රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ වැටුප විශාල ලෙස පහත දැමේ.. ලක්‍ෂ 20ක් වූ ටෙලිකොම් සභාපති නව වැටුප ලක්‍ෂ දෙකහමාරයි..

December 11, 2019 at 1:20 pm | lanka C news
රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ වැටුප විශාල ලෙස පහත දැමේ.. ලක්‍ෂ 20ක් වූ ටෙලිකොම් සභාපති නව වැටුප ලක්‍ෂ දෙකහමාරයි..

රජය යටතේ පවතින සියලූ ආයතන සභාපතිවරුන් වෙනුවෙන් නව වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.

මෙතෙක් එම ධුරවලට ගෙවූ ඉහළ වැටුප් ප්‍රමාණය මෙම නව ක්‍රමය නිසා විශාල වශයෙන් පහත යනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.

මෙම ආයතන සඳහා පුද්ගලයන් පත්කිරීම මෙතෙක් කලක් දේශපාලන හිතවත්කම් මත සිදු වූ අතර එලෙස පත් වූ ඇතැමුන්ට ඉහල වැටුප් සහ දීමනා හිමිවිය.

එම ඉහල වැටුප් ලැබූ ආයතන ප්‍රධානීන්ගේ වැටුප් පවා පහළ දැමීමට ජනාධිපතිවරයා විසින් දැනටමත් පියවර ගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සභාපතිවරයාගේ වැටුප රුපියල් ලක්ෂ 20 සිට රුපියල් ලක්ෂ දෙකහමාර දක්වා පහත හෙලා තිබේ.

එමෙන්ම රජ්‍ය ආයතනවල ඉහළ තනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීමට තීරණය කර ඇත්තේ සුදුසුකම් සහිත පුද්ගලයන් පමණකි.

එම සුදුසුකම් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් ද පත්කර ඇති අතර කමිටුවේ නිර්දේශ මත දැනට ආයතන කිහිපයක පමණක් ප්‍රධානීන් පත්කර ඇත.

184 views

19 Comments to “රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ වැටුප විශාල ලෙස පහත දැමේ.. ලක්‍ෂ 20ක් වූ ටෙලිකොම් සභාපති නව වැටුප ලක්‍ෂ දෙකහමාරයි..”

  1. Nim says:

    ” APPAYA GE MALLI TA DUN
    SALLI APASU GANNA KRIYA
    KARAMU “

  2. දැයට හිතැති says:

    මෙන්න තවත් ඔත්තුවක්
    ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ අකාර්‍යක්ෂම ඉහළ නිලධාරින් රොත්තක් කොමිස් මුදල් යැහැමින් එකතුකරමින් විනාශ මුඛයට ආයතනය ගෙන යමින් ඇත සොයා බලන්න

  3. Armbepola says:

    Padiya 2y Itirya Matiyaaaaa ..
    Hondama Horek Wenna Athi

  4. Dalpadaadu says:

    laksha Deka Lewakannada ban ? …Nikan Line Man lath leakse ekahamaara hoyanawa Telecom eke

Main News