රාජ්‍ය ඇමති රංග බණ්ඩාර රාජ්‍ය නිලධාරීන්ට බැණ වදී.. රාජ්‍ය නිලධාරීන් විරෝධයේ..

July 21, 2018 at 2:10 pm | lanka C news
රාජ්‍ය ඇමති රංග බණ්ඩාර රාජ්‍ය නිලධාරීන්ට බැණ වදී.. රාජ්‍ය නිලධාරීන් විරෝධයේ..

වන සංරක්ෂණ නිලධාරීන්ට ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු වලදි රාජ්‍ය ඇමති පාලිත රංගේ බංඩාර මහතා විසින් අපහාසාත්මක ආකාරයෙන් ඇමතීම හේතුවෙන් ඉදිරියේදී දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බව පුත්තලම දිසා වන නිලධාරි වන සංරක්ෂක ජනරාල් වරයාට ලිපි මගින් දන්වා තිබේ.

පුත්තලම දිසා වන නිලධාරී ඩි.එම්.බි.එම් .බංඩාර මහතාගේ අත්සනින් යුතු මෙම ලිපිය නියෝජ්‍ය ජනරාල්වරයා වෙත යොමු කර තිබේ .

එම ලිපියේ වැඩි දුරටත් දක්වා ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ වසර ගණනාවක් තිස්සේ රජයේ රක්ෂීත හා වෙනත් වනාන්තර ඉඩම් වල අනවසරයෙන් පදිංචිව සිටින හා ඒවාට සම්බන්ධව නිත්‍යානුකූල හිමිකම් නොමැතිව පදිංචිකරුවන් සම්බන්ධ ඉඩම් ගැටළු විසදීමට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කරමින් පවතින බවයි.

එසේම එම ලිපියේ තව දුරටත් සඳහන් කර ඇත්තේ දිසා වන නිලධාරී ලෙස මාගේ රාජකාරි මට්ටමින් හා අඩවි වන නිලධාරීන් ඇතුළු අනෙකුත් කේෂත්‍ර නිලධාරීන්ගේ මට්ටම් වලින් සිදු කළ යුතු කේෂත්‍ර පරික්ෂණ සිදුකර අදාල ඉඩම් සම්බන්ධව සියලුම වාර්තා ප්‍රධාන කාර්යාලයට යොමු කර ඒ සම්බන්ධව ප්‍රධාන කාර්යාලය හා අමාත්‍යංශය මේ වන විට කටයුතු කරමින් තිබියදි රාජ්‍ය ඇමති වරයා එම සිද්ධීන් මුල් කරගනිමින් තව දුරටත් නිලධාරීන් හිතා මතා ප්‍රමාද කරන බවට චෝදනා එල්ල කරමින් ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු වලදි අනිකුත් නිලධාරීන් හා සහභාගි වි සිටින පිරිස් ඉදිරියේ අපහාසාත්මක අයුරින් බැන වදින බව ලිපියේ සඳහන් කර තිබේ.

මෙසේ රාජ්‍ය ඇමති වරයා විසින් තම නිලධාරීන්ට මෙසේ අපහාසාත්මක අයුරින් බැණ වැදුන ආසන්නම සිද්දිය ලෙස නවගත්තේගම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව බවද සදහන් කරන දිසා වන නිලධාරීවරයා එදින මෙම කමිටුව සඳහා ආණමඩුව අඩවි වන නිලධාරී ඩබ්ලියු .ඩි. විමලසිරි හා නවගත්තේගම බිට්ටු වන නිලධාරී අයි.ජී. සි.අරුණ කුමාර යන නිලධාරීන් සහභාගිවි ඇති බවත් එහිදි රාජ්‍ය ඇමති වරයා විසින් මෙම නිලධාරීන්ට අපහාසාත්මක සහ තර්ජනාත්මක අයුරින් පවසා ඇත්තේ කේෂත්‍ර පරික්ෂණ සඳහා යාමේදි ප්‍රදේශවාසින් පහර කෑමට ලක් කරන බවටත් වනාන්තර ඉඩම් නිදහස් නොකරන්නේ නම් මින් පසුව කමිටු සඳහා සහභාගි නොවන ලෙසටද තර්ජනය කළ බව එම නිලධාරින් තමන්ට වාර්ථා කර ඇති බව දිසා වන නිලධාරි වරයාගේ ලිපියේ සඳහන් වෙයි.

– lankadeepa

28 views

2 Comments to “රාජ්‍ය ඇමති රංග බණ්ඩාර රාජ්‍ය නිලධාරීන්ට බැණ වදී.. රාජ්‍ය නිලධාරීන් විරෝධයේ..”

  1. මූ ද කලවැද්දා වගෙම තවත් වන සතෙකි.

  2. මුන් හිතනවා මු පොලීසියේ හිටපු කාලේ අහිංසක මිනිස්සුන්ට ගහලා හිරිහැර කලාම ඉවසුවා වගේ මූට වඩා උගත්කමක් ඇති නිළධාරින් මුට බයවෙයි කියලා. වෙන හොඳ රැකියාවක් හොයාගන්න බැරිකමට තමා කොස්තාපල් තනතුරට කෙනෙක් යන්නේ. ඒකෙන් අදහස් කරන්නේ නෑ ඒ තනතුර නරක එකක් කියලා.තනතුරට පත්වෙන පුද්ගලයා අනුව තමා ඒකේ ගරැත්වය රැකෙන්නේ.ඒ කාලේ පොලිස් කොස්තාපල් කෙනෙක්ට ලැබුනේ සොච්චම් වැටුපක්.ඒකෙන් යන්තම් ජීවිතය ගැටගහගන්න පුළුවන් උනා.එහෙම හිටපු කෙනෙක් අවුරැදු ගනනකින් කෝටිපතියෙක් වෙලානම් ඒකේ මොනවා හරි දෙයක් තියෙන්නම ඕනෑ.තුන්වෙනියට ගත්ත බිරිඳට තියෙන මුදල්වලින් හැමදේම වහගන්න බෑ.මිනිස්සුන්ට බොරැකරන්න බෑ මිනිස්සු හැමදේම දන්නවා.හැමෝටම හොරා කියන එකා තමයි නීළ හොරා.තමන්ට ඡන්දය දුන් මිනිස්සුන්ට අම්මා මතක් කරලා තිත්ත කුණුහරැපෙන් බනින,ගෑණු තුන් දෙනෙක් බැඳපු,තමන්ගේ දරැවව පාලනය කරගන්න බැරි එකෙක්ගෙන් පොඩි ළමයින්ට ගතහැකි ආදර්ශය කුමක්දැයි දෙමාපියන් හොඳින් තේරැම් ගන්නවානම් ආයේ වතාවක් මුන්ගේ බයිල කථා අහන්න මුන් ළඟට දරැවො යවන්නේ නෑ.තමන්ට යන එන මං නැතිව හිඟන්නෙක් වගේ හිටිය කාලේ රටේ උත්තරීතර යැයි කියන ස්ථානයකට යන්න මගපාදලා ගොඩදාපු තමන්ගේ නායකයට ගරහපු කලගුණ නොදත් මේ වගේ උන්ව ලබන ඡන්දෙදී එලවලම දාන්න ඕනෑමයි.ඡනතාව ඒක අනිවාර්‍යෙන්ම ඉටුකරනවා නොඅනුමානයි.

Main News