රාජ්‍යය සේවය පිලිබදව ජනතාව තුල විශ්වාසයක් නෑ…

නාවලපිටිය පස්බාගේ කෝරලේ සහ ගග ඉහල කෝරලේ අභ්‍යාසලාභි , උපාධිදාරි , ඩිප්ලෝමාදාරි 227 දෙනෙකුට පත්විම් ලිපි බෙදා දිම කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් (12) දින සිදු කෙරිණ.

නාවලපිටිය  පෞද්ගලික උත්සව ශාලාවකදි අධ්‍යාපන අමාත්‍යංශය ,ප්‍රාදේශිය ලේකම් කාර්යයාල ඇතුළු රාජ්‍යය ආයතන ගණනාවකට අදාල පත්විම් ලිපි බෙදා දෙනු ලැබුහ.

මෙහිදි අදහස් දැක් වු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මේ රටේ රාජ්‍යය සේවය පිලිබදව ජනතාව තුල විශ්වාසයක් නොමැති බවත් , නව පත්විම් ලාභින් විසින් රාජකාරියට අමතරව මානුෂික හේතුන් සලකා ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කර රාජ්‍යය සේවය ජනතාව තුල විශ්වාසදායක සේවයක් බවට පත් කිරිමට පත්විම් ලාභින් සියළු දෙනා කටයුතු කල යුතු බවයි.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන එනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ බලතල වැඩිකර ගැනිමටත් , ඔහුට එරෙහි වන ප්‍රතිවාදින් විනාශ කිරිමට බවයි.

20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලින් මේ රටට යහපත සහ උන්නතිය ගෙන දේමට රජය කටයුතු කරන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

3,184 views

2 Comments to “රාජ්‍යය සේවය පිලිබදව ජනතාව තුල විශ්වාසයක් නෑ…”

  1. nto says:

    පනත්, චක්‍රලේඛ, මුල්‍ය පාලන රේගුලාසි, මැතිවරණ රෙගුලාසි, තොරතුරු දැනගැනීමේ පනතේ රෙගුලාසි හා නීති රාජ්‍ය සේවකයින්ට , දෙස්පාලුවාට ඇත්තේ බයිලා කීම පමණයි.

  2. පනත්, චක්‍රලේඛ, මුල්‍ය පාලන රේගුලාසි, මැතිවරණ රෙගුලාසි

Leave a Comment

Main News