රාජ්‍ය ආයතන රැසක් කොටස් වෙලදපලේ විකුණන්න දමයි..

April 21, 2021 at 6:22 am | lanka C news
රාජ්‍ය ආයතන රැසක් කොටස් වෙලදපලේ විකුණන්න දමයි..

රාජ්‍ය සහ පුද්ගලික ව්‍යවසාය කිහිපයක කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා ආයෝජකයින්ට විකිණීමට සැලසුම් කර තිබෙන බවත් එම ව්‍යවසායන්ගෙන් කිහිපයක් ඒ වෙනුවෙන් වන අයදුම්පත් කොළඹ කොටස් වෙළෙඳපොළට මේ වනවිට ඉදිරිපත් කර තිබෙන බවත් අනාවරණය වේ.

පසුගිය කාලයේදී වරින් වර වාර්තා වුණේ පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා පුද්ගලික ආයෝජකයින් කැඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවයි.

අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන විධායක නිළධාරී, රජීව බණ්ඩාරනායක මහතා හෙළිදරව් කර තිබෙන්නේ රාජ්‍ය සහ පුද්ගලික ව්‍යවසායන් කිහිපයක් කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා කොටස් විකිණීමට මේ වනවිට ඉදිරිපත් වී සිටින බවයි.

54,599 views

18 Comments to “රාජ්‍ය ආයතන රැසක් කොටස් වෙලදපලේ විකුණන්න දමයි..”

  1. Saman says:

    වරාය නගරයේ
    මුස්ලිම් පල්ලි තහනම් කරන්න

    • Kalana says:

      චීන හදනවා විතරයි, අයිතිය උන්ට, අපිට වහ විකුණලා හම්බ කරන සල්ලි වලින් තමයි ඕක ගන්නේ.

  2. Unlimited Fun says:

    අද අප්‍රේල් 21.
    ඇයි මේ හැමතැනම කඵ කොඩි දාලා කියලා බැලුවා… පස්සේ ඇහැරුනාම තේරුනේ හීනයක් දැකලා කියලා

  3. 2015 මීහරකා says:

    අම්මෝ අැති යන්තම්, අපේ ගොම සමග මඩ වලට වැඩ තියෙන්නෙ. ලැගලා ඉඳලා එපාම වෙලා තියෙන්නෙ.

  4. SL says:

    රාජ්‍ය ආයතන පාඩු වෙන්නේ ඒවගේ උන් A4 කොලේ ඉඳල ගසන ගැසිල්ල හින්දයි , දේශපාලකයෝ රිංගවපු අධික සේවක ප්‍රමාණය හින්දයි,

    ලන්ගමේ පාඩු වෙන්නයි ,L .S .ගුණසේකරගේ බස් ලාභ ලබන්නයි බැහැනේ

  5. Susantha says:

    සනීපරක්ශක කම්කරුවටත් ලක්ෂ 2 ක පඩියක් ගෙවන වංචාව ඉහවහා ගිහින් තියෙන තෙල් සංස්ථාව මුලින්ම විකුනන්න.

  6. මාක්ස්වාදී ජෙප්පා says:

    ජෙප්පන්ගෙ මෑනියන්ලව ගෙනල්ලා පෝලිමේ තියල වල් බල්ලන්ට කියල පෝලිමේ දාන්න ඕන මේවට විරුද්ධ වෙන්න ආවොත්.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      ජෙප්පො විරුද්ධ වෙන්නෙ නෑ බන්.

      හම්බන්තොට වරාය ගෙඩිය පිටින් විකුණද්දි ජෙප්පො විරුද්ධ උනාද? නෑනේ.

      තිරිකුණාමල තෙල් ටැන්කි ටික ගෙඩිය පිටින් විකුණද්දි ජෙප්පො විරුද්ධ උනාද? නෑනේ.

      යහපාලන කාලේ, නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න මුල්ම ගිවිසුම ගහද්දි ජෙප්පො විරුද්ධ උනාද? නෑනේ.

      රටේ ඉඩම් වලින් 12%ක් අහු වෙන පටියක් ඇමෙරිකාවට අයිති වෙන ලෙස MCC ගිවිසුම ගහලා, සල්ලි වාරික දෙකක් ගන්න කන් ජෙප්පො විරුද්ධ වුනාද? නෑනේ

      උබේ සිතේ මවාගෙන ඉන්න ජෙප්පොයි, සැබෑ ජෙප්පොයි අතර තියෙන්නේ අහසට පොලොව මෙන් පරතරයක් සහෝදරයා.

  7. bandula says:

    kinly pivatized all un ecencial all (CTB/Railway/…

  8. as says:

    ඉතාමත් කාලෝචිතයි…

  9. saman says:

    යහපාලනය කලානම් මේක වැරදියි, දැන්නම් අවුලක් නෑ

    • SKF says:

      යහපාලන කාලේ, කොටස් වෙලදපොලට දාලා, ප්‍රසිද්ධියේ විකුණපු එක ආයතනයක් කියපන් බලන්න.

      වික්කමසින්හ දේපොල වෙලෙන්දෝ විකුණන තරමක් විකුණුවේ අත යට ගණුදෙනු වලට.

  10. Rahula Vithanage says:

    මුලින්ම CGR එක විකුනමු.
    .