රාජ්‍ය ආයතන සේවක අර්ථසාධක බිලියන 15ක් ගෙවා නෑ.. වරාය, විදුලිය, ජලය, ඛනිජතෙල්, ගුවන්තොටුපොල ඵලදායිතාවය අන්නිමයි..- මුදල් අමාත්‍යංශ ලේකම්

March 16, 2017 at 1:30 pm | lanka C news
රාජ්‍ය ආයතන සේවක අර්ථසාධක බිලියන 15ක් ගෙවා නෑ.. වරාය, විදුලිය, ජලය, ඛනිජතෙල්, ගුවන්තොටුපොල ඵලදායිතාවය අන්නිමයි..- මුදල් අමාත්‍යංශ ලේකම්

2015 වසරේ දි රාජ්‍ය ආයතන විසින් සේවක අර්ථසාධක අරමුදලට ගෙවිය යුතු රුපියල් බිලියන 15 ක් මේ වනවිට ගෙවා නොමැති බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ප්‍රකාශ කල බව ඩේලි FT පුවත්පත වාර්තා කරයි.

එමෙන්ම ඊයේ අවබෝධතා ගිවිසුමක් මගින් අත්සන කලමාණාකරනය පෞද්ගලික සමාගම සමඟ හවුල ව්‍යායාපර බවත් පත්කොට රජයේ බැදිම් අවම කොට එවා සමාගම් බවට පත් කිරීමටත් ඒ තුලින් එම ආයතනයකන්වල ඵල දායිතාවය වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කල ආයතනය 5 කි. එනම් ශ්‍රීලංකා වරාය අධිකාරිය. ලංකා විදුලිබල මණ්ඩලය. ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව. ජාතික ජල සම්පාදනය හා ජලා ප්‍රවාහන මණ්ඩලය. සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමයි.

එම ආයතනයකන් 5 සම්බන්ධව අදහස් ප්‍රකාශ කල මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයා පැවසුවේ මෙම ආයතනයන් විශාල වශයෙන් සමස්ථ ඵලදායීතාවය අඩු වි ඇති බවයි.

එහෙත් පසුගිය සතියේදී වරාය හා නවුක අමාත්‍ය අර්ජුන රණතුංග අමාත්‍යවරයා පෑවසුවේ හම්බන්තොට වරාය ණය හා පොලියේ වාර්ෂික වාරික ගෙවිමෙන් පසුවත් වරාය අධිකාරිය රුපියල් බිලියන 11 කට ආසන්න මුදලක මෙහෙයුම් ලාබයක් ලැබු බවයි.

පසුගිය අයවැයේදි මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කලේ රජයට උපයාමාර්ග වශයෙන් වැදගත් නොවන ආයතනයම් පමණක් පෞද්ගලිකරනය කරන බවයි. ඒ අනුව ඒ අනුව රජයට අවශ්‍ය ඇමරිකානු ඩොලර් බිලියනයක් සොයා ගැනිම සඳහා කොල්ලුපිටියේ හයත් හෝටලය, ලංකා බැංකුව සතු ග්‍රැර්ඩ් ඔරියන්ට්ල් හෝටලය. කොළඹ හිල්ටන් හෝටලය, වෝටස් එජ් හෝටලය සහ ලංකා හොස්පිටල් කොටස් වෙළෙඳපොළ හරහා විකුණන බවයි.

එහෙත් මේ වනවිට ඊට අමතරව රටේ ජනතාව ඉතා වැදගත්වන ජලය විදුලිය වරාය. ගුවන්තොටුපොල සහ ඛනිජ තෙල් සම්බන්ධ ආයතනයන් අත්සන් කල අවබෝධතා ගිවිසුම සම්බන්ධව එම ගිවිසුම අත්සන් කිරීමට ගිය ශ්‍රිලනිප ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා. රංජිත් සියඹලාපිටිය, චන්දිම වීරක්කොඩි හෝ අර්ජුන රණතුංග මෙන්ම රවුෆ් හකීම් යන මහත්වරු ද නිසි අවබෝධයකින් තොරව එය අත්සන් කල වගක් එම අමාත්‍යවරුන් විසින් මෙම අවබෝධතා ගිවිසුම සම්බන්ධ අදහස් ප්‍රකාශ කිරිමේදී පැහැදිලිය.

19 views

2 Comments to “රාජ්‍ය ආයතන සේවක අර්ථසාධක බිලියන 15ක් ගෙවා නෑ.. වරාය, විදුලිය, ජලය, ඛනිජතෙල්, ගුවන්තොටුපොල ඵලදායිතාවය අන්නිමයි..- මුදල් අමාත්‍යංශ ලේකම්”

  1. Dickie Bird says:

    Had they paid that 15b……… Ranil/Mahendran sangamaya would have stolen more in March 2016 through the CB Bond magadiya.

    Okkoma Yahapalana kaiwaru.

  2. alaya says:

    මුන් මේ රටම සුද්දන්ට විකුනනවා…..මුන්ට මේක බිස්නස් එකක් විතරයි ….මුන් මේ කරන විනාශය අවුරුදු 1000 කින් වත් ආපසු හරවන්න බැරිවෙයි…..

Main News