කලකිරුණු රාජ්‍ය ඇමති සුජීව හිටපු ජනපති මහින්ද හමුවේ..
May 14, 2017 at 2:10 pm | lanka C news
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ පිළිබද රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ඊයේ රාත්රියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී තිබේ.
රාජපක්ෂ මහතාගේ බාල නැගණියගේ මරණයෙන් පසු පැවති හත් දින බණ සදහා පැමිණි සුජීව සේනසිංහ මහතා හිටපු ජනාධිපතිවරයා සමග ඉතා සුහදශීලිව අදහස් හුවමාරු කර ගත්තේය.
රාජ්‍ය ඇමතිවරයා එම නිවසෙන් පිටත්ව ගියේ බොහෝ වේලාවක් රැදී සිටීමෙන් පසුවයි.