රාජ්‍ය ආයතනවල සභාපති, අධ්‍යක්‍ෂ මණ්ඩල සදහා දේශපාලන ගෝලයන් පිරවීම නවතයි.. ජනපතිගෙන් චක‍්‍රලේඛයක්..

November 22, 2018 at 11:15 pm | lanka C news
රාජ්‍ය ආයතනවල සභාපති, අධ්‍යක්‍ෂ මණ්ඩල සදහා දේශපාලන ගෝලයන් පිරවීම නවතයි.. ජනපතිගෙන් චක‍්‍රලේඛයක්..

රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතන වලට සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවල වුවද පුරප්පාඩු ඇත්නම් ඒවා අමාත්‍යංශයේ රාජ්‍ය නිලධාරී මට්ටමින් පත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් තිබේ.

ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් මගින් නැවත දැනුම්දෙන තුරු මෙම කටයුත්ත ඒ ආකාරයෙන් සිදු කරන ලෙස සියළු අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නියෝග කර ඇත.

ඒ ආකාරයට සිදුකරන ලද පත්වීම් සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා දන්වා ඇත.

එම ආයතන සඳහා දේශපාලන පක්ෂපාතිත්වය පිළිබඳව චෝදනා එල්ල නොවන ලෙස කටයුතු කළ යුතු යැයි චක‍්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වේ.

නව ආණ්ඩුව විසින් රජයේ ආයතන සඳහා අධ්‍යක්‍ෂ මණ්ඩල සහ සභාපතිවරුන් කඩිමුඩියේ පත් කරමින් සිටියදී ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද මෙම චක්‍රලේඛය විශේෂත්වයක් ගනී.

මේ අතර වාර්තා වන්නේ නව ආණ්ඩුව විසින් පත්කරන ලද කිහිපදෙනෙකු විවධ ආයතනල සභාපති ධූරයන් බාර ගැනීමට ගොස් මෙම චක්‍රලේඛය හේතුවෙන් ආපසු හැරී ගොස් ඇති බවයි.

14 views

8 Comments to “රාජ්‍ය ආයතනවල සභාපති, අධ්‍යක්‍ෂ මණ්ඩල සදහා දේශපාලන ගෝලයන් පිරවීම නවතයි.. ජනපතිගෙන් චක‍්‍රලේඛයක්..”

  1. Saman Patabareiya says:

    An Appointments depend on merits of skill and experiences of persons backgrounds.
    The Vision of country new era to be taken into account by President of Republic .
    Needed to created new democrtiac era also important by sustainability of Development is key road map of politics of Democracy must give priority .

  2. kolitha says:

    හු……හූ…..අැද්ද….

  3. sunil Aththanayaka says:

    Mona boruda ara ITN ekata somarathna disanayaka daalaa thiyenne ageta, anika eke mona aanduwa aawath horakam kara kara inna wijesinghe kiyana patta hora thaama inne yahathin, e kohomada ehema wenne

  4. Saman says:

    Mahinda kochchara hoda unath deshapalana path kireema athin ohu narakayi. A athin my3 gath mema theeranaya niwaradiyi

  5. ratawesiya says:

    AADARANEEYA CHANDADAYAKAYINI,

    WAYASA 70 IHALA SIYALUMA DENA WAHAMA PARLIAMENT EKEN IWATH KARAMU
    DESAPALANAYEN WISRAMA YAWAMU….70 WENA KAL HAMBA KALA, WALKAM KALA, BALUWED KALA, MAHAJANA MUDAL HORAKAM KALA HONDATOMA ETHI

  6. Sudath says:

    නාමල් බෙබිට රජයේ මුදල් දීල රිමාන්ඩ් එකෙත් ඉඳල දැනට ඇප පිට ඉන්න නාලක ගොඩහේවා කියන පල් හොරාට රක්ෂණ සංස්ථාව දුන්නෙ ඔය චක්‍රලේඛණයට අනුවමද ආයුබොවන්.

Main News