රාජ්‍ය ආයතන විකුණනු.. ඉන්ධන-විදුලියට මිල සූත‍්‍රයක් සකසනු..- IMF රජයට දන්වයි..

March 4, 2017 at 12:00 pm | lanka C news
රාජ්‍ය ආයතන විකුණනු.. ඉන්ධන-විදුලියට මිල සූත‍්‍රයක් සකසනු..- IMF රජයට දන්වයි..

මෙරට විසින් ගෙවීමට ඇති ණය අඩුකර ගැනීම සදහා කටයුතු කරන ලෙස නිර්දේශ වාර්තාවක් ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇත.

මේ දිනවල දිවයිනට පැමිණ සිටින එම සංවිධානයේ නියෝජිතයින් විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ වාර්තාව අනුව වරාය ලංකා හොස්පිටල් හිල්ටන් හෝටලය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක්ම පුද්ගලීකරණය කරන්නැයි සදහන්ව ඇති බවද වාර්තා වෙයි.

ඉන්ධන හා විදුලියට මිල සූත‍්‍රයක් සකස් කිරීම සම්බන්ධයෙන්ද මුල්‍ය අරමුදල රජයට යෝජනා කර ඇත.

81 views