ඇමතිගේ දියණියට මගුලක් කතා කල කපුවා පොලිසි යයි.. මගුලට ජනපති-අගමැතිත් ඇවිත්..

October 12, 2021 at 9:20 am | lanka C news
ඇමතිගේ දියණියට මගුලක් කතා කල කපුවා පොලිසි යයි.. මගුලට ජනපති-අගමැතිත් ඇවිත්..

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ දියණියට සහකරුවකු සොයා දීමේ කපු ගාස්තුව නුදුන් බවට හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් බියගම පොලිසියට පැමිණිලි කර තිබේ.

දියණියට සහකරුවකු සොයා දෙන ලෙස කපු මහතාට දැනුම් දී ඇත්තේ රාජ්‍ය ඇමැතිවරයාගේ මාමණ්ඩිය ය. ඔහු කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කම්හලක තනතුරක් දරන අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත්තේ කපු මහතා කම්හලට ගෙන්වා ගනිමිනි. එම කටයුත්ත වෙනුවෙන් තමන්ට නිවසක් ලබා දෙන ලෙස කපු මහතා කළ ඉල්ලීමට ද මාමාණ්ඩිය එකඟතාව පළ කර ඇත. ඒ අනුව කපු මහතා ද මහත් පරිශ්‍රමයක් දරා සහකරුවකු සොය දී ඇති අතර වසරක පමණ ආශ්‍රයකින් පසුව දෙදෙනා ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ දී යුග දිවියට එළැඹ තිබේ.

යුග දිවියට එළැඹීම වෙනුවෙන් කොළඹ තරු හෝටලයක පැවැති උත්සවයට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද සහභාගි වී ඇත. එම උත්සවයට තමන්ට ආරාධනා නොකළ බව එම කපු මහතා පැවසීය.

උත්සවයෙන් පසු මාස කිහිපයක් ගත වුවද රාජ්‍ය ඇමැතිවරයාගේ මාමණ්ඩියගෙන් පොරොන්දු වූ ආකාරයට ගාස්තුව නොලැබුණු බවත් ඒ පිළිබඳ විමසීමෙන් පසු වරින් වර රුපියල් පන්දහස බැගින් රුපියල් තිස් දහසක් සිය ගිණුමට බැර කර තිබූ බවත් ඒ මහතා සඳහන් කළේය. දියණියට සහකරුවකු සොයා දුන්නේ තමන් බව රාජ්‍ය ඇමැතිවරයා නොදන්නවා ඇතැයි විශ්වාස කරන බවත් මාමාණ්ඩිය දුන් පොරොන්දුව ඉටු නොකිරීම නිසා තමන්ට තවදුරටත් කුලී නිවසක කල් ගෙවීමට සිදු වී ඇති බවත් හෙතෙම කියයි.

මේ පිළිබඳ පැමිණිලි කිරීම සඳහා තමන් පදිංචි ස්ථානයට අයත් හංවැල්ල පොලිස් ස්ථානයට ගිය බව ද එම පොලිසියේ උපදෙස් මත පැමිණිල්ල බියගම පොලිසියට ඉදිරිපත් කළ බවද කපු මහතා සඳහන් කළේය. CIB 2/229/51 අංකය යටතේ ඔහු පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඉකුත් 7 වැනිදාය.

– Aruna

220,023 views

27 Comments to “ඇමතිගේ දියණියට මගුලක් කතා කල කපුවා පොලිසි යයි.. මගුලට ජනපති-අගමැතිත් ඇවිත්..”

  1. පැන්ඩෝරා පේපර්ස් says:

    ඔන්න සජිත් වගේ කෙනෙකුට සහකාරියක් හොයලා දුන්නා නම් ගෙයක් ෂුවර්. බෛයි ආන්ඩුවෙන් නම් ඒව නෑ.

    • 3% ට බය බයියා says:

      😂 හිනස්සලා මරන්න එපා යකෝ. බූරු දෙනක් හොයලා දෙන්නද පුත්තලමෙන්?

      • පුත්තලම් පොහොට්ටු බලකාය says:

        අපේ ඇමතිල හොරකම් කරන්නෙ නෑ. ඒනිසා එයාල ගාව කපුවෙකුට දෙන්නවත් සල්ලි නෑ.

    • Simiyon says:

      සජිත්ට ඕනෙ සහකාරියො නෙමෙයි පුතා… හැඩිදැඩි කළු “දැඩිමුණ්ඩ” කෙනෙක්… ඩ්‍රයිවර් කෙනෙක් හැටියට තියාගනියි !!!

    • බිංකුණ්ඩා says:

      විහිළු නෙවෙයි. හිතපල්ලා අද රටේ දේවල් සිද්ධ වෙන විදිය. රාජ්‍ය ඇමතිගෙ මාමණ්ඩියාට පුළුවන් මිනිහෙකුට රජයේ වියදමින් ගෙයක් ලබා දෙන්න. ඔන්න තත්වෙ.

  2. 3% ට බය බයියා says:

    මේ වගේ දෙයක් අනුර සහෝයට දන්වන්න තිබුනෙ. එහෙනම් ඕක පාර්ලිමේන්තුවෙ ඇදලා අරගෙන ඇමතියගෙ රෙදි ගලවනව 😂. කොහෙද ඉස්සර වෙලා පොලිසියට කියලනෙ.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      ඇයි අනුරයා පොලිසියද? ඌද රටේ නීතිය? ගොබ්බ ජෙප්පන්ට ඌ වීරයෙක් උනාට කවුරුවත් ඌව ගොම්බෙට්ටක් තරම් වත් ගනන් ගන්නෙ නෑ.

    • ගෞම් ඊයාරාජ් says:

      3% ජෙපි හිගන බල්ලොන්ට අනුර කුමාර වීරයෙක් වුණාට රටේ මිනිස්සුන්ට නම් ඌ බල්ලෙක් දාපු ගූ බෙට්ටක් 😂😂😂😂😂

  3. Anuradha says:

    මුන්ට මොන මගුලකට සේවය කරන්න ගියාද දන්නේ නැද්ද මේ දේශපාලකයින් කියන්නේ මහා කපටි අමන කම්බ හොරු කියලා මුන් හදවතක් නැති නමට මනුෂ්‍යය කුලයේ ඉපදී ඇති තිරිසනුන්.

  4. Saji says:

    meka ganangatayutu ekek wenta bae. nikam korahapuwek.

  5. කැපුවත් පොහොට්ටුවට says:

    දැන් මේකටත් ජනාදිපතිතුමාද පලි?

  6. Kalu Albot says:

    Gaume Goo Raj monawaa keewath yako, thopita mehemawath kathaa koranna idak thiyenne Anura wage baya nathuwa kelin kathaa karana minissu hinda. Thopi maha Rajaage Goo walata aasa hindaa JVP ekata apahaasa koranawa.

  7. Kapuwa Kapoot says:

    Kapuwa kapothi kiyanne mewata thamai. Wade kerunata passe kawuruwath broker gaasthu gewanne natha. Modakamwalata beheth nahai kiyanneth mewata thamai!

  8. පැන්ඩෝරා පේපර්ස් says:

    ආරංචියේ හැටියට බොර්න් එගේන් වඩදිය භාදිය කැස්බෑවා. 🤣🤣🤣

  9. Jude says:

    Kapuwa Income Tax pay karalada? Kapuwa “Kapu Service” register Karalada? Nethnam “Kapuwa Kapoothi” if you try to punish big guys need to think twice otherwise you will pay the panelty either right or wrong doesn’t matter. That is Sri Lanka.

  10. HUKARIS says:

    KSPUWA KAPOTHI kiyanne, nikamda bola.

Main News