තවම තෝරාගෙන නෑ.. රාජ්‍ය ඇමති දිවුරුම කල්යයි..

November 25, 2019 at 8:40 am | lanka C news
තවම තෝරාගෙන නෑ.. රාජ්‍ය ඇමති දිවුරුම කල්යයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ රාජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම 27 වැනි දින දක්වා කල් ගොස් ඇත.

අද දිනයේ එම දිවුරුම් දීම සිදු කරන බවට සදහන් වුවද එය අනිද්දා දින දක්වා කල් දමා ඇත.

රාජ්‍ය ඇමතිවරුන් ලෙස පත් කරන පිරිස තෝරා ගැනීම වෙනුවෙන් තව දුරටත් කටයුතු සිදුවෙමින් පවතින නිසා මෙම ප‍්‍රමාදය සිදුවන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.

පසුගිය සතියේ කැබිනට් ඇමතිවරු 16 දෙනෙකු දිවුරුම් දුන් අතර ඔවුන්ගේ විෂයයන් ගැසට් කිරීමට අද හෝ හෙට දිනයේදී සිදු කරන බව වාර්තා වේ.

196 views

16 Comments to “තවම තෝරාගෙන නෑ.. රාජ්‍ය ඇමති දිවුරුම කල්යයි..”

  1. Daham says:

    President is under pressure to increase the number of state ministers to 20 and then appoint another 20 of deputy ministers to please everybody. people have to suffer by the appointment of various types of ministers to a caretaker government.

    • සිරා says:

      කියවන්නන්ව නොමග යවන්න එපා.මේක භාරකාර ආණ්ඩුවක් නොවේ සුළුතර ආණ්ඩුවක්.
      ඒ නිසා තමා බජට් එක පරාද වෙන්න ඉඩ තියෙන්නේ..

  2. දේශා says:

    “අනේ ටොයියනේ තොපටත් රජෙක් හිටියනේ , අනේ බයියනේ දැන් තොපටත් නව රජෙක් ඉන්නේ මොකදෑ කරන්නේ ” – මීට සිහි බුද්ධියෙන් අසන,දකින,හිතන,කරන ඔළුව තුල මොළයක් ඇති රටවැසියෝ ටික දෙනා

    • mohan says:

      මසුරන් කතාව.විපක්ෂයේ ඉන්න කොට දෙන පඩි ටෝක් බලය ගත්තට පසුව කරන්න බැහැ.

    • කිරිමෙල් says:

      තුන රැකගත්තු ටිකදෙනා?

    • Norata Eka says:

      අනුර ගේ set එක…🙃🙃🙃

      • ඇයි අවුල්ද says:

        සමහර බයියන්ටනම් සතියෙන් තේරෙන්න පටන් අරං.. ටොයියොයි ජේවිපි පොයියොයි කඳහරහා ඇනගත්තා,ඊලඟට බයියන්ගේ වාරය.

        • ලක්වැසියා says:

          මේ ඉන්නෙ අර නාගයෙක්ව කරේ දාන් යන්න හදල මුලදිම හොට බිම ඇනගත්තු බුද්ධිමත්තු ටික දෙනාගෙන් කෙනෙක් වෙන්න ඇති. 🐍🐍😷😷🐍🐍🤒🤒🐍🐍😓😓

    • ලක්වැසියා says:

      උඹල උස්සගෙන ගිය වෙන්ඩ රජානම් මුලදිම පෙනේත් පුප්පල ගානකුත් කඩාගෙන නාම යෝජනාත් නොදී මාරුවෙලා ගියා නේ. 🐍🐍 🤑 🤑 💰💰💰 💸💸💲💲💲💵 💵 🐍🐍

  3. රජින්ද says:

    මාස තුනක් බලාගෙන ඉන්න බැරි අපතයෝ ටිකක් ඉන්නේ. ජනතාවෙනි ඔබලාට ලැබෙන පළමු අවස්ථාවෙන්ම මේ සියළුම පහත් දේශපාලුවන් පන්නා දමන්න. මොවුන් පාර්ලිමේන්තුවට යැවූ පව ඉතිරි මාස 3ත් ගෙවා දමා සුදුස්සන් පාර්ලිමේන්තු යවමු. තවද මෙවර පොහොට්ටුවෙන් සුදුසු අපේක්‍ෂකයින්ට නාමයෝජනා නොදුන්නොත් විකල්ප පක්‍ෂ නියෝජනය කරන වෙනත් වෘතීයවෙදීන්ට එම ජන්ද කැඩී යන්නට නියමිත බව අවධාරණය කර සිටිමු.

  4. mohan says:

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යවරු වශයෙන් අලුත් මුහුණු ඉදිරිපත් කරන්න. ඇමති තනතුරුවලට පොරකන්නේ එම තනතුරුවල සිටි ඒවායේ රස දන්නෝය. එම නිසා මේ ගැනත් සිතා බලන්න. තරුණ කණ්ඩායමක් සමග වැඩකිරීමට ඔබට හැකියාව පවතී. සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් ඔබතුමාට විශ්වාසවන්තයින් පත්කරගෙන රට ඉදිරියට ගෙන යන්න. විශේෂයෙන්ම ජනමාධ්‍ය සඳහා නම් අත්‍යවශ්‍යයි. හමුදා සේවයේ සිට විශ්‍රාම ගිය අයවලුන් ඕනෑතරම් සිටියි. එසේ කළහොත් ඔවුන් මාර්ගයෙන් එම අමාත්‍යාංශවල කටයුතු දිනපතාම ඔබතුමාට අධීක්ෂණය කළ හැකිව තිබේ. සෑම ලේකම්වරයකුටම ” target” එකක් දෙන්න. බොරු කාරයින්ව එලවා දමන්න. ඔබගේ ප්‍රතිපත්තියේ සඳහන් සියල්ල අකුරට ඉටුකළහොත් ලංකාව කෙලින් සිටුවීමට ඉතාම පහසුයි. මේ තරම් කාලයක් දේශපාලකයන් කරමින් සිටියේ වැනෙන දේශපාලනයකි. එය නැවත දැමීමට කාලය එළඹ ඇත. එයට සුදුස්සාද ජනතාව පත්කර ඇත

  5. mohan says:

    අවුරුදු ගානක් ජන්දය දුන්නා මිසක් මේ රටේ මිනිස්සුන්ට හිතුනේ නැහැ නේද මේ පවතින දේශපාලන ක්‍රමය නිසා කොයි වගේ පිරිසක්ද පාර්ලිමේන්තුවට යැව්වේ කියලා. මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීන්, ඇමතිවරු පත්කරන මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ලෙහෙසි නැහැ. නමුත් එය කිරීමේ පරම බලය අවසාන වශයෙන් මේ රටේ ජනතාවට තව මාස තුනකින් ලැබෙනවා. එතැනදී මේ පහත් දේශපාලන මඩ වලෙන් ගොඩ එන්න බලමු. මොවුන් සියලුමදෙනා රට-ජාතිය-ආගම ගැන මොන තරම් දේවල් කීවද ඔවුන්ගේ යටිසිත දුවන්නේ වරප්‍රසාද පස්සෙන්. ඒ නිසා මෙවර බහුතර ආණ්ඩුවකට ජනවරමක් ලබා දී පවතින මැතිවරණ ක්‍රමයම වෙනස් කිරීමට දායක වෙමු. විශේෂයෙන්ම ජනාධිපතිවරණෙන් පසු ජනාධිපතිවරයාට අගමැති සහ ඇමති මණ්ඩලය පත් කරගෙන මේ රට සරල ක්‍රමයකට මෙහෙයවන වැඩපිළිවෙලක් ඉල්ලා සිටිමු

  6. mohan says:

    ඉන්දියාවේ කෝටි 133ක ජනගහනයට කැබිනට් ඇමතිවරු ඉන්නේ අගමැතිත් ඇතුළුව 40 යි. ඒ කියන්නේ කෝටි තුනහමාරක ජනගහනයකට, වෙනත් විදිහකට කියනවා නම් මුළු ලංකාවේම ජනගහනය වගේ එකහමාර ගුණයකට, ඉන්නේ එක අැමැතිවරයායි. ඒ අනුපාතයට ගත්තොත් අපේ රටට ඇමතිවරු තුන්කාලක් හොඳටම ඇති. ඒ වුණාට ඉන්න අයත් එකෙක් වගේ පෙනුණාට කාලක්වත් නැති අය හින්දා තුන්දෙනෙක් දාගෙන අගේට රට දුවන්න පුළුවන්.

    • Politics says:

      Dear Mohan ,

      This is not sharing work between the citizens.
      If it is so your argument is correct. The work load to be monitored is more or less similar when you take as a country.

  7. Upul says:

    This is the same kind of wine going into a new bottle. Started with a big show of 15-16 member cabinet and now it is going to increase slowly by deceiving the public. This is the same old boomerang striking again.

Main News