රාජ්‍ය ආදායම අඩුවෙලා.. ඩොලර් හිදිලා.. මෙතරම් අසීරුවක් කිසිදා නෑ..- වාසු

August 22, 2021 at 4:40 pm | lanka C news
රාජ්‍ය ආදායම අඩුවෙලා.. ඩොලර් හිදිලා.. මෙතරම් අසීරුවක් කිසිදා නෑ..- වාසු

මෑත ඉතිහාසයේ නොවූ විරූ තරම් අසීරු තත්ත්වයකට අද රට පත්ව තිබෙන වෙලාවක්. මේ තත්ත්වය සෑම දෙනෙක්ම පිළිගත යුතුයි. මෙය අපගේ රටට පමණක් සීමා වූ තත්ත්වයක් නොවේ. එසේ හෙයින් මෙම උද්ගතව ඇති තත්වය කළමනාකරණය කර ගැනීමේදී ද යම් තරමක අසීරුතාවන් පවතිනවා.

එසේ හෙයින් බඩු මිල හැකි තරම් සාධාරණ තත්වයකට පවත්වා ගෙන යාමටත් විරැකියාව හැකි තරම් අවම කර ගැනීමටත් රජයක් වශයෙන් අප මේ අවස්ථාව වගකීමෙන් ක්‍රියා කරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා.

මේ වන විට රාජ්‍ය ආදායම අඩුවී විදේශ විනිමය සැලකිය යුතු මට්ටමකින් පහල වැටී තිබෙනවා. සංචාරක කර්මාන්තය, රටේ අපනයන කර්මාන්ත යම් තරමකින් අඩු වෙලා පවතින්නේ. මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බඩු මිලේ ඉහළ යැමකුත් දක්නට තියෙනවා.

තවත් පැත්තකින් මහජනතාවගේ සේවා නියුක්තිය පහත වැටී විරැකියාව වැඩි වී තිබෙනවා. සමස්ථයක් වශයෙන් ගත් කල මෙම වසංගත තත්වය හමුවේ රට කවදාවත් පත්නොවූ තත්වයකට පත් වී තිබෙනවා. මෙයින් අපට කළමනාකරණය කරගත හැකි වන්නේ බඩු මිල සහ විරැකියා තත්තව වැනි සීමා සහිත කරුණ කිහිපයක් පමණයි. අනෙක් සෑම දෙයක්ව අපට පාලනය කිරීම අසීරුයි.

අපට සෞඛ්‍ය සඳහා වැයකල යුතු මුදල, එන්නත් කරණයට වැය කර යුතු මුදල කිසිසේත් කළමනාකරණය කල නොහැකියි. අපට පුලුවන් බඩු මිලේ ඉහල යාම පාලනය කරන්නට. එය සාධාරණ මට්ටමක පවත්වාගෙන යන්නට. විරැකියාව හැකි තරම් අවම කිරීමටත් රජයක් වශයෙන් අප කටයුතු කරනවා.

නියමිත පාලන මිල ඉක්මවා වැඩි මිලකට සිල්ලර වෙළදාම සිදු කල හොත් ඒ අයට දරන්න වන දඩ මුදල පුද්ගලයන් වශයෙන් එසේ නැත්නම් සමාගම් ලෙස රුපියල් ලක්ෂයක් පමන වන ලෙස වැඩි කර තිබෙනවා. මෙය නැවත දෙවන වර සිදු කලහොත් ඒ අයට දෙලක්ෂයක දඩ මුදලක් සහ ඒ වගේම සිර දඩුවම් ලබා දීමටත් නියමිතයි.

නමුත් මෙය වල්ගයෙන් අල්ලා විසදිය යුතු ගැටලුවක් නොවෙයි. මෙය ඔලුවෙන්ම අල්ලා ගතයුතු දෙයක්. ඒ කියන්නේ මේ සඳහා තොග මිල පාලනයක් අවශ්‍යයි. නමුත් තොග මිල පාලනයක් ඇති කලහොත් තොග වෙළෙන්දොත් මහා මෝල් හිමියොත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සැගවීමට පියවර ගනිවී. ඒ තුලින් විශාල බඩු හිඟයක් ඇති විය හැකියි. තත්වය එසේ වුවහොත් බඩු මිල වැඩි වීමට වඩා රටේ භයානක තත්වයක් උත්ගත ‍වේවි. මෙවැනි අසීරු කාර්යකටයි අද ආණ්ඩුව මුහුන දී තිබෙන්නේ. මේ සඳහාත් සුදුසු සක්‍රීය වැඩ පිළිවෙලක් අප විසින් ක්‍රියාත්මක කල යුතුයි.

මේ නිසා රජයක් වශයෙන් අප ඉතා වගකීමෙන් කල හැකි කල නොහැකි දේවල් වල සීමාවන් අවබෝධ කර ගෙන මෙම දඬ මුදල් පිළිබඳ නීතිය වඩාක් සක්‍රීය කර යුතු යැයිද වාසුදේව නානායක්කාර මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් කියා සිටියේය.

– මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර

40,910 views

33 Comments to “රාජ්‍ය ආදායම අඩුවෙලා.. ඩොලර් හිදිලා.. මෙතරම් අසීරුවක් කිසිදා නෑ..- වාසු”

  1. Darshana Pera says:

    ආපු ගමන් ගොබ්බසේනයා වැට් ඇතුලු අනික් බදු කපල හැරලා රජයට එන්න තිබ්බ ආදායම් මාර්ග නැති කර ගත්තා. ඒකල්ල සියක් නගර අලංකරණය, සදුන් උයන්, ජිම් කට්ටල වගේ සොබන වියාපෘති වලට රුපියල් බිලියන ගනන් යට කරා. රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් ගෙන්න ගන්න තිබ්බ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එහෙම ගජ මිතුරන්ට ගෙන්නන්න දීල අධික ලාභ ලබා ගන්න අවස්ථාව දුන්න. සීනි බද්ද සත 25ට අඩු කරලා ගජ මිතුරන්ට සීනි වලින් විතරක් බිලියන 16 කට අධික ලාභයක් ලබා ගන්න ඉඩ හැරිය. මේ මහා භාණ්ඩාගාරයට එන්න තිබ්බ සල්ලි. තව නාවික හමුදාවෙන් කරගෙන ගිය ඩොලර් මිලියන ගානක ආදායමක් රජයට ගෙනත් දුන්න සමුද්‍ර ආරක්ශනය ගජ මිතුරු නිශ්ෂංක සේනාදිපතිට ලබා දුන්න. නිරොදායන මාෆියාව හරහා ගජ මිතුරන්ට රට විරුවන්ව හූරගෙනම කන්න ඉඩ හදල දුන්න. මේ විදිහට මහා භාන්ඩාගාරෙට එන්න තිබ්බ බිලියන ගනන් ධනය ගජ මිතුරො එක්ක බෙදාගෙන දැන් ජනතාවට කියනව කැප කිරීම් කරන්නලු.

    • lak says:

      මෙතන මහ බැංකු මන්කොල්ලේ ගැන කිසිම සඳහනක් නැහැනේ..අමතක උනාද?

      • Darshana Pera says:

        මතක් කරල දුන්නට ඉස්තූතියි, මහ බැන්කු හොරු සතියෙන් අල්ලනව කියල ආපු එකා අන්තිමට බදු ගෙවන් නැතුව තහනම් කරල තිබ්බ මෙන්ඩිස් කොම්පනියෙ අරක්කු බලපත්‍රෙත් තහනම අයින් කරලා දුන්නා. මහජන විරොදය ආවට පස්සෙ අයෙ රිවස් කරා.

  2. නාකි පිස්සා says:

    තෝ දැන්ද නින්දෙන් නැගිට්ටේ? -කයා

  3. එදා වේල හොයාගන්න මිනිස්සු says:

    තවම ගුරුවරු වර්ජනය කරගෙනම පඩි ගන්නවාද.
    ගන්න වා නම වහින වෙලාවට පාරෙ යන්න එපා අකුරු ඉගෙන ගත්ත නෙති කවුරු හරි මොනව හරි ඉල්ලයි

    • catseye says:

      eda wela hoyana aya dawasata aduma gane rupiyal 2000 k wath hoyanawa ……..eken edata kala arakku bila iwara karaganne nethiwa kiyak hari ithuru karaganna purudu weyalla……….arakku polime wedima denek oyalage eda wela sangamaye aya thamayi……….ganan balapan masekata kiyak hamba karanawada kiyala…….guruwarunta labenne itath adu gananak ……..un banku walata naya wela thama gewal hadagena thiyenne ……smurdiya aran eketh kala bila dawase adayamath kala bila e madiwata mase anthimata kiyak hari ganna unta wayira karanawa …ekath guruwarunta witharayi………..kiyahanko ara laksha ganan padi ganna unta ……..

  4. Felix says:

    Me Mihai, Rajithai Dennam Ekai. Mune Katawal Wahanna Kauruth Nethi Ekane Pudume. Nikam Mahajatahawage Mudal Walin Nadaththu Wemin, Kaka Bibi, Sepa Widmin, Mee Monawada Kiyanne… Mutna Pnesion Eka Thubanth, Man Hithanne Marenakam Mehema Thiyagena Indii Wage… Kisima Rak=hak nethe, Wed-Gammak Nethi Jeewithyak…. Ane Mahajanthawage Salli???

  5. Voter says:

    අර සැප ඩබල් කැබ් 62 වෙනුවට වෛද්‍යය උපකරණ ගෙන්න බැරි ඇයි?

  6. rata perata says:

    Aiyo Minster why don’t you talk about corruption . misuse of funds. you guys hinched govermentiont for what purpose. where is your socialist policies . this is nonsense if you can’t keep your policies and ethics as valued socialist politician. be brave. talk the truth and be a Man . rather looks like a hinchman of licking………

  7. LalithM says:

    හරිහැටි අධ්‍යාපනයක් නොලබපු අය රටට බොරු කියල බලය ගැනීමේ විපාකය තමා මේ අපි අත්විඳින්නේ. අනික හොර වියත්තු.

  8. namal says:

    ඔය ආදායම් බදු හොර කරන මග හරින උන්ගෙන් අය කරගන්න බැරිද?ඒවාට බයද?
    නිකන් පව් වගේ හිතෙනවද? කෙහෙම්මල් තොග මිල පාලනයක් කතා කොරනවා…කල යුතු දේ නොකර.

Main News