රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් 30ක් ඉවතට…

October 25, 2021 at 1:20 pm | lanka C news
රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් 30ක් ඉවතට…

රාජ්‍ය ආයතන 30ක පමණ ප්‍රධානීන් ඉවත්කොට නව ප්‍රධානීන් පත් කිරීමට රජය තීරණය කොට ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ළමාරක්ෂක අධිකාරිය, භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයක්ද මෙම ආයතන 30ට ඇතුළත්ය.

ඒ අතර බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය එම තනතුරින් ඉවත්කොට ළමාරක්ෂක අධිකාරියේ සභාපති ධුරයට පත් කිරීමට රජය සැලසුම් කර තිබිණි. එහෙත් රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය විජේතුංග මහත්මියගේ මාරුවට එරෙහිව ජනාධිපතිවරයාට කරුණු දැක්වීම නිසා එම මාරුව අවලංගු කර ඇතැයි වාර්තා වෙයි. දැනට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ධුරය දරන වෛද්‍ය නිහාල් ජයතිලක මහතාට අමාත්‍යංශ ලේකම් ධුරයක් පිරිනැමීමට නියමිත අතර ප්‍රමිති ආයතන සභාපති ධුරයට එරන්ද ගිනිගේ මහතා පත්කෙරෙනු ඇතැයි සඳහන්ය.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව තිබූ අධ්‍යක්ෂ ධුරය සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කළ ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත් කළේය.

පසුගියදා ජනාධිපතිතුමා විසින් ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් පදවියට නම්කරන ලද ආචාර්ය ජගත් වැල්ලවත්තගේ ඕස්ට්‍රේලියා පත්වීම අත්හිටුවා තිබේ. ඒ වෙනුවට ආචාර්ය වැල්ලවත්ත ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරීමට තීන්දු කර ඇත.

– deshaya

161,984 views

20 Comments to “රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් 30ක් ඉවතට…”

  1. 3% ට බය බයියා. says:

    ඔළුවේ අමාරුවට කොට්ට මාරු කරලා වැඩක් නැහැ .

  2. pissu poosa says:

    Very True!!!. Sack them all who does not perform.

  3. 69 MIN BAIYOO says:

    ඉස්සෙල්ලාම ඉවත් වෙන්න ඕනෙ මෑන්ස් එතනම ඉදගෙන මොනවද කරන මේ විහිළු?

  4. මිහිර says:

    පරිපාලන නිලධාරීන් කියන කණ්ඩායම නිසා තමයි ලංකාවට කෙලවෙලා තියෙන්නේ. මොකද නමට පරිපාලනය උනාට පරිපාලනය ගැන දැනීම බින්දුවයි. පියන් උනත් පරිපාලනය දන්නවා නම් උඩට එන්න ක්‍රමයක් නැති රටක් මේක. සමස්ථ රාජ්‍ය සේවයම ප්‍රතිව්‍යුහගත කල යුතුයි. කොම්පෝස්ට් කලා වගේ එක රැයින් කල යුතුයි නැතිනම් මුන් ස්ට්‍රයික්, හොර පාරෙන් උසස් වීම් ලබාගන්න දක්ෂයන් කණ්ඩායමක් තමයි ඔය පරිපාලන කරන විධායක ශ්‍රේණියේ නිලධාරින්

  5. මිලාන් says:

    ජනපතිතුමනි මෙන්න සුරංගනා කථාවක්, පරිපාලන ලොක්කෝ වටේ කැරකෙන කොරියා, ජපා. ඉන්දි, චූන් වාගේ අය අමාත්‍යාංශ වටල ඩොලර් ප්‍රොජෙක්ට කියලා රටම පාවා දෙනවා, තාක්ෂණය කියලා යමක් උනාද? වන්දනා ගමන් යන්න සහ කීයක් හරි අතට ගන්න විතරයි බලන්නේ. මේ දවස්වල මොල හෝදනවා, ගේම දෙන්නයි යන්නේ. කරමු ප්‍රොජේක්ට් එම රටට හිතැතිව තේමා පාඨයක් වෙලාද? කාට හරි හරියන ප්‍රොජෙකට් ලස්සනයි නේද? සුරංගනා කතාවක් විතරයි. ‌ලංකාවේ මෙහෙම වෙන්නේ නැහැ. ඇයිද කලබල

Main News