රාජ්‍ය ඇමතිලා එක පතේ කන්න බෑ කියයි.. වෙනම වැය ශීර්ෂයකින් මුදල් ඉල්ලයි..
October 28, 2016 at 8:40 am | lanka C news
2017 වසර සදහා වූ අයවැය මගින් තමනට වෙනම වැය ශීර්ෂයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටීමට ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරැන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.
කැබිනට් අමාත්‍යවරුන් සදහා අයවැයෙන් වෙනම වැය ශීර්ෂ ඔස්සේ මුදල් වෙන් වුවත් රාජ්‍ය අමාත්‍යවරුන් සදහා එසේ මුදල් වෙන් කිරීමක් සිදු නොවන නිසා මෙම ඉල්ලීම කිරීමට සැරසෙන බවද පැවසෙයි.
මේ සම්බන්ධයෙන් සාකච්චා වට කිහිපයක්ද රාජ්‍ය අමාත්‍යවරුන් කණ්ඩායමක් විසින් පවත්වා ඇති අතර ඒ අනුව වෙනම වැය ශීර්ෂයන් ඉල්ලමින් අයවැයට සමගාමීව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවද සදහන්ය.
As citizens we also should ask for our allocations