රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකිනීම ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගයයි..

May 1, 2018 at 8:02 am | lanka C news
රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකිනීම ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගයයි..

අදට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මෙරටද, එතෙරද වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකේය වැඩ කරන ජනතාව වෙත මාගේ සුභාශිංසන පිරිනැමීමට කැමැත්තෙමි.ලෝකවාසී වැඩ කරන ජනතාව ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් සිටින මේ දිනයේ, ලංකාවාසී වැඩකරන ජනතාව මුහුණ දී සිටින අභියෝග ගැන සිහිපත් කිරීම උචිත යැයි මම සිතමි.

අදමේ රටේ පාලන බලය හොබවන්නේ ලංකා ඉතිහාසයේ වැඩ කරන ජනතාවට එල්ලවු දරුණුතම ප්‍රහාරය වු අසූවේ ජුලි වර්ජකයින් 40,000 කට අධික ප්‍රමාණයක් එකවර රැකියාවෙන් නෙරපීම සිදුකළ දේශපාලන පක්‍ෂය ප්‍රමුඛ සභාග ආණ්ඩුවකි. එමනිසා වැඩකරන ජනතාව ඉදිරියේ අද ඇති උවදුර සුළුපටු නොවේ. වර්තමානයේ යලිත් වරක් රාජ්‍ය අංශය හකුලා දැමීමේ උත්සාහයන් ක්‍රියාත්මක වන අතර, පෞද්ගලික අංශය තුළද වැඩ කරන ජනතාව දිනෙන් දින අනාරක්ෂිත තත්වයට පත් වෙමින් සිටිනු දැක ගත හැකිය.රටේ ආර්ථිකය පරිහානියට පත්වීමද මෙයට හේතුවක් වී තිබේ.

බරපතලම කාරණය වන්නේ  ආර්ථිකය බිඳ වැටීම නිසා පොදුවේ සියලු දෙනාට ලැබෙන වැටුපෙන්  අවම පහසුකම් හෝ සපුරා ගත නොහැකි තත්වයක් උදා වී තිබීමය.වත්මන් ආණ්ඩුව බලයට පැමිණි විගස කළින් පැවති ආණ්ඩුව ගැන තිබූ වෛයරයත් ඊර්ෂ්‍යාවත් නිසා එතෙක් කරගෙන ආ ජාතික සංවර්ධන ක්‍රියාදාමය එකවර අතරමග අතහැර දැමීමේ තීරණයනිසා  මෙරට පෞද්ගලික අංශයේ ආදායම් මාර්ග අහිමි විය. ඒ අමනෝඥ ක්‍රියාව නිසා ඇති වූ ආර්ථික පසුබෑමෙන් මේ රට තවමත් ගොඩ ඇවිත් නැත. ඔවුන් විසින්ම ඇතිකරන ලද ආර්ථික ගැටළුවලට විසදුම ලෙස මේ ආණ්ඩුව දකින්නේ රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකිනීමය. මෙයට කිසිසේත්ම අපට එකඟ විය නොහැක. එයට අමතරව වෙනත් රටවල රැකියා වියුක්තිය  පිලිබද ගැටළු මෙරටදී විසදා ගැනීමට අවස්ථා නිර්මාණය කරන ගිවිසුම් වලට එළඹීමෙන් ස්වදේශික වෘත්තිකයින්ගේ රැකියා අවස්ථා අහිමි නොකරන ලෙසද වර්තමාන පාලකයින්ට සිහිපත් කල යුතුව තිබේ.

වර්තමාන රජය වරින් වර විවිධ බදු පැනවීම නිසාද වැඩකරන ජනතාවගේ ජීවන රටාවට තර්ජනයක් එල්ල වී ඇත.මහ පොළොව සමග ගැටී ස්වකීය ආදායම් මාර්ග නිර්මාණය කර ගන්නා ගොවි ජනතාව මුහුණ දෙමින් සිටින නොවිසදුනු ගැටළු සඳහා වහාම පිළියම් සෙවිය යුතුව ඇත. මේ තත්වයන්ට එරෙහිව හඬ නගන ජනතාවට එරෙහිව ආණ්ඩුවේ මර්දනය ක්‍රියාත්මක වෙන්නට පටන් ගෙන තිබේ.වර්තමාන සමාජ-ආර්ථික-දේශපාලන වට පිටාවන්ද සැලකිල්ලට ගෙන තම අයිතීන් රැක ගැනීමටනව ක්‍රියාමාර්ග තෝරා ගැනීමට මේ කම්කරු දිනයේ අදිටන් කර ගනිමු යැයි මම සමස්ත ශ්‍රී ලාංකේය වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

වැඩ කරන ජනතාවට ජය වේවා!

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති.

51 views

8 Comments to “රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකිනීම ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගයයි..”

  1. Sunil says:

    Hora mahindayo thone rata thoge amma appage budale kiyala hithagena vikke dan mokuth keruwe nethi sudana wage pampori gahanawa.

  2. කණියා says:

    තව මාස කිහිපයකින් ලංකාව ග්‍රීසිය මෙන් ආර්ථික ආගාදයකට යනු ඇත .
    එනම් ආණ්ඩුවට පමණක් ඇතිවන ප්‍රශනයක් නොවේ
    ජනතාවට කන්නට නැතිවන දවස අත ලඟයි බැංකුවල තිබෙන ඔබේ සියලුම මුදල් රජය විසින් ලබාගන්න දිනය අත ලඟයි .අවශ්‍ය බේත් හේත් නැතිව ලෙඩ්ඩු මැරෙන දිනය අත ලඟයි ,රාජ්‍ය ආයතන වැසි යන පුද්ගලික ආයතන වැසි යන දහස් ගණන් ජනතාවට රැකියා නැතිවන් දිනය අත ලඟයි .පාරේ එකතුවන කොල්ල කාරයන් මහා දවාලේ බේකරි සහ කෑම තිබෙන ස්ථාන කොල්ල කන නිවාස වලට පැන නිවාස කොල්ල කන දිනය අත ලඟයි .දිනකට මිලියන් ගණනාවක සල්ලි අච්චු ගසා ආණ්ඩුව කරන්න බෑඑදා ග්‍රීසිය කලෙත් ඔය දේමයි ග්‍රීසියේ සිදුවුයේ මා ලියා ඇති දේමයි .සුදානම් වන්න .කෑම සඟවා තබන්න ඔබේ මුදල් බැංකු වල තබන්න එපා ,නිවසේ මල්පෝච්චි වල හෝ රහසින් වගාවන් ආරම්භ කර පුරුදු වෙන්න

    • විග්ර says:

      මහින්දයි විමලුයි සත 5 කට වැඩක් නැති දේවල් වලට ගත්තු නය තමා ගෙවන්නේ.

  3. LION voice says:

    That is why &the main reason 99% of the nation [deshapremi janathawa] voted for Pohottuwa in FEB 10th 2018 for YOU to chase out this sakkili yamapalanaya. DO IT NOW, with public who voted on FEB 10th.

  4. Saradiel says:

    ශ්‍රී ලංකාවේ ණය බර වැඩි වී, රට දැන් ණය උගුලක හිරවෙලා. රට ණය උගුලක හිර කළේ සිරිසේන – රනිල් රජයයි. ඊට ප්‍රධාන වශයෙන් බැඳුම්කර සිද්ධිය බලපෑවා’

  5. gamarala says:

    2015 ජනවාරි 8 වෙනස තුළින් මේ රටේ ජනතාව සිරිසේන ජනාධිපති කළේත්, රනිල් අගමැති කළේත්, ඒ දෙන්නා මාාාාර මොළ දෙකක් හෝ සුපිරි වැඩකාරයන් දෙදෙනෙකු වන නිසා නො වේ. සරළව ම කියනවා නම්, මේ දෙන්නා වනාහි ගස් නැති රටෙන් අප සොයා ගත් තුත්තිරි ගස් දෙකක් පමණි.

    අරටුව ඇති ගස් ලෙස නව ජීවයක් ලබන්නට අපි ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නෙමු. එහෙත් කූඩැල්ලන් මෙට්ටයේ තබන්නට බැරි බව ඔවුන් විසින් ම ඔප්පු කර හමාර ය. දැන් සිදු වන්නේ එය නැවත නැවත ඔප්පු කිරීම පමණි.

  6. එතකොට මහත්තුරුනේ මහ බැංකුව හොරා කාපුවා…
    වාහන ගත්ත ඒවා…. හොර ගෑනු අරන් රට සවාරිගියපුවා… කොළඹ මහ නගර සබාවේ පළවෙනි සැසියට ගියපු ලකෂ පහලව…
    ඒවා ගෙවන්නෙ පොලිසියද?
    බෙල්ල මුලටම බදු ගහල හොර මගෝඩියෝ…
    අවුරුදු 3ක් ගෙවුනා සංවර්දනය කියල කරපු දෙයක් නෑ..
    අරූ හොරා.. මූ හොරා කිය කිය හොරා කාපු එක විතරයි කලේ..මේ වගේ කාලකන්නි ඉන්න රටක ජීවත් වෙන එකත් පවක්…

Main News