රාජ්‍ය ඇමතිකම වැඩක් නෑ.. මට කැබිනට් ඇමතිකමක් ඕනෑ.. ජනාධිපති මට එය ලබා දිය යුතුයි..- පියසේන

May 4, 2018 at 1:20 pm | lanka C news
රාජ්‍ය ඇමතිකම වැඩක් නෑ.. මට කැබිනට් ඇමතිකමක්  ඕනෑ.. ජනාධිපති මට එය ලබා දිය යුතුයි..- පියසේන

තමනට රාජ්‍ය ඇමතිකමකින් වැඩක් නැති බවත් අවශ්‍ය කරන්නේ කැබිනට් ඇමති ධුරයක් බවත් රාජ්‍ය ඇමති පියසේන ගමගේ මහතා පවසයි.

ශ්‍රීලනිපයේ කැබිනට් ඇමති ධුරයක් හිමිවිය යුතු පළමුවැන්නා තමන් බවත් ශ‍්‍රීලනිප හය දෙනෙකු ඇමතිකම් අතහැරි නිසා තමනට එම ධුරයක් දිය හැකි බවත් ඔහු සදහන් කරයි.

තමන් රාජ්‍ය ඇමති ධුරයක් බාර ගත්තේ පළාත් පාලන මැතිවරණයට ශක්තියක් ගැනීමට වුවද ඉන් කිසිත් කරගත නොහැකි වූයේ යයිද ඔහු කියා සිටී.

කැබිනට් ඇමති ධුරයක් නොලැබෙන බව දන්නා නිසා දිවුරුම් දීමේ අවස්ථාවට නොපැමිණි බවත් ඔහු පවසයි.

තමන් ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් නිසා කැබිනට් ඇමති ධුරයක් තමනට ලබා දීමට ජනාධිපතිවරයා කල්පනා කළ යුතු යයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.

26 views

19 Comments to “රාජ්‍ය ඇමතිකම වැඩක් නෑ.. මට කැබිනට් ඇමතිකමක් ඕනෑ.. ජනාධිපති මට එය ලබා දිය යුතුයි..- පියසේන”

  1. SUNIMAL says:

    මුන්ට ඕනේ තමන්ගේ මඩිය තර කරගන්න මහජනතාවට සේවය ක‍රන්න නෙමේ කරුණාකර මුන්ට ගමට එන්න දෙන්න එපා චන්දය දීමෙන් මේ වසලයන්ට වලකින්න

  2. අනිවාර්යයෙන් කාලයක්ක නිකුත් හිටියේ හොදට හොරකම් කරලා ගොඩ යන්න පුලුවන් එකක් දියව්.

  3. ලෙඩා says:

    තොපිට ඔහොම වෙලා මදි. ලෙඩා මැරෙනකම් හිටියා ඇඳ ගන්න.

  4. manoj says:

    හිනිදුමට ගිහින් අහන්න කරපු වැඩ ගැන. හොරකන් හැමෝම කරනව. වෘත්තීය පුහුණු අමාත්‍යංශයට මතක හිටින වැඩක් කළේ මෙතුමා කියල තමයි, මෙතුමා ගැන දන්න අය කියන්නේ. කොහම උනත් වැඩ කරපු කෙනෙක් කියල තමයි ආරන්චිය. මෙය මගේ අදහසක් පමණයි……

    • Ajith says:

      ඒ කියන්නේ මු පහුගිය කාලෙම මොකවත් කරලා නෑ කියන එකනේ …! අපරාදේ සල්ලි මුන්ට වියදම් කරන…!
      මූමනේ කියන්නේ මු වැඩ කලේ නෑ කියල…

  5. Asaranaya says:

    තොට වුනා මදියි බොල !

  6. Ajith says:

    “තමන් රාජ්‍ය ඇමති ධුරයක් බාර ගත්තේ පළාත් පාලන මැතිවරණයට ශක්තියක් ගැනීමට වුවද ඉන් කිසිත් කරගත නොහැකි වූයේ යයිද ඔහු කියා සිටී.”
    ඒ කියන්නේ මු පහුගිය කාලෙම මොකවත් කරලා නෑ කියන එකනේ …! අපරාදේ සල්ලි මුන්ට වියදම් කරන…..ගෙදරම යවන්න ඕන මුන්ව ජනතා චන්දෙකදී…..

Main News