රාජ්‍ය ඇමති නිරෝෂන්ට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගෙන් පදක්කමක්..
March 11, 2019 at 12:40 pm | lanka C news
2017 වර්ෂයේදී රුසියානු සමුහාණ්ඩුව විසින් සංවිධානය කල “19 වන ජාත්‍යන්තර තරුණ සහ ශිෂ්‍ය උත්සවය ” සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දීම වෙනුවෙන් කැපවී කටයුතු කල ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වෙත රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ අත්සනින් යුතු පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රදානයක් සිදු කිරීමට රුසියානු රජය තීරණය කර තිබේ.
කොළඹ පිහිටි රුසියානු මධ්‍යස්ථානයේදී අදාළ පදක්කම් හා ඩිප්ලෝමා ප්රදානය සිදු කිරීමට නියමිතය.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා අත්සනින් යුතු පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රධානයක් ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙක් වෙනුවෙන් ලබා දෙන පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මතේරි (Yuri Materiy) මහතාගේ සුරතින් පදක්කම් හා ඩිප්ලෝමා ප්රදානය සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දුමින්ද දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරුන් වෙනුවෙන් ද මෙහිදී පදක්කම් හා ඩිප්ලෝමා ප්රදානය සිදු කිරීමට නියමිතය.
2017 වර්ෂයේ රුසියානු සමුහාණ්ඩුවේ මොස්කව් නගරයේ පැවති “19 වන ජාත්‍යන්තර තරුණ සහ ශිෂ්‍ය උත්සවය” සඳහා රටවල් 47ක් නියෝජිතයන් සහභාගී විය.
– මාධ්‍ය ඒකකය
Is it a Padakkama or Padikkama?
He used to live in USA for more than 25 years and he is a US citizen. I don’t think he has his dual citizenship from Sri Lanka. However, he is a UNP parliament member now.